ගාමිණී දිසානායක ඡන්ම දිනය සැමරෙයි දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද (20) දා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි. 20 March 2018
රන්වැලි මහා සෑ රදුන්ගේ සුදුහුණු පිරියම් කරති පොසොන් උත්සව වෙනුවෙන් වාර්ෂිකව රුවන්වැලි මහා සෑයේ සුදු හුණු පිරියම් කිරිම මේ වන විට චාරිත්රව සිදු වෙමින් පවතී. 20 March 2018
සරසවි කටයුතු අරඹන්නැයි සිසුහු වීදී බසිති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල අකර්මන්‍යව ඇති බව පවසමින් විශ්ව විද්‍යාල කටයුතු කඩිනම්න් යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලා සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු අද (19 ) දහවල් පඹහින්න මංසන්දියේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ. 19 March 2018
ජාතික පුවත්පත් මුද්‍රණ විශිෂ්ටතා සම්මානය විජය පුවත්පත් සමාගමට ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පවත්වන 2018 ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික පුවත්පත් සඳහා වන ජාතික සම්මානය විජය පුවත්පත් සමාගමට හිමි විය. 19 March 2018
මහනුවර කලහයට එරෙහිව පැරිසියේ විරෝධයක් මහනුවර දී කලහකාරී සිද්ධියට විරෝධය පළ කරමින් සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් සියලු දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් විය යුතු යැයි කියමින් පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අයිෆල් කුලුන අසල දී විරෝධතාවක් පැවැත්වූහ. 18 March 2018
නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය. 18 March 2018
මාවුස්සාකැලේ ජලාශයේ අපද්‍රව්‍ය ඉවත් කරයි ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරිම සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සාකැලේ ජලාශයට ප්‍රදේශවාසින් හා අවට වතුකම්කරුවන් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කිරිමේ කටයුත්තක් අද (18) සිදු කැරිණි. 18 March 2018
පොලිසිය බලා සිටියදී නීති බිඳ දමමින් ගිය වාහන පෙළපාලියක් කල්පිටිය නගරයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේ පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ, යතුරු පැදි හා වාහන පෙලපාළියක් පැවැත්විණි. හිස් ආවරණ රහිත යතුරු පැදිකරුවන් මෙන්ම, යතුරු පැදි මත නැගී විවිධ ඉරියව් නිරූපණය කරන්නන් ද විය. 17 March 2018
විනාශයට පත් ගොඩනැඟිලි හදන්න ශ්‍රමදානයක් නොසන්සුන්තාව හේතුවෙන් විනාශයට පත් මහනුවර දිගන නගරයේ සියලුම ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරීමේ මූලික ශ්‍රමදානයක් මහා සංඝරත්නය, ශ්‍රී ලංකා යුද හමුදාව හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය. 17 March 2018
නොරොච්චෝලේ අළු විධිමත් කළමණාකරණයකට නොරෝච්චෝලය ලක් විජය බලාගාරයේ ගල් අඟුරු දුමාරය සහ ගල් අගුරු පිළිස්සි ඉතිරි වන අළු හේතුවෙන් හා අනිකුත් පරිසර හානි අවම කිරිම සදහා විවිධ ක්‍රම වේදයන් ඔස්සේ 2018 වසර වනවිට සියයට 95 කින් හානි අවම කිරිමට සියලු කටයුතු අරඹා ඇති බව නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසිය. 17 March 2018
දයාසිරි-ගෝඨා සාකච්ඡාව 2020 ගැනද? මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව දේශපාලනයේ මේ දිනවල යන කතාබහකි. 16 March 2018
බීජිං විශ්ව විද්‍යාලයෙන් බන්දුලට දර්ශනශූරි උපාධියක් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන් දර්ශනශුරී උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්වවිද්‍යාලයේ උපකුළපති මහචාර්ය ජිය වෙන්ජියන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 16 March 2018
අනධ්‍යන සේවක ගැටලු වහා විසඳන්නැයි සිසු උද්ඝෝෂණ සරසවි අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල අකර්මණ්‍ය කර සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකර ගැටළු විසඳීමට රජයට මැදිහත් වන ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුහු අද (16) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ. 16 March 2018
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෝ උද්ඝෝෂණයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉල්ලීම් නවයක් ලබා දෙන ලෙස බල කරමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මුල් කරගෙන අද (13) අනධ්‍යයන සේවකයන් විසින් ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. 13 March 2018
