එලැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාව ඒ වෙනුවෙන් සුදානම් වන අයුරු මේ දින වල දැකිය හැකි සුලබ දසුනක් වන අතර තම නෑදෑ හිත මිතුරන්ට තෑගි දීම සඳහා නිමි ඇඳුම් මිලට ගැනීම ඉන් ප්‍රධාන තැනක් ගනී. නිමි ඇඳුම් සඳහා ඉතා ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක් වන මහරගම පමුණුව එසේ නිමි ඇඳුම් මිලට ගැනීමට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ගිය ලංකාදීප කැමරා කාචයේ සටහන් වූ අයුරු.
ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මගින් හැගෙන්නේ ජනතාව කරකියාගන්න විදියක් නැතිව ලොකු ලොකු සාප්පු වලට නොයා අඩුවට බාල ඇදුම් මිලදී ගන්න පමුනුවට යන බවයි. සුඛිත මුදිත කරන්න ආපු කට්ටිය පොර කකා වාහන ගන්න අතරේ ජනතාව හිඟමනට වැටී ඇති බව පේනවා නේද?
පාංකඩ පමුණුව මෙච්චර ජනප්‍රියද? නැත්නම් මිනිස්සු මේ වසරෙ පමුණුවේ යන තත්වෙට වැටිලද ?
මමත් වෙනත් උවමනාවකට ඊයේ පෙරේදා මහරගම ගිය වෙලාවක මේක දැක්කා..
සිරි නිකන් මෝඩ කතා කියන්න එපා. අවුරුදු නත්තල් කාලෙට පමුණුව කොහොමත් මේ වගේ තමයි.
පමුණුවට ගිහින් බලන්න.. බාල ඇඳුම් නෙවේ ඒවා කුඩා පරිමාණ නිමි ඇඳුම් නිපදවන පුද්ගලයින් නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කරන භාණ්ඩ.. ඔය ලොකුයි කියා ගන්නා සාප්පුවලට ලේබල් අලවලා එවන්නෙත් මේ කුඩා නිෂ්පාදකයින්ගේ ඇඳුම් තමයි... බාල බඩු කියන එක වැරදියි.
බොරු සෝබන ඕනේ නැහැ. මමත් පමුණුවෙන් බඩු ගන්නවා. ලොකු සාප්පු වලිනුත්, නිතරම ගන්නවා. සමහර විට පමුණුවේ බඩු ඉතා හොඳයී. මහරගම වැසියෙක් ලෙස මම දන්නවා ලොකු සාප්පු වලට දෙන්නෙත්, පමුණුවට දෙන්නෙත් හුඟක් වෙලාවට එකම තැනින්. නමුත් සාප්පු මිල ඉහල දමා ඇත්තේ වැඩි වියදම් පියවා ගැනීමට සහ ඉහල ආකර්ෂණයක් ප්‍රයෝගකාරීව නිර්මාණය කිරීමට. අපිත් රැවටෙමු ද? මේත් එක විදිහක පංචිකාවත්තක්.
සුපිරි ජනතාව මේවට එන්නේ නෑ. ඒත් දුප්පත් අපි නම් රෙදි ගන්නේ මේ කඩවලින් තමයි. ලංකාවේ මිනිසුන්ගේ නැති බැරීකම නොතේරෙන පාලකයන් පිරිසක් රට පාලනය කරන කොට මෙහෙම තමයි
මේ පමුණුව රෙදි කඩ නිසා මහරගම ජනතාව විඳින හිරිහැර කිව නොහැකි තරම්. පරණ පාර, පමුණුව පාර, පන්සල පාර දෙපැත්තෙම වාහන නවත්තගෙන පාරවල් හොඳටම අවහිර වෙලා. ඉතාමත් පටු මාවත් වූ දුම්රිය පටුමගේ දෙපැත්තෙම කඩ දාගෙන සැමන් පැක් වෙලා. මේ වෙළඳුන්ට වගේම ප‍්‍රදේශවාසීන්ටත් සහනයක් ලබා දෙන විසඳුමක් ගේන බවට නගර සභාව නොයෙක් විට පැවසූවත් මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නෑ. බලමුකො බඩල්ගම නගර සභාව වත් මේකට විසඳුමක් දේවිද කියල.
කලකට ඉහත පමුණුව යනු ඉතා සුන්දර ගමකි. දැන් එහි නටඹුන් වත් නැත. රෙදි පිළි වෙළඳුන් අතර තරඟය ඉතා අශෝභනයි. පමුණුවෙහි දියුණුවක් නැත. ඇත්තේ ජනාකීර්ණ බව පමණයි. පමුණුව දැකීමත් දුකකි.
මමත් නිතරම මේ මාර්ගය පාවිච්චි කරන කෙනෙක්, ගොඩක් දුරට මේ පාරේ තදබදයට හේතුව වෙළදුන් පාර අවහිර වෙන විදිහට තමන්ගේ වෙලදාම් කටයුතු කිරිම සහ වාහන ගාල් කිරිමට නිසි ක්‍රමවේදයක් පමුණුව අවට නොතිබිමයි.
ඇයි ඔයාලට ඕනි සුපිරි සාප්පු තවත් පොහොසත් කරන්නද ? මෙහෙ සුපිරි කියාගන්න සාප්පු පාරිභෝගිකයන්ව නොයෙක් ප්‍රචාර දීලා රවට්ටනවා. නම්කළ වෙළඳ නාමයන් 4ක් එක්ක ලොකු බිලක් දැම්මම තෑගි වව්චරයක් දෙනවා කියනවා. මිනිස්සුත් අර විකුනගන්න බැරුව තියෙන බඩුත් එක්ක බඩු ගත්තහම බිල දාලා කියනවා වවුචර ඉවරවෙලා, SMS කරනවා කියල. මොන SMS එකක්වත් නැහැ දින පහු වෙනකන් .
ප්‍රියන්ත, සිරි, ඒ මිනිස්සුන්ට එහෙම කතා කරන්න එපා. එකෙන් පේන්නේ ඔබලාගේ පහත් තත්වයයි. පමුණුවේ ඇඳුම් කුඩා පරිමාන වෙළඳුන්ගේ බව වටහාගන්න. ඒ මිනිස්සුන්ට අතක් දෙන්න කවුරුවත් නෑ. අව්ව වැස්ස නැතිව ඔහේ කාගේ හරි අගු පිලක් ඉස්සරහ ඒ කඩේ අරිනකම් හරි නැත්නම් පාරේ හරි උදේ 4 විතර ඉඳන් වෙළඳාම් කරනවා. මේ ඔක්කොම ජීවත් වෙන්න කරන දේවල්. හොඳ කියන සාප්පු වලට යන්නේ ජනