IMG-LOGO

අගමැති මහනුවර විනාශ වූ දේපල නිරීක්ෂණ චාරිකාවක

(මොහොමඩ් ආසික්)
 
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය තුල ඇති වූ කලහකාරි සිද්ධීන් හේතුවෙන් විනාශයට පත් දේපල නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ( 10) මහනුවරට පැමිණියේය.

 
කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු  පක්ෂ නායකයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අද (10) සවස දිගන ප්‍රදේශයට ගොස් හානියට පත් දේපල නිරීක්ෂණය කළ අතර  ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කර තොරතුරුද ලබා ගත්හ.
 
කතානායක කරූ ජයසූරිය මහතා සමඟ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, එම්.ඒ. සුමන්තිරන්, තිලංග සුමතිපාල,  විජිත හේරත් සී.බී . රත්නායක යන මැති ඇමතිවරුන් ඇතළු පිරිසක් එකව සිටියහ.
 
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම කතානායක කරූ ජයසූරිය  මහතාද අවධාරණය කළේ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරම සිදුවූ දේපළ හානි වෙනුවෙන් වන්දි ඉතා ඉක්මනින් ලබාදී එම දේපළ යථා තත්ත්වයට පත් කරන බවයි.



අදහස් (9)

අගමැති මහනුවර විනාශ වූ දේපල නිරීක්ෂණ චාරිකාවක

sarath Saturday, 10 March 2018 05:48 PM

පන්සල් ටික බලන්න ගිහින් නැතිද ?

:       1044       1305

Rohana Sunday, 11 March 2018 11:03 PM

අගමැතිතුමනි, කැඩී බිදී ගිය පන්සල් හදන්නේ කවදද?

:       1210       1454

amali Monday, 12 March 2018 07:32 AM

අගමැතිතුමනි, ඔන්න ඕක තමයි ප්‍රශ්නයට මුල. තවත් ජාතිවාදී අැවිලීමක් තමයි ඔබතුමා මේ කරන්නේ. ඔය ගමන්ම පන්සල් වලටත් යන්න.

:       408       469

Jaliya Monday, 12 March 2018 11:13 AM

මහනුවරම අවුලපු මෙයාට තවත් තැනක් අවුලන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ...

:       0       207

rasika Monday, 12 March 2018 11:22 AM

අරනායක, මීතොටමුල්ල පහු කරලද ගියේ?

:       143       231

WASANTHA Monday, 12 March 2018 11:24 AM

හැම කෙනාටම ලොකු මුස්ලිම් උදවියගේ දුක විතරයි.

:       159       506

saman kTuesday, 13 March 2018 04:34 AM

තව කාලයක් බලයේ රැදෙන්න උදව් කල අයට යුතුකම් ඉෂ්ට කරන්න එපැයි................

:       1       113

deveni,praba Monday, 12 March 2018 11:45 PM

අරාබි රටවල්වල ජීවත් වෙන්න සියලුම අනිකුත් ජාතිකයින් ඉවත් කළා නම් හොඳයි. ඒකට ඉතාලි, තුර්කි, ඉරාන් සපෝර්ට් කරයි.

:       0       0

Prabath Thursday, 15 March 2018 08:56 AM

අන්න දෝශාබියෝගය එන්න හදන්නේ. දැන් තව කොහෙද අවුලවන්නේ. ඊළගට හිරේ දාන්නෙ කව්ද කියල ප්ලෑන් කරනවද?

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site