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමේ ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 08 ක් අඩි 01 අද (12) දහවල් 12 වන විට විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කළාප වාරිමාර්ග අධ්යක්ෂ එස්.කේ හේවගේ මහතා පවසයි. 12 March 2018
අගමැති මහනුවර විනාශ වූ දේපල නිරීක්ෂණ චාරිකාවක මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය තුල ඇති වූ කලහකාරි සිද්ධීන් හේතුවෙන් විනාශයට පත් දේපල නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ( 10) මහනුවරට පැමිණියේය. 10 March 2018
එක කාචයකින් එකම රාමුවකට ජාතිවාදී ගැටුම් වැළක්වීමට නීතිය වහා ක්‍රියාත්මක කරනු යන සටන් පාඨය මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී අද සවස පැවැත්විණි. සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ආගමික නායකයෝද විවිධ වෘතිකයෝ හා කලාකරුවෝද එම අවස්ථාවට පැමිණ සිටියහ. 09 March 2018
ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට ස්වාමීන්වහන්සේලා පල්ලියට වැඩම කරති මහනුවර ඇතිවූ කළබලාරී සිදුවීම්වලීන් පසු ඉස්ලාම් බැතිමතුන්ගේ සිකුරාදා දේව මෙහෙය පැවැති අද දිනයේ ප්‍රදේශ කිහිපයකම බෞද්ධ හිමිවරුන් ස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට පල්ලිවලට වැඩම කර සිටියහ. 09 March 2018
‘ගම්පහ රෝහල අනාරක්ෂිතයි‘ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය විරෝධතාවක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි විදුලි සෝපානය කඩා වැටීම නිසා ඇති වු තත්ත්වය හේතුවෙන් රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර කිරීමට නොහැකි බව 09 March 2018
මහනුවර පාලුවට ගිහින් පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද (08) පෙරවරු 10ට ඉවත් කර තිබුණද අද දිනය පුරා මහනුවර නගරය පාලු ස්වභාවයක් ගත්තේය. 08 March 2018
ලෝක වකුගඩු දිනය සමරයි ලෝක වකුගඩු දින සැමරීම වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක් අද (08) කොළඹ 07 නව නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්විය. 08 March 2018
කාන්තා දිනය සමරමින් පාගමනක් අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ නම් සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල සිට මහජන පුස්තකාලය දක්වා පාගමනක් පැවැත්වීය. 08 March 2018
දරණාගම කුසලධම්ම හිමියෝ දැයෙන් සමුගනිති කොළඹ 07 - ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති , බෞද්ධයා රූපවාහිනීයේ සහ බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ, දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (8) පස්වරුවේදී කොළඹ නිදහස් චතුරශ්‍රයේ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. 08 March 2018
මහනුවර ගැටුමට එරෙහිව ‘පුරවැසියෝ‘ විදී බසිති මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති ගැටුමට විරෝධය දක්වමින් සියලුම ජාතිවාදී මැදිහත්වීම් පරාජය කරන ලෙස ‘ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය‘ කළ උද්ඝෝෂණයක් අද (8) පස්වරුවේ දී කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්විණි. 08 March 2018
නීතිය හා සාමය ඇමැතිට සංඝරත්නයේ ආශිර්වාදය නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරතවීම සදහා කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණියේය. 08 March 2018
කාන්තා දිනය නිමිත්තෙන් පා ගමනක් ’’විදෙස් වහල් ශ්‍රම කොල්ලයට ස්ත්‍රීන් බිළිදීම නවත්වනු ’’ මැයෙන් අද (08) දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන 08 March 2018
දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහයට අවසන් ගෞරව කොළඹ 07 සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත්වී වදාල දරණාගම කුසලධම්ම හිමියන් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (07) දිවයිනේ සෑම පළාතකින්ම ජනතාව පැමිණ සිටියේය. 07 March 2018
විශ්ව විද්‍යාලීය වෘත්ති සමිති කමිටුව විරෝධතා පාගමනක වැටුප් විෂමතා ඉවත් කිරිම ,දේශපාලනය සීමා කිරිම සහ දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ දී අද (6) විරෝධතා පාගමනක සංවිධානය කැරිණි. 06 March 2018
කරුවලගස්වැවට ජලය බවසුර් වලින් බෙදාහරී වසර දෙකක පමණ කාලයක් නියඟයෙන් පීඩාවට පත්ව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය 06 March 2018
දඹුල්ලේ එළවළු අලින්ගේ ආහාරයට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. 05 March 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026