IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පොලිසිය බලා සිටියදී නීති බිඳ දමමින් ගිය වාහන පෙළපාලියක්

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)


කල්පිටිය නගරයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේ පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ, යතුරු පැදි හා වාහන පෙලපාළියක් පැවැත්විණි. හිස් ආවරණ රහිත යතුරු පැදිකරුවන් මෙන්ම, යතුරු පැදි මත නැගී විවිධ ඉරියව් නිරූපණය කරන්නන් ද විය.


ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයට,  මුල් ගල් තැඹීම සදහා,පැමිණි ජාතික ප්‍රතිපත්ති හා  ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝශන පෙරේරා මහතා පිළිගැනීමට හා සුභ පැතීමට මෙම පෙළපාලිය සංවිධානය කර තිබූ බැව් ප්‍රදේශයේ ජනතාව පවසයි.


මේ පිළිබදව කල්පිටිය පොලිසියෙන්  කළ විමසීමේදී, එවැනි පෙළපාලියකට පොලිසියෙන් අවසර ලබාදී නැති බවත්, හදිසි නීතිය ද ක්‍රියාත්මකවන පසුබිමක මෙවැනි පෙළපාලි පැවැත්වීම නීතිවිරෝධී බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.




අදහස් (15)

පොලිසිය බලා සිටියදී නීති බිඳ දමමින් ගිය වාහන පෙළපාලියක්

nimal Saturday, 17 March 2018 03:40 PM

බලය ලග නමන නීතිය....

:       0       24

Ranjan Saturday, 17 March 2018 04:20 PM

ඉතින් මොනවද පොලිසිය කලේ නිකම් බලාගෙන හිටිය මිසක් නීතිය ක්‍රියාත්මක කලාද නැහැ, හේතුව ?

:       0       24

Raveendra Saturday, 17 March 2018 04:55 PM

බැලුවම පාට විතරයි වෙනසකට තියෙන්නේ. අම්බරුවෝ ඔක්කොම එකම මඩුවේ ලැගල ඉන්නේ.

:       0       29

Indhika Saturday, 17 March 2018 05:39 PM

දැන් ඔය හෙල්මට් නැතිව යන්නේ මුස්ලිම් මනුස්සයෝද?

:       44       113

Sunil Saturday, 17 March 2018 06:02 PM

මේ නීතියක් ඇති රටක්ද? සුදු ඉර කැපීම විතරක් පොලිසියට අදාළ වේ.

:       0       6

abaran Saturday, 17 March 2018 10:02 PM

කල්පිටිය තියෙන්නේ ලංකාවේද කියන එක මට ෂුවර් නැහැ...

:       0       11

Perakum Sunday, 18 March 2018 12:01 AM

දේසපාලුවන් ඉදිරියේ පොලීසිය බලු වන හැටි...? වෙන උදාහරණ කුමටද...? පොලිස් කොමිසම කියල එකකුත් තියනවා නේද.?

:       0       211

jayasiri Sunday, 18 March 2018 01:47 AM

නිතිය කෝ?

:       0       22

Rasi Sunday, 18 March 2018 02:51 AM

ඔන්න ඕක තමයි වෙනස් වෙන්න ඕන. පසුගිය දවස් වල Australia වේ අගමැති, තමන්ගේ නිවසේ පිටුපස ආරක්ෂක උපකරණ නොමැතිව තම මෝටර් බෝට්ටුව තල්ලු කර වරදට දඩ කැ අතර අප රටේ නිතිය ක්‍රියාත්මක කිරීමේදී, ජාති, පක්ෂ හා දේශපාලන බලය ආදී කාරණා මත සිදු කරයි. මේවා සිදුවන විට, පෙර මෙන් නොව මිනිසුන් නොයෙකුත් ක්‍රම වේද තුලින් මේවා සමාජය තුල පතුරුවා හරියි. රජය ඉන් පසු සමාජ ජාලා තහනම් කර මේවා විසදීමට යයි. සමහර විට රාජ්‍ය නායකයා මේවා පත්තරෙන් දැක මම අනිත් අය මෙන් මට බලය නැති කියමින් ඔහුගේ දුක අපට කියයි.

:       0       81

Uditha Sunday, 18 March 2018 05:04 AM

කෙලින් වැඩ කරන්න ඔක්කොටම කලින් හොද කොන්දක් තියෙන්න ඕන... කශේරුකාව පන නැති උනොත් වැඩක් නැහැ.

:       0       6

Bamunuarachchi Sunday, 18 March 2018 05:49 AM

ඉගෙන ගත යුතු පාඩම මෙයයි. නීති කැඩීමේදී තනි තනිව නොව බුරුතු පිටින් එකතුවී කඩන්න. මෙරට හදන්න බැරි තරමට කාබාසිනියා වෙලා කියලා අපි කියන්නේ ඔන්න ඕකනිසයි.

:       0       35

sharowana Sunday, 18 March 2018 05:57 AM

මහනුවරදීත් පොලිසීය බලා සිටියා නේද?

:       0       64

nalin Sunday, 18 March 2018 09:20 AM

මිනිස්සුනේ කලබල වෙන්න එපා. කෑ ගහන්න එපා.

:       0       0

himal Sunday, 18 March 2018 02:22 PM

මේ වැඩේ පැහැදිලිවම වැරදියි. ඒත් මෙන්න මේවාත් මතක් කර ගමු. පසුගිය රජය කාලේ ඇහැලියගොඩ පැත්තේ සිටි පක්ෂ මාරු කළ දේශපාලකයෙක්, හෙල්මට් නැතිව මෝටර් සයිකලේ ගිය තම ආධාරකරුවෙක් පොලීසියෙන් ඇල්ලූ විට, පොලීසියට ගොස් යකා නැ‍ටුවා. එදත් අදත් ලංකාවේ සුපිරි යැයි කියාගත් ඉස්කෝල්වල බිග් මැච් පැරේඩ් කියා යන සයිකල් පෙළපාලිවලත් යන්නේ හෙල්මට් නැතිව... පොලිසියෙන් අල්ලන්නේ නෑ. සමහර මුස්ලිම් අය හෙල්මට් නැතිව යනවා. අල්ලන්නේ නෑ. ලංකාවේ කැම්පස් ළමයි හෙල්මට් නැතිව ඒ අවට යනවා. ඒත් අල්ලන්නේ නෑ. හෙල්මට් තියෙන්නේ ඔලුව ‍රැක ගන්න. ඉතින් ඔලුව නැත්නම් කරන්න දෙයක් නෑනේ.

:       15       2

asoka Thursday, 29 March 2018 05:41 AM

අසරණ වෙලා වගේ බලන් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 393 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 111 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site