ශ්‍රී බුද්ධ වර්ෂ 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මුද්දර එළිදැක්වීමේ උත්සවය බුද්ධශාසන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද(09) සිදුකෙරිණි .
"චිත්තං දන්තං සුඛාවහං" (සිත දමනය කිරිමෙන් සැප ලැබේ) යන්න මෙවර රාජ්‍ය වෙසක් දින සැමරැමේ තේමාවයි.
චුල්ල සුතසෝම ජාතික ඊට කදිම නිදසුනක් සපයන්නක් බැවින් එම ජාතකය මෙවර වෙසක් මුද්දරවල නිරෑපනය කර තිබේ.
එම මුද්දර සහිත මුල්දින කවරය තැපැල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එමි. බී.බී. මීගස්මුල්ල මහතා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත පිරිනැමීය . මෙම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍යාංශ යේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජතුමා පැසුණු කෙස්ගසක් ඇතිවූ වහාම, ජනතාව හන්දා වැටෙද්දී රාජ්‍යය අතහැර තපසට ගියා. අපේ අයට කදිම ආදාර්ශයන් ගණනාවක් සපයන ආදර්ශවත් ජාතකයක්.