IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


‘ගම්පහ රෝහල අනාරක්ෂිතයි‘ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය විරෝධතාවක

 

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි  විදුලි සෝපානය කඩා වැටීම නිසා ඇති වු තත්ත්වය හේතුවෙන් රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය  නිසා රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර කිරීමට නොහැකි බව පවසා වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රෝහල්කාර්ය මණ්ඩලය අද (9) පෙරවරුවේ සිට  වැඩ වර්ජනයක් ආරම්භ කොට ඇත.

රෝහලෙහි විදුලිය නිතර නිතර බිද වැටීම, ජෙනරේටරය  නිසි  ලෙස ක්‍රියාත්මක නොවීම් මෙන්ම විදුලි සෝපානය නිතර අක්‍රීයවීම වැනි තත්ත්වයක් පැවතියද , පුද්ගලයෙකු මිය යන තුරු මේ වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබා නොදීමට එරෙහිව විරෝධය පළ කරමින් සහ රෝගීන්ගේ හා කාර්ය මණ්ඩලයෙහි ජීවිත ආරක්ෂාව පතා කඩිනම් විසදුමක්  ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු මෙම වර්ජනය ආරම්භ කර ඇත.



අදහස් (13)

‘ගම්පහ රෝහල අනාරක්ෂිතයි‘ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය විරෝධතාවක

dilip Friday, 09 March 2018 08:15 AM

ඕව ප්‍රශ්නද අලුත් අමතිලට වාහන ටික දෙනකල් පොඩ්ඩක් ඉවසන්න බැරිද?

:       1       394

sam Friday, 09 March 2018 08:15 AM

අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ, වැඩ නොකර ඉන්න මොකක් හරි හේතුවක් හොයන අයට ලිෆ්ට් එක කඩා වැටුණ එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නේද ??

:       638       206

අවආදර්ශ නොවන්න Friday, 09 March 2018 08:30 AM

"රෝහලෙහි විදුලිය නිතර නිතර බිද වැටීම, ජෙනරේටරය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම්" වලට ගම්පහ රෝහල පරිපාලනය වගවිය යුතුය.

:       1       232

KANDEPOLA Friday, 09 March 2018 08:32 AM

ඇමතිට කාර් ගන්න කෝටි ගණන් සල්ලි තිබ්බට ඕවා හදන්න ප්‍රතිපාදන නැත.

:       1       285

nalin Friday, 09 March 2018 09:11 AM

රෝහලේ සෝපානය කඩා වැටුනේ නැත. වුනේ එක නැවතිලා බහිනකොට වැටිලා අනතුර වුන එකයි. වැඩ නොකර ඉන්න නම් හේතු ඕනෑතරම් හොයාගන්න පුළුවන්.

:       2       112

kasun Friday, 09 March 2018 09:29 AM

ඔතනින්ම පේනවනේ වෛද්‍යවරු දෙවිවරු කියලා හිතා ගෙන හිටියට රෝගියෙක් සුව කරන්න අනෙකුත් සේවාවන්ද අවශ්‍ය බව.

:       57       215

samithaSaturday, 10 March 2018 12:55 AM

සහතික ඇත්ත කතාව.

:       0       0

lalithsjm Friday, 09 March 2018 10:25 AM

අනාරක්ෂිත බව දෙන ගන්න කව්රු හරි මැරෙන්නම ඕනද ?? දැන් රෝහල විතරක් නොවේ වර්ජනය නිසා රෝගීන්ගේ ජීවිත පවා අනාරක්ෂිතයි. පරිපාලනයේ නොහැකියාව වහන්න රෝගී ජීවිත බිලි ගන්න එපා.

:       7       68

jayantha Friday, 09 March 2018 10:28 AM

ඔය ලිෆ්ට් එක වගේද අපේ ඇමතිලා යන වාහන ටික හොඳට තියෙන්න ඕන.

:       0       18

Chathura Friday, 09 March 2018 11:16 AM

ඇයි එක්කෙනෙක් මැරෙනකම් හිටියේ

:       27       111

chris Saturday, 10 March 2018 08:31 AM

සෝපානය කඩාවැටිලා? ලංකාවේ වෙන්න බැහැ. ෂුවර් එකට එංගලන්තේ. ඒ වගේ බාල බඩු කොහෙද මෙහෙ. කොමිසමක් දාල බලන්න.

:       10       66

ජනිත් Sunday, 11 March 2018 01:24 AM

ලසිත් ඔපරේෂන් එකක් කර කර ඉන්නකොට විදුලිය විසන්දි උනොත් මොකද කරන්නේ? අදහස් පළකරන්න කලින් දෙපාරක් සිතන්න

:       0       0

janatha anura Monday, 12 March 2018 03:34 AM

සෝපානය කඩ වැටුනේ නැත සිදු උනේ විදුලිය නහිටීම නිසා සෝපානය මහල් දෙකක අතර නැවතීම සහ ආරක්ෂක ක්‍රම අනුගමනය නොකර දොරවල් විවිර්ත කර මගීන් ඉවතට ගැනීමට දරු උත්සාහයෙන් එක අයකු සෝපාන ගමන මග තුලට අද වැටීමය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site