
(කටුනායක ටී.කේ.ජී.කපිල )
ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං කණ්ඩායමක් , ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන ඊයේ (15 වැනිදා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ පදක්කම් දිනාගත් ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාව වෙති.
ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවැත්වුනි. ඒ සඳහා හිටපු අමාත්‍ය සී.බී.රත්නායක , ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රයේ මෙන්ම , ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය , නෑදෑ හිතවතුන් පිරිසක් ද පැමිණ සිටියහ.
‘‘මම කිලෝ ග්රෑම් 48-51 බර පංතිය යටතේ ලයිට් ප්ලයිවේට් ඉසව්වෙන් තරග වැදුනා.ඒක තියුණු , ඒ වගේම ශ්‍රී ලංකාවට සුවිශේෂි තරගයක්. මම ඒ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් , ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රයට පළමු පදක්කම දිනා දුන් කාන්තාව බවට ද පත් වුනා. පසුගිය තරගාවලියක දී මට හිතා මතාම හිංසා පීඩා වන ආකාරයට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකා මේරි මුණ ගැසීම ද විශේෂත්වයක්...මට මේ ජයග්‍රහණයන්ට ශක්තිය ,ධෛර්යය ලබා දුන් මාස් ආයතනයට, ජාතික ඔලිම්පික් කමිටුවට සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමයටත් ස්තුති වන්ත වෙනවා. මගේ මීළඟ බලාපොරොත්තුව ආසියානු ක්‍රීඩා උළෙලයි.‘‘ යැයි අනූෂා කොඩිතුවක්කු පැවසුවාය.
තව වසර දෙකකට වඩා ක්‍රීඩා නොකරන බව පැවසූ අනූෂා , පන්නල බටපොත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර , ස්ලිම්ලයින් ආයතනයේ සේවය කරන්නීය.
දෙවන ලෝකඩ පදක්කම දිනා ගත්තේ පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඉෂාන් බණ්ඩාරයි. ඉෂාන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවය කරයි.
‘‘මම කිලෝ ග්රෑම් 49 - 52 බර පංතිය යටතේ ප්ලයිවේට් ඉසව්වෙන් තරග වැදුනා . ඒක තියුණු තරගයක්. අවසාන තරගයට මා සමග ඉන්දීය ක්‍රීඩකයෙක් ඉදිරිපත් වුනා. මම ශ්‍රී ලංකා යුධ හමුදාපති තුමාටත් , මගේ දෙමාපියන් සහ බිරිඳටත් ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා‘‘ යැයි ඉෂාන් බණ්ඩා පැවසීය.
තුන් වන ලෝකඩ පදක්කම දිනා ගත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි , හෙළ ක්ලෝතින් ආයතනයේ සේවයේ නියුතු 24 හැවිරිදි තිවංක රණසිංහයි.
ඔහු කිලෝ ග්රෑම් 46 - 49 බර පංතිය යටතේ ලයිට් ප්ලයි වේට් අංශයෙන් තරග වැදුණේය.
මෙහිදී අදහස් දැක්වූ තිවංක, ‘‘මම තරග කළේ මේ මාසේ 13 වෙනි දා. මගේ බලාපොරොත්තුව වුනේ රන් පදක්කම. ඒ සෙල්ලම් කර්පු දවස ගැන මම පසු තැවෙනවා. මම හොඳ තරගයක් දෙන්න උත්සාහ කළා. මම මේ තරගාවලියේ දී දකුණු අප්‍රිකානු සහ වනවාටු රාජ්‍ය නියෝජනය කළ ක්‍රීඩකයින් පරාජයට පත් කළා. මගේ මීළඟ බළාපොරොත්තුව 2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.‘‘ යැයි පැවසීය.
මම බොක්සිං ක්‍රීඩාවට පිවිසි දා සිටම මට උදව් කළ සියලු පුහුණුකරුවන්ට , මගේ දෙමාපියන් ට සහ මා ඉගෙනුම ලැබූ විද්‍යාර්ථ විද්‍යාලයටත් මගේ ප්‍රණාමය හිමි වෙනවා යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකික ධජය ජාත්‍යන්තරයේ එසවූ ඔබ සැමට සුභ පැතුම් !!!
දරුවනේ, නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
ලබන වතාවේ බර්මින්ග්හැම්වල මේ පදක්කම් ගණන තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන් වේවා !!!
සුබ පැතුම්!!! ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනුවා.. අනික් අය කොහෙද?
සුබ පැතුම්!!! මෙවර කවරදාකවත් නැති පදක්කම් ගණනක් ලබා ගත්තා. අපි බොහෝ විට පදක්කම් ගන්නේ බොක්සිං සහ බර ඉසිලීම්වලින්. අනෙක් ක්‍රීඩා වලිනුත් ඉදිරියට යන්න පාසැල් ළමයින්ට ක්‍රීඩාවක් අනිවාර්ය කරන්න ඕනේ.
ක්‍රීඩකයන්ගේ පින්තූර පමණකි මෙහි දමා ඇත්තේ, කෝ ක්‍රීඩිකාවගේ පින්තූර...