දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද (20) දා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක මහත්මිය ඇ.තුළු පවුලේ සාමාජිකයෝ ඇතුළු හිතමිත්‍රාදීහු රැසක් ද සහභාගි වූහ.
- 044



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අවාසනාව තමයි මෙතුමාට වෙච්ච ඉරණම. කීර්තිමත්, දක්ෂ, නිසි සැලසුම් සහිත ජන නායකයෙක්. රටේ විශාලතම සංවර්ධන ව්‍යාපාරය වන මහවැලි ව්‍යාපාරය සාර්ථක නිමකළ දක්ෂ නායකයක්.
මෙතුමා දෙමළ භාෂාව ඉගෙන ගත්තේ මහවැලි ඇමතිතුමා වශයෙන් සිය රාජකාරිත් කරන අතර තුරදී. මගේ මතකය නිවැරදි නම් "ගුරු" වුයේ ශීලරත්න සෙනෙරත් මහතායි. ඉංග්‍රීසි හරියට හසුරුවාගන්න බැරි පුරාජේරු කතාකරන ඇතැම් නායක හා පක්ෂ නායකයන්ට එතුමා මේ තුළින් අමිල ආදර්ශයක් දීලා තියනවා.
මෙයාට ඉස්සර කිව්වේ Mr. ට්වෙල්ව් පසන්ට් කියලා. ගිය ආණ්ඩුවේ Mr. ටෙන් පසන්ට් ඒ දවස්වල මෙයාගේ ගෝලයා.