
(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
නොසන්සුන්තාව හේතුවෙන් විනාශයට පත් මහනුවර දිගන නගරයේ සියලුම ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරීමේ මූලික ශ්‍රමදානයක් මහා සංඝරත්නය, ශ්‍රී ලංකා යුද හමුදාව හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
විනාශයට පත්ව තිබූ ආගමික ස්ථාන, ව්‍යාපාර ස්ථාන හා නිවාස පිළිසකර කිරීම සඳහා වූ මූලික අදියරක් වශයෙන් මෙය සිදුවිය.
දිගන වාලුකාරාම විහාරයට රැස්වූ පිරිස බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රමදානය ඇරඹිණි. ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ මූලිකත්වයෙන් මීට සහභාගී වූ දෙසීයකට අධික යුද හමුදා නිලධාරීන් දිගන, කෙන්ගල්ල ආදී ප්‍රදේශවල හානියට පත් සියලුම ගොඩනැගිලි පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළේය.
මෙම ගොඩනැගිලි සියල්ල විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත්, ඒ සදහා වූ ප්‍රථම කාර්යය වශයෙන් කැඩිබිඳී ගිය සුන්බුන් සියල්ල ඉවත් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් ප්‍රධාන අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතා වැඩිදුරටත් පැවසීය.




2025 දෙසැම්බර් මස 18
40
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනාශයට පත් ගොඩනැඟිලි හදන්න ශ්‍රමදානයක්
Indhika Saturday, 17 March 2018 05:41 PM
කොහෙවත් යන උන් ගිහිල්ල ගෙවල් කඩල බිදලා දාන්නයි. හමුදාවේ කොල්ලෝ ටික ගිහින් මහන්සි වෙලා ඒවා හදල පිරිසුදු කරලා දෙන්නයි. හැමදාම කොහොම හරි කුණු ටික ඔක්කොම අදින්නේ හමුදාවේ කොල්ලෝ ටික.
sharowana Sunday, 18 March 2018 05:55 AM
විනාශ වෙච්ච ගෙවල් හදනවට බොහොම පින් නමුත් විනාශ වෙච්ච හදවත් හදන්න පුලුවන්ද ? විනාශ නොකර ඉන්න එක නේද හොඳ?
දුපත් වැසියා Sunday, 18 March 2018 09:57 AM
පොලීසිය සහ හමුදාව එදා රාජකාරිය හරියට කළානම් ඔය ටික කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද?