ශ්රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පවත්වන 2018 ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික පුවත්පත් සඳහා වන ජාතික සම්මානය විජය පුවත්පත් සමාගමට හිමි විය.
මෙම සම්මාන උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
සිංගප්පූර්වේ සයිබර් සමාගමේ සභාපති හර්බර් සොන් මහතා විසින් එම සම්මානය විජය පුවත්පත් සමාගමට පිරිනමනු ලැබීය. අතිරේක කළමනාකරු (මුද්‍රණ) ඒ එම් සේනානායක, තත්ත්ව සහතික විධායක අනුෂ්කා වීරවර්ධන, ක්‍රියාවලි සංවර්ධන විධායක නෙලුක පරණවිතාන, නිෂ්පාදන සැලසුම්කරණ හා විශ්ලේෂණ විධායක කෝලිය ජයසිංහ, මුද්‍රණ කළමනාකාර ඩී එන් ගුණරත්න මහත්ම මහත්මීන් එම සම්මානය ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි .....................ආඩම්බරයි..................
ජය ශ්‍රී අපගේ සුබපැතුම්.!