( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි විදුලි සෝපානය කඩා වැටීම නිසා ඇති වු තත්ත්වය හේතුවෙන් රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර කිරීමට නොහැකි බව පවසා වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රෝහල්කාර්ය මණ්ඩලය අද (9) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කොට ඇත.
රෝහලෙහි විදුලිය නිතර නිතර බිද වැටීම, ජෙනරේටරය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම් මෙන්ම විදුලි සෝපානය නිතර අක්‍රීයවීම වැනි තත්ත්වයක් පැවතියද , පුද්ගලයෙකු මිය යන තුරු මේ වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබා නොදීමට එරෙහිව විරෝධය පළ කරමින් සහ රෝගීන්ගේ හා කාර්ය මණ්ඩලයෙහි ජීවිත ආරක්ෂාව පතා කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු මෙම වර්ජනය ආරම්භ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව ප්‍රශ්නද අලුත් අමතිලට වාහන ටික දෙනකල් පොඩ්ඩක් ඉවසන්න බැරිද?
අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ, වැඩ නොකර ඉන්න මොකක් හරි හේතුවක් හොයන අයට ලිෆ්ට් එක කඩා වැටුණ එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නේද ??
"රෝහලෙහි විදුලිය නිතර නිතර බිද වැටීම, ජෙනරේටරය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම්" වලට ගම්පහ රෝහල පරිපාලනය වගවිය යුතුය.
ඇමතිට කාර් ගන්න කෝටි ගණන් සල්ලි තිබ්බට ඕවා හදන්න ප්‍රතිපාදන නැත.
රෝහලේ සෝපානය කඩා වැටුනේ නැත. වුනේ එක නැවතිලා බහිනකොට වැටිලා අනතුර වුන එකයි. වැඩ නොකර ඉන්න නම් හේතු ඕනෑතරම් හොයාගන්න පුළුවන්.
ඔතනින්ම පේනවනේ වෛද්‍යවරු දෙවිවරු කියලා හිතා ගෙන හිටියට රෝගියෙක් සුව කරන්න අනෙකුත් සේවාවන්ද අවශ්‍ය බව.
අනාරක්ෂිත බව දෙන ගන්න කව්රු හරි මැරෙන්නම ඕනද ?? දැන් රෝහල විතරක් නොවේ වර්ජනය නිසා රෝගීන්ගේ ජීවිත පවා අනාරක්ෂිතයි. පරිපාලනයේ නොහැකියාව වහන්න රෝගී ජීවිත බිලි ගන්න එපා.
ඔය ලිෆ්ට් එක වගේද අපේ ඇමතිලා යන වාහන ටික හොඳට තියෙන්න ඕන.
ඇයි එක්කෙනෙක් මැරෙනකම් හිටියේ
සෝපානය කඩාවැටිලා? ලංකාවේ වෙන්න බැහැ. ෂුවර් එකට එංගලන්තේ. ඒ වගේ බාල බඩු කොහෙද මෙහෙ. කොමිසමක් දාල බලන්න.
ලසිත් ඔපරේෂන් එකක් කර කර ඉන්නකොට විදුලිය විසන්දි උනොත් මොකද කරන්නේ? අදහස් පළකරන්න කලින් දෙපාරක් සිතන්න
සෝපානය කඩ වැටුනේ නැත සිදු උනේ විදුලිය නහිටීම නිසා සෝපානය මහල් දෙකක අතර නැවතීම සහ ආරක්ෂක ක්‍රම අනුගමනය නොකර දොරවල් විවිර්ත කර මගීන් ඉවතට ගැනීමට දරු උත්සාහයෙන් එක අයකු සෝපාන ගමන මග තුලට අද වැටීමය