( ක.ග කරුණාරත්න සහ ඩබි.ඒ.පියතිලක)
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමේ ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කළාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ හේවගේ මහතා පවසයි.
වාන් දොරටු විවෘත කිරීම නිසා තත්පරයකට ඝන අඩි 1120 ක ජල ධාරිතාවක් ජලාශයෙන් පිටවන බව දපැවසු ඒ මහතා වර්ෂාව තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
41
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
wasantha Monday, 12 March 2018 11:35 AM
අධික වර්ෂාවට වඩා අර හොටෙල් එක යට වෙනවට වෙන්න ඇති...
roshan pranandu Monday, 12 March 2018 11:50 AM
මේ වැවේ දොරවල් ඇරලා වතුර යවන්නේ... ජනාධිපතිගේ දුවගේ සහ මල්ලිගේ හෝටල්වලට වතුර එන නිසා, එ්කයි ඇත්ත කතාව...
Siriweera Monday, 12 March 2018 02:23 PM
උන්නැහෙලා දේශපාලනේ කරන්නේ තම තමුන්ගේ දේපළ රැකබලා ගන්න මිස වෙන මක්කටෙයි..? - දැන් පොඩි එවුනුත් දන්නවා ලංකාවේ වැඩියෙන්ම වාන් දොරටු අරින ජලාශය මොකක්ද කියලා..! ඒ වුනාට ජලය මුහුදට ඇරලා හිටං කුඹුරු කරන්න වතුර නැතුව පුලතිසි ගොවියෝ අහසට හූල්ලනවා. කරපු පව් ගෙවනවා....!!!
janahitha Monday, 12 March 2018 10:30 PM
අන්තිමට කියන්න එපා වැස්ස නැති නිසා කුඹුරුවලට වතුර දෙන්න විදිහක් නැහැ කියලා. තියන හෝටල් යටවෙලා ගියාවේ. පිරෙන වතුර ටික නිකරුනේ නාස්ති කරන්න එපා කියලා අපේ වැදගත් දේශපාලකයින්ට කියන්න කැමතියි...
Jagath Leanage Tuesday, 13 March 2018 03:16 AM
ඔය වගේ දේවල් ඉස්සර අනුරුද්ධ රත්වත්තේ උන්නැහෙත් කරා . ඊට පස්සෙ අපිට විදුලිය කැපුවා , ජලාශ වල වතුර නැතුව . හැබැයි ජෙනරේටර් කාරයෝ හොඳට හම්බු කරා ලොකු ලොකු කොමිස් මුදල් ලැබුණා කට්ටියට .
Muhan Tuesday, 13 March 2018 06:36 AM
අනේ අපි කරගත්ත ගොන්කමක මහත ............
NOEL Tuesday, 13 March 2018 10:49 AM
පායන කාලයට ජලය නැතිව ජනතාව දුක් විදිනවා. වහින කාලයට වාන් දොරටු ඇරලා ජලය මුහුදට යවනවා. මෙතෙක් කල් පැමිණි කිසිම රජයකට ජල කළමනාකරණය කරලා පායන කාලයට ජනතාවට සහනයක්දෙන්න කිසිම වුවනකක් නැද්ද?
wedage Thursday, 15 March 2018 08:15 AM
පොඩි වැස්සට දොරටු අරින ලෝකයේ තියෙන එකම සමුද්‍රය පරාක්‍රමබාහු රජතුමා දිව්‍ය ලෝකේ සිට මේවා දැකල මොනතරම් අමාරුවෙන් ඉන්නවා ඇත්ද