පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව පළාත් පාළන මැතිවරණය පිලිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (11) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි. 11 February 2018
පොහොට්ටුවේ සාමාජිකයෝ මැදමුලනට යති පළාත් පාලන මැතිවරණයෙන් බොහෝ පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම නිසා ප්‍රීතියට පත් පක්ෂ සාමාජිකයෝ බොහෝ පිරිසක් අද (11) තංගල්ල කාර්ල්ටන් නිවසට පැමිණ සිටියහ. 11 February 2018
ජවිපෙ පා. මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඡන්දය දෙයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) උදෑසන අගලවත්ත පිඹුර කණිෂ්ඨ විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
කතානායකත් ඡන්ද පෝලිමේ කථානායක කරූ ජයසූරිය මහතා කිරිල්ලවල රම්මුතුගල මහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කළේය. 10 February 2018
වජිර අබේවර්ධන මඩවලමුල්ලේදී ඡන්දය දෙයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මඩවලමුල්ල ශ්‍රී සද්ධාතිස්සාරාමයේදී සිය ඡන්දය භාවිත කළේය 10 February 2018
මුහුදෙන් - ගොඩින් ඡන්ද පොළට එති කල්පිටිය දූපත් වාසින් තම ඡන්දය භාවිතා කිරීමට මොහොත්තුවාරම දුපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත ධීවර යාත්‍රා සහ ට්‍රැක්ටර් මගින් පැමිණ ඡන්දය පාවිච්චි කළේය. 10 February 2018
ඡන්දය දෙන්න ආපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ සහාය ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන වයෝවෘද්ධ වැඩිහිටියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් සහාය දක්වන ආකාරය දක්නට ලැබුණි. මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලය අසලදී මෙම දර්ශනය දැක ගැනීමට හැකි විය. 10 February 2018
මනුෂ නානායක්කාර ඡන්දය ප්‍රකාශ කළ අයුරු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය බිරිද සමඟ අද (10) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වංචාවල ,කලහේ අම්පිටියාගොඩ ශ්‍රී ගුණරතන විහාරයේදී ඡන්දය පාවිච්චි කළේය. 10 February 2018
අසාද් සාලිත් ඡන්දය ෙදයි කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
ඇමති සාගල මොරවකදී ඡන්දය දෙයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නාය මහතා මොරවක කීර්ති අබේවික්‍රම විද්‍යාලයේ දී ඡන්දය ලබා දුන්නේය. 10 February 2018
අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සිය බිරිද සමග අද (10) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කිතුලම්පිටිය ප්‍රාථමික පාසලේදී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන අයුරු... 10 February 2018
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඡන්දය ප්‍රකාශ කිරීම 2018 පළාත් පාලන මැතිවරණය සඳහා විදුලි සන්දේශ හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල මධ්‍ය මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
දුමින්ද ඡන්දය දමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තම්මැන්නාකුළම ශ්‍රී රතනසාර ධර්මායතනයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. 10 February 2018
අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා අද (10) මන්නාරමේදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. 10 February 2018
මනාල යුවලක් ඡන්දය දෙයි නව පරපුරක් බිහිකිරීමට දෙවැනි ගමන් යන අතරතුර සිය යුතුකම ඉටු කිරීමට අද (10) පැරෑලිය ජිනරතන විද්‍යාලයට පැමිණි විවාහක යුවළක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව... 10 February 2018
උව පළාත් මහ ඇමති ඡන්දය ප්‍රකාශ කිරීම 2018 පළාත් පාලන මැතිවරණය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය බිරිද ශෙහානි බස්නායක මහත්මිය සමඟ දෙමෝදර සව්දම් දෙමළ මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) ගොස් සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
අමාත්‍ය ලක්ෂ්මන් යාපා මාකඳුරේදී ඡන්දය ප්‍රකාශ කරයි අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාකඳුර විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෝකන්දර සිරි සුසිර ධර්ම නිකේතනයේදී සිය පවුලේ සාමාජිකයින් සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. 10 February 2018
අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු.. අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ 07 ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
රෝසි සේනානායක මහත්මිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු කොළඹ මහනගර සභා නගරාධිපති ධුර අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය බම්බලපිටිය ශා පාවුළු බාලිකා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය. 10 February 2018
මන්නාරම් දිස්ත්‍රික්කයේ මැතිවරණය සාමාකාමියි මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතන 05 ක් වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවට මන්නාරම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.වයි.එස්. දේශප්‍රිය මහතා කියා සිටියේය. 10 February 2018
අාරුමුගම් තොන්ඩමන් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අාරුමුගම් තොන්ඩමන් මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රම්බොඩ වැවන්ටන් දෙමළ මහා විද්‍යාලයේදී සිය ඡන්දය භාවිතා කළේය. 10 February 2018
අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද උදැසන අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධදත්ත අාදර්ශ පාසලෙ ඡන්ද මධ්‍යස්ථානයේදි ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණියේය. 10 February 2018
මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ප්‍රජාව ඇතුලු ප්‍රදේශයේ ජනතාව වෙනත් මැතිවරණ වලට වඩා දැඩි උනන්දුවකින් ඡන්ද විමසීම ආරම්භ වීමත් සමග උදෑසනින්ම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන අයුරු දක්නට ලැබුණි. 10 February 2018
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඡන්දය ප්‍රකාශකළ අයුරු පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට බත්තරමුල්ල දකුණු තලංගම විද්‍යාවර්ධන මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය වෙත උදෑසන පැමිණියේය. 10 February 2018
හැටන් ඡන්දය ප්‍රකාශ කිරීම පලාත් පාලන මැතිවරණයේ හැටන් දික්ඔය නගර සභාව සදහා සභිකයන් තෝරා ගැනිම සදහා ඡන්දය 10වන දින උදැසන 7.00ට ආරම්භවු අතර එහිදි ඡන්දදායකයන් ඡන්දය ලබා දිමට අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිනෙන ලදි. 10 February 2018
එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා උදෑසන කෑගල්ල රන්වල පුරාණ විහාරයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
හලාවත ඡන්ද අපේක්ෂක නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඡන්දපළට පැමිණි අයුරු හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකරන නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිය පවුලේ සාමාජික සාමාජිකාවන් සමග අංක 11 උතුරු පිටිපන විජය විදුහලේ ඡන්දපළට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. 10 February 2018
මහීපාල හේරත් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා මීට සුළු මොහොතකට පෙර කෑගල්ල ශාන්ත ජෝසප් ජෝෂප් බාලිකා මහා විද්‍යාලයේ ජන්ද මධ්‍යස්ථානට පැමිණ ඡන්දය ලබා දුන් අතර එතුමන්ගේ පුතණුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද එහි දී සිය ඡන්දය ලබා දීමට පැමිණ සිටියේය. 10 February 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026