( ක.ග කරුණාරත්න සහ ඩබි.ඒ.පියතිලක)
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමේ ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කළාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ හේවගේ මහතා පවසයි.
වාන් දොරටු විවෘත කිරීම නිසා තත්පරයකට ඝන අඩි 1120 ක ජල ධාරිතාවක් ජලාශයෙන් පිටවන බව දපැවසු ඒ මහතා වර්ෂාව තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික වර්ෂාවට වඩා අර හොටෙල් එක යට වෙනවට වෙන්න ඇති...
මේ වැවේ දොරවල් ඇරලා වතුර යවන්නේ... ජනාධිපතිගේ දුවගේ සහ මල්ලිගේ හෝටල්වලට වතුර එන නිසා, එ්කයි ඇත්ත කතාව...
උන්නැහෙලා දේශපාලනේ කරන්නේ තම තමුන්ගේ දේපළ රැකබලා ගන්න මිස වෙන මක්කටෙයි..? - දැන් පොඩි එවුනුත් දන්නවා ලංකාවේ වැඩියෙන්ම වාන් දොරටු අරින ජලාශය මොකක්ද කියලා..! ඒ වුනාට ජලය මුහුදට ඇරලා හිටං කුඹුරු කරන්න වතුර නැතුව පුලතිසි ගොවියෝ අහසට හූල්ලනවා. කරපු පව් ගෙවනවා....!!!
අන්තිමට කියන්න එපා වැස්ස නැති නිසා කුඹුරුවලට වතුර දෙන්න විදිහක් නැහැ කියලා. තියන හෝටල් යටවෙලා ගියාවේ. පිරෙන වතුර ටික නිකරුනේ නාස්ති කරන්න එපා කියලා අපේ වැදගත් දේශපාලකයින්ට කියන්න කැමතියි...
ඔය වගේ දේවල් ඉස්සර අනුරුද්ධ රත්වත්තේ උන්නැහෙත් කරා . ඊට පස්සෙ අපිට විදුලිය කැපුවා , ජලාශ වල වතුර නැතුව . හැබැයි ජෙනරේටර් කාරයෝ හොඳට හම්බු කරා ලොකු ලොකු කොමිස් මුදල් ලැබුණා කට්ටියට .
අනේ අපි කරගත්ත ගොන්කමක මහත ............
පායන කාලයට ජලය නැතිව ජනතාව දුක් විදිනවා. වහින කාලයට වාන් දොරටු ඇරලා ජලය මුහුදට යවනවා. මෙතෙක් කල් පැමිණි කිසිම රජයකට ජල කළමනාකරණය කරලා පායන කාලයට ජනතාවට සහනයක්දෙන්න කිසිම වුවනකක් නැද්ද?
පොඩි වැස්සට දොරටු අරින ලෝකයේ තියෙන එකම සමුද්‍රය පරාක්‍රමබාහු රජතුමා දිව්‍ය ලෝකේ සිට මේවා දැකල මොනතරම් අමාරුවෙන් ඉන්නවා ඇත්ද