IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නීතිය හා සාමය ඇමැතිට සංඝරත්නයේ ආශිර්වාදය

(ළහිරු හර්ෂණ)


නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරතවීම සදහා කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණියේය.

කොළඹ නවකොරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ඇතුළු සංඝරත්නය ආශීර්වාද පිරිත් සජ්ජායනය කිරීමෙන් අනතුරුව ගංගාරාම විහාරාධිකාරී ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන් සධාතුක කරඩුව හිස මත තබා ආශිර්වාද එක්කළහ.

ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය වරයා සදහන්කර සිටියේ සියලුම ජාතීන් අතර සමගිය ආරක්ෂාකර සියලුදෙනාට සමගි සම්පන්නව ජීවත්විමට හැකි රටක් බවට ලංකාව පත්කිරීමට තමා කටයුතු කරන බවත්, මෙවැනි අර්බුදකාරී තත්වයක් යටතේත් තමා කෙරෙහි විශ්වාසය තබා මෙම අමාත්‍යංශය බාරදීම පිළිබඳව ජනාධිපති තුමාටත් අගමැති තුමාටත් ස්තූතිය පිරිනමන බවයි.

වැදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ පසුගිය වසර ගණනාවක සිට මෙම රටේ නොයෙක්දෙනා මේ අටේ ජාතිවාදය වැපුරූ නිසා එහි  ප්‍රථිපලයක් විදියට ඉතා සුළු සිද්ධියක් මේ තරම් දුරගොස් ඇතිබවත් අවරුදු තිහක් ජිවිත දස දහස් ගණනක් නැති වුණා., අපි ඒවා පාඩමට අරන් මේ තත්වය සාමය කරන්න කටයුතු කරමු යයිද ඒ මහතා පැවසිය.



අදහස් (4)

නීතිය හා සාමය ඇමැතිට සංඝරත්නයේ ආශිර්වාදය

V.warnakulasuriya Thursday, 08 March 2018 08:49 AM

පට්ට හොරු සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට පැමිණි මෙතුමාට හිටපු හොරුන්ගෙත්, වර්තමාන හොරුන්ගෙත් ආශීර්වාදය හිමිවෙනවා ඇත.

:       92       485

sads Thursday, 08 March 2018 10:29 AM

මෛත්‍රිපාලගේ තවත් අනුවණ තීරණයක්..

:       0       9

upali Thursday, 08 March 2018 12:50 PM

ඔබව පත්කළේ ජාතීන් අතර සමගිය ඇතිකරවා, බොහෝ දේවල් කිරීමටයි..

:       3       0

ranjith Thursday, 08 March 2018 01:34 PM

එක්සත් ජාතික පක්ෂයට ජනතා විස්වාසය නැතුවම යන තත්වයක් උදාවෙමින් තියෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 40 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site