IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාස් කන්නයේ අග්‍රඵලය බුදුන්ට පුදයි


(ක.ග. කරුණාරත්න)

පොලොන්නරුවේ ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ මුල් කොටස හෙවත් අග‍්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත‍්‍රානුකූල පිංකම අලූත් සහල් මංගල්‍යය අද (11) පෙරවරුවේ පොලොන්නරුවේ ඵෙතිහාසික ගල් විහාරය අභියස දී සිදු කෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස් ස්ථානාධිපති වෙඩරුවේ ශ‍්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොලොන්නරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා, වාරිමාර්ග, මහවැලි ඇතුළු සෙසු ආයතන රැසක් සහ දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන මගින් මෙම අලූත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබුණි.

ඓතිහාසික කිරිවෙහෙර අභියස සිට පෙරහරින් අලූත් සහල් රැගෙන ඒමටත් පසුව ගල් විහාරය ඉදිරිපිට තැන්පත් කෙරුණු තඹ පාත‍්‍රය සහලින් පිරවීම සහ ආගමික වතාවත් සිදුකරනු ලැබීය.



අදහස් (1)

මාස් කන්නයේ අග්‍රඵලය බුදුන්ට පුදයි

ලියම් ඇල්මන් ස්වීඩනය Friday, 13 April 2018 01:17 AM

මගේ නම ලියම් ඇල්මන්. ස්වීඩනයේ ඉන්නේ. ලංකාවට ආසයි. බුද්ධාගම පිළිපදින්නේ. සිංහල ටිකක් පුළුවන්. මම ගිය අවුරුද්දේ අලුත් සහල් මංගල්‍යයට සහභාගී වුනා ලංකාවට ඇවිත්. හරිම හොඳයි. ලංකාවේ ඔබ සැමට සුබ අවුරුදු වේවා! බුදුසරණයි!

:       220       1010

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site