ජාතිවාදී ගැටුම් වැළක්වීමට නීතිය වහා ක්‍රියාත්මක කරනු යන සටන් පාඨය මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී අද සවස පැවැත්විණි. සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ආගමික නායකයෝද විවිධ වෘතිකයෝ හා කලාකරුවෝද එම අවස්ථාවට පැමිණ සිටියහ.
එම අවස්ථාවට පැමිණ සිටි ඉස්ලාම් ආගමික මව්ලව්වරයකු, භික්ෂූන් වහන්සේ නමක් සමගින් ‘සෙල්ෆි‘ ඡායාරූපයක් ගත් අයුරු ලංකාදීප කැමරා කාචයේ සටන්වූයේ මෙසේය.
ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු කළත් හොද වැඩේට හොදයි කියන්න ඕනා. මෙය සංවිධානය කළ සැමට අනේක වාරයක් ස්තුති වේවා.
උතුම්
සියලු දෙනාට සතුටින් ජිවත් විය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ ජවිපෙට පමණක් බවට කදිම නිදසුනක්. අපේ රටේ බහුතරයක් ජනතාව කවදා මේ ටික තේරුම් ගනීවිද?
මේ පළමු ඡායාරුපය ලොව පුරා ප්‍රචාරය කරන්න. සුළු පිරිසකගේ නොමිනිස්කම් බහුතරයක් ජනතාව පිළිකුල් කරන බව ලොවට පෙන්නා දෙන්න මේ අනගි ඡායාරුපය ඉවහල් කර ගනිමු.
මියන්මාරයට සිදුන දෙය දැක්කා නේද ආගම භේද නිසා අහිංසක ජනතාවට සිදුවී ඇති දෙය මෙහෙම සැමදෙනාම එකතු සිටින ජායාරුපය රටට ලෝකයට ලොකු පණිවිඩයක් දී තිබෙනවා ජය වේවා. ලීල්
සියලුම ජාතින් එකමත් වී මේ කාලකන්නි ජාතිවාදී ගින්න නිවා දමමු!
දෙපැත්තේම ජාතිවාදීන් විනාශ කළ පල්ලි, පන්සල් සියල්ල සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එකතු වෙලා ප්‍රතිසංස්කරණය කරලා ලෝකයට පෙන්නමු ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කවුද කියලා...? විනාශය ආශිර්වාදයක් කරගනිමු.
ජාතිවාදය වපුරන්නේ සිංහල මිනිස්සු නෙමෙයි. සම්පූර්ණයෙන් සිංහල ජන සමාජයෙන් ඈත් වෙන්නේ කවුද? මේ අය එළිපිට යුද්ධ කරන්නේ නැතිවුණාට පැහැදිලිවම ඉලක්කයකට යන බව කාටත් පැහැදිලියි. මේවා තමයි සිංහල ජන සමාජය තුළ සහ එකිනෙකා අතර වෙන්වීම් වලට හේතු.
ප්‍රතිපත්තියක්, නිවැරදි දැක්මක් නැති පාලකයන්ගේ එකම අවිය තමා ජාතිවාදය . මිනිස්සු මොකක් හරි දෙයක් මත බෙදල විරසක කරන එක. ජාතිය, ආගම කුලය වගේ. දැන්වත් අපේ බහුතරයක් සාමන්‍ය මිනිස්සු මේක තේරුම් ගත්තොත් හොදයි.
රට අස්ථාවර කරන්නද මේ ජවිපෙ සහෝදරවරු ආයෙත් හදන්නේ? ඊලඟ ඡන්දයෙන් ඔයාලට ඇපත් නැති වෙයි.
ජවිපය මෙම ක්‍රියාවට හිස නමා ආචාර කරනවා.
සිහලුනේ - මුස්ලිම් ප්‍රජාව සමග වෛර බැඳගෙන පලක් නැහැ. වැරැද්ද අපේ අතේමයි.
අනේ හාමුදුරුවනේ අවදානම හරිහැටි තේරුණ නිසාද ඔය එකට වාඩිවෙලා ඉන්නේ? මට පෙනෙන්නේ අවදානම තේරුම් අරගෙන නැති බවයි.
මීටපස්සේ ඔක්කොම කට්ටිය නමට ඉස්සෙල්ලා අල් මෝහමඩ් කෑල්ල දාගන්න... සියලු වරප්‍රසාද හිමිවෙයි. මීට අල් මෝහමඩ් පාරා. ලස්සනයිද? නියමයිද?
හාමුදුරුවෝ නොඉන්න තැනක් නම් නැහැ ..
බොහොම හොඳයි.. එක රටක් එක සමාජයක්... රට ඉදිරියට ගෙන යමු.
කරුණාකර මට කියන්න... මුස්ලිම් මිනිස්සු අනිත් අය සමග සහයෝගයෙන් ඉන්න එක රටක්... මුස්ලිම් බලය තියෙන රටවල අනිත් ආගම් වලට දක්වන සැලකිල්ල දන්නේ ඒ රටවලට ගිය අය පමණි.