IMG-LOGO

එක කාචයකින් එකම රාමුවකට

ජාතිවාදී ගැටුම් වැළක්වීමට නීතිය වහා ක්‍රියාත්මක කරනු යන සටන් පාඨය මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී අද සවස පැවැත්විණි.  සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ආගමික නායකයෝද  විවිධ වෘතිකයෝ හා කලාකරුවෝද එම අවස්ථාවට පැමිණ සිටියහ.

එම අවස්ථාවට පැමිණ සිටි ඉස්ලාම් ආගමික මව්ලව්වරයකු, භික්ෂූන් වහන්සේ නමක් සමගින් ‘සෙල්ෆි‘ ඡායාරූපයක් ගත් අයුරු ලංකාදීප කැමරා කාචයේ සටන්වූයේ මෙසේය.

ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා 

 



අදහස් (21)

එක කාචයකින් එකම රාමුවකට

Aluthgama A. Samathasena. Friday, 09 March 2018 03:21 PM

කව්රු කළත් හොද වැඩේට හොදයි කියන්න ඕනා. මෙය සංවිධානය කළ සැමට අනේක වාරයක් ස්තුති වේවා.

:       383       2667

sampath Friday, 09 March 2018 06:26 PM

උතුම්

:       2       371

rasaSaturday, 10 March 2018 03:40 AM

හැමදාමත් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවත් එක්ක ඉන්නවා. හැබැයි ජනතාව ඡන්දේදි ජවිපෙ එකත් එක්ක එකතු වෙන්නේ නැත්තේ රටේ තියෙන අවාසනාවකටයි.

:       783       1032

saman kTuesday, 13 March 2018 06:51 AM

එකට කෑවට බොක්ක වෙනස්නේ...එකයි !

:       0       36

Vajira Friday, 09 March 2018 06:40 PM

සියලු දෙනාට සතුටින් ජිවත් විය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ ජවිපෙට පමණක් බවට කදිම නිදසුනක්. අපේ රටේ බහුතරයක් ජනතාව කවදා මේ ටික තේරුම් ගනීවිද?

:       1456       2503

Sanath Friday, 09 March 2018 06:55 PM

මේ පළමු ඡායාරුපය ලොව පුරා ප්‍රචාරය කරන්න. සුළු පිරිසකගේ නොමිනිස්කම් බහුතරයක් ජනතාව පිළිකුල් කරන බව ලොවට පෙන්නා දෙන්න මේ අනගි ඡායාරුපය ඉවහල් කර ගනිමු.

:       170       1564

leel gunawarena Friday, 09 March 2018 07:49 PM

මියන්මාරයට සිදුන දෙය දැක්කා නේද ආගම භේද නිසා අහිංසක ජනතාවට සිදුවී ඇති දෙය මෙහෙම සැමදෙනාම එකතු සිටින ජායාරුපය රටට ලෝකයට ලොකු පණිවිඩයක් දී තිබෙනවා ජය වේවා. ලීල්

:       3       51

Ajith Nissanka Saturday, 10 March 2018 02:16 AM

සියලුම ජාතින් එකමත් වී මේ කාලකන්නි ජාතිවාදී ගින්න නිවා දමමු!

:       22       117

Sidath S Saturday, 10 March 2018 03:18 AM

දෙපැත්තේම ජාතිවාදීන් විනාශ කළ පල්ලි, පන්සල් සියල්ල සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එකතු වෙලා ප්‍රතිසංස්කරණය කරලා ලෝකයට පෙන්නමු ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කවුද කියලා...? විනාශය ආශිර්වාදයක් කරගනිමු.

:       9       250

HafeelSaturday, 10 March 2018 10:45 AM

තරහ වෙන්න එපා. හොඳ යෝජනාවක්... නමුත් කොහෙද පන්සල් විනාශකරලා තියෙන්නේ?

:       703       380

BamunuarachchiSaturday, 10 March 2018 01:34 PM

පන්සල් ගැන නොවෙයි... කතාව අපේ දරුවන්ට අපි ඉතිරිකරන සම්පත් ඔබලාගේ ළමයි භුක්ති විඳින එකත් අපිට විශාල ප්‍රශ්නයක්....

:       340       452

hira Saturday, 10 March 2018 03:29 AM

ජාතිවාදය වපුරන්නේ සිංහල මිනිස්සු නෙමෙයි. සම්පූර්ණයෙන් සිංහල ජන සමාජයෙන් ඈත් වෙන්නේ කවුද? මේ අය එළිපිට යුද්ධ කරන්නේ නැතිවුණාට පැහැදිලිවම ඉලක්කයකට යන බව කාටත් පැහැදිලියි. මේවා තමයි සිංහල ජන සමාජය තුළ සහ එකිනෙකා අතර වෙන්වීම් වලට හේතු.

:       778       737

sachith Saturday, 10 March 2018 04:00 AM

ප්‍රතිපත්තියක්, නිවැරදි දැක්මක් නැති පාලකයන්ගේ එකම අවිය තමා ජාතිවාදය . මිනිස්සු මොකක් හරි දෙයක් මත බෙදල විරසක කරන එක. ජාතිය, ආගම කුලය වගේ. දැන්වත් අපේ බහුතරයක් සාමන්‍ය මිනිස්සු මේක තේරුම් ගත්තොත් හොදයි.

:       7       207

කාන්චන Saturday, 10 March 2018 06:57 AM

රට අස්ථාවර කරන්නද මේ ජවිපෙ සහෝදරවරු ආයෙත් හදන්නේ? ඊලඟ ඡන්දයෙන් ඔයාලට ඇපත් නැති වෙයි.

:       1544       288

Muhan Saturday, 10 March 2018 10:13 AM

ජවිපය මෙම ක්‍රියාවට හිස නමා ආචාර කරනවා.

:       305       152

Ruchi Saturday, 10 March 2018 11:44 AM

සිහලුනේ - මුස්ලිම් ප්‍රජාව සමග වෛර බැඳගෙන පලක් නැහැ. වැරැද්ද අපේ අතේමයි.

:       0       130

Bamunuarachchi Saturday, 10 March 2018 12:43 PM

අනේ හාමුදුරුවනේ අවදානම හරිහැටි තේරුණ නිසාද ඔය එකට වාඩිවෙලා ඉන්නේ? මට පෙනෙන්නේ අවදානම තේරුම් අරගෙන නැති බවයි.

:       323       346

PA - RA Sunday, 11 March 2018 02:20 PM

මීටපස්සේ ඔක්කොම කට්ටිය නමට ඉස්සෙල්ලා අල් මෝහමඩ් කෑල්ල දාගන්න... සියලු වරප්‍රසාද හිමිවෙයි. මීට අල් මෝහමඩ් පාරා. ලස්සනයිද? නියමයිද?

:       394       12

Chanak Los angeles Tuesday, 13 March 2018 01:14 AM

හාමුදුරුවෝ නොඉන්න තැනක් නම් නැහැ ..

:       0       0

Aslam Wednesday, 14 March 2018 11:24 AM

බොහොම හොඳයි.. එක රටක් එක සමාජයක්... රට ඉදිරියට ගෙන යමු.

:       0       0

Ranjith Wednesday, 14 March 2018 12:41 PM

කරුණාකර මට කියන්න... මුස්ලිම් මිනිස්සු අනිත් අය සමග සහයෝගයෙන් ඉන්න එක රටක්... මුස්ලිම් බලය තියෙන රටවල අනිත් ආගම් වලට දක්වන සැලකිල්ල දන්නේ ඒ රටවලට ගිය අය පමණි.

:       67       253

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 360 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site