හර්ෂණ තුෂාර සිල්වා
ඉන්දියාවේ නිෂ්පාදිත “ශ්‍රී ලංකා නාවික සිඳුරළ” නෞකාව අධිකාරි ධුරයට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ‘කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී’ අද (19) සිදු කෙරුණි.
ඉන්දියාවේ ගෝවාහි නිෂ්පාදිත මෙම නෞකාව ශ්‍රී ලංකාව සතුව ඇති දෙවැනි අධි තාක්ෂණික යුද නෞකාවයි. ශ්‍රී ලංකාව සතුව ඇති අනෙක් එවැනි නෞකාව වනුයේ ‘සයුරළ’ නෞකාවය.
නෞකාවේ පළමු අණ දෙන නිලධාරියා වශයෙන් කපිතාන් සමන් කුලසිරි පෙරේරා අධිකාරි ධුරයට පත් කිරීමේ සන්නස් පත්‍රය කියවීමෙන් අනතුරුව නෞකාව අධිකාරිධුරයට පත් කෙරුණි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට එහි නම දැක්වෙන පලකය විවෘත කළේය.
ගැඹුරු මුහුදේ දිගු දුර නිරීක්ෂණ කටයුතුවල යෙදීම මෙම නෞකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලියේ ඔයාගේ පුද්ගලික මුදල් මේ විදියට වියදම් කරන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් නේද ??? පව් පුදුම වියදමක්නේ කරලා තියෙන්නේ රට වෙනුවෙන්.
මේ හම්බන්තොට වරාය විකුණලා ගත්ත නැව නේද ?
මෙම නැව මෙන්ම මෙම නැව් පන්තියේ අනිත් ශ්‍රී ලාංකිය යුධ නැවත් නාමකරණයේ ගැටළුවක් ඇත.. මෙම නැව "සර්යු" පන්තියේ නැවක් වන අතර මුල් නැව් හතර ඉන්දියන් නාවික හමුදාවට අයත් සර්යු, සුනයිනා, සුමේධා හා සුමිත්‍රා වේ.. අපේ නාමකරණයත් ඒ අනුව යමින් සයුරල, සිඳුරල ලෙස නම් කර ඇත්තේ "ස" අකුරෙන් ආරම්භ කරමිනි.. අප රටේ බලවත් රජවරු, ජනපතිවරු සිටිද්දී ඇමරිකාවේ මෙන් ඔවුන්ට ගරු කිරීමක් ලෙස එම නම් නාමකරණයට අදාල කර නොගත්තේ ඉන්දියාවේ හොඳහිත තබා ගැනීමට දැයි පැනයක් මතුවේ...
රවීන්ද්‍ර මහත්තයෝ, මත්තල රජපක්ෂ ගුවන් තොටුපොළයි, හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායයි නම් ඒ නම් දාගත්තට කමක් නැහැ. මොකද ඒවා හැදුවේ හිටපු ජනාධිපතිතුමාගේ පුද්ගලික ධනයෙන්නේ. හැබැයි අම්ම, තාත්තගේ සොහොන නම් මහජන මුදලින් තමයි.