(අනීෂා මානගේ)
පළාත් පාලන මැතිවරණයෙන් බොහෝ පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම නිසා ප්‍රීතියට පත් පක්ෂ සාමාජිකයෝ බොහෝ පිරිසක් අද (11) තංගල්ල කාර්ල්ටන් නිවසට පැමිණ සිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේදී ලබා ගෙන ඇති ජයග්‍රහණයට සුබපැතීම සඳහා මෙලෙස පක්ෂ සාමාජිකයින් බොහෝ පිරිසක් මෙන්ම ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයින් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න පුලුවන් දුරක හිටියා නම් ඇත්තමයි මමත් එනවා අප්පච්චිව බලන්න...
වහල්ලු වහල්කමින් නිදහස් කිරීම පහසු කටයුත්තක් නොවේ. වහල්ලු වීමත්, වහල්කමින් යැපීමත් එයට හේතුවේ. ලෝකයම පිළිගත් දුෂිතයන්ගේ රාජ්‍යයේ දුෂිතයන් රජවීමද පුදුමයක් නොවේ. එම වහල්කමින් නිදහස් වෙන දිනයක් ශ්‍රී ලාංකිකයන්ට උරුම වෙන දිනයක් ගැන සිතිය නොහැකිය. රටේ කරුමය ජනතාවගේ කැමැත්ත වී ඇති බව මැතිවරණ ප්‍රතිපල වලින් පෙනියන්නකි.
මේක ආණ්ඩුවක් පත් කරන ඡන්දයක්ද නැත්නම් පළාත්සභා පිලිබඳ එකක්ද? සමහරු හැසිරෙන්නේ හරියට ආණ්ඩු බලය ලැබුනා වගේනේ.
'දැන් ඉතින් වෙන කුමක් කරන්නද' අර බ්‍රෙෂ්ට් කිව්වා වගේ " අලුත් ජනතාවක් තෝරා පත් කර ගන්න " එකයි තියෙන්නේ...
සිරිමල්, මේක ආණ්ඩුවක් පත් කරන ඡන්දයක් නොවුනත්, පැහැදිලිවම මෙය වර්තමාන රජයේ ක්‍රියා කලාපය ගැන සිදුකල ජනමත විචාරණයක්.
ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි . අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු .
මහින්ද හිතනවා නම් එය දිනුම් කියල එය එතන තමයි කා ගත්තේ
අම්මපා මෙහෙමත් වහල්ලු ලංකාවේ ඉන්නවද ..?
මහින්ද මේක දින්නා කියල හිතුවොත් පට්ටම මෝඩයා, මේක විචාරණයක් විතරයි .
පොදු මතයට බහුතර මතයට අපි හිස නවා ආචාර කළ යුතුයි. හැම වෙලාවෙම සිදුවන්නේ වියයුතු දේ. එය නොපිළින්නේ සාමුහික බව එකමුතුකම නැති අදම කුහක ආත්මාර්ථකාමී මිනිසුන්. උගත් කම තියෙන්නෙ උපාධියෙ විතරමයි කියලා හිතනවනම් එක මහ මොඩකමක්. කාටවත් පීඩාවක් නොදී තමන්ගෙ ඉලක්කයට ආත්මාර්තකාමී නොවි යනවනම් එයයි අවශ්‍ය. උගත් කම විතරක් නම් තියෙන්නේ ඒකෙන් කිසිවැඩක් නෑ .අවශ්‍ය බුද්ධිමත්භාවයයි.
පොදු මතයට බහුතර මතයට අපි හිස නවා ආචාර කළ යුතුයි. හැම වෙලාවෙම සිදුවන්නේ වියයුතු දේ. එය නොපිළිගන්නේ සාමුහික බව එකමුතුකම නැති අදම කුහක ආත්මාර්ථකාමී මිනිසුන්. උගත් කම තියෙන්නෙ උපාධියෙ විතරමයි කියලා හිතනවනම් එ්ක මහ මොඩකමක්. කාටවත් පීඩාවක් නොදී තමන්ගෙ ඉලක්කයට ආත්මාර්තකාමී නොවි යනවනම් එයයි අවශ්‍ය. උගත් කම විතරක් නම් තියෙන්නේ ඒකෙන් කිසිවැඩක් නෑ .අවශ්‍ය බුද්ධිමත්භාවයයි.
ඡන්දයට පෙර මහජනතාව බුද්දිමත් ජනතාව වන අතර ඡන්දෙන් පසු ඔවුන් වහල් ජනතාව වේ. එක එක පක්ෂ වලට වහල් කම් නොකර තම පක්ෂයෙ ප්‍රතිපත්ති රැක්කා නම් අද ඔහොම නහයෙන් අඩන්න ඕන නෑ.
එක තමා, මොකද මේ ජනාදිපතියි අගමැතියි කලබල වෙලා තියෙන්නේ. ඔයාට තේරෙන දේ එයාලට තේරෙන්නේ නැනේ.
මම ලංකාවේ පදිංචිය අතහරින්න ගත්තු තීරණය ගැන සතුටු වෙනවා. ලංකාව හොරුන්ගේ රාජ්‍යක් බව තව තව තහවරු වෙනවා.