IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මාවුස්සාකැලේ ජලාශයේ අපද්‍රව්‍ය ඉවත් කරයි

 


(රංජිත් රාජපක්‍ෂ )
 
ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරිම සදහා ප‍්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රදේශවාසින් හා අවට වතුකම්කරුවන් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කිරිමේ කටයුත්තක් අද (18) සිදු කැරිණි.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක  මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පරිසර වැඩසටහනට මාවුස්සාකැලේ ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධිවරයින් මාවුස්සාකැලේ ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් නාවික හමුදාව, සහ මස්කෙළිය පොලිසියේ නිලධාරිහු මෙම පරිසර වැඩ සටහනට එක්ව සිටියහ.

එම ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔය හරහා ජලාශයටතේ වතු හරහා ගලා බසින ඇළ මාර්ග ඔස්සේ ප‍්‍රදේශවාසින් හා වතුකම්කරුවන් විසින් ජලාශයට අපද්‍රව්‍ය මුදාහැරිම නිසා ජලාශය විශාල වශයෙන් පරිසර හානියක් සිදුවි ඇති අතර් ජලාශය ගොඩවීමේ අවධානමකටද ලක්වි තිබුණී.මෙම පරිසර ගැටළුව නිසා එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයන්ට මෙන්ම එම ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධිවරයන්ටද ගැටළු රැසක් මතුවි තිබුණී.

ජලාශයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝණ අපද්‍රව්‍ය අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් නල්ලතත්නිය රිකාටන් ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කැළිකසල ප‍්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත යැවිමටද ඔවුහු ක්‍රියාත්මක වුහ.



අදහස් (1)

මාවුස්සාකැලේ ජලාශයේ අපද්‍රව්‍ය ඉවත් කරයි

menna Sunday, 18 March 2018 10:12 AM

අපද්‍රව්‍ය ඉවත් කිරීම හොඳයි. නමුත් අයෙත් අපවිත්‍ර කරනවා නම් වැඩක් නැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනවා. ගෙවල් ලඟින් යන කුණු කාණු තියෙනවා. කාණුවලට ගෙවල් වලින් වැසි ජලය විතරක් නොව අපවිත්‍ර ජලය යවන තැන ඇතිවෙන්න තියෙනවා. එම ස්ථාන සොයා බලා නිසි පියවර ගන්න මෙන් ඉල්ලා සිටිනවා.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 393 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 111 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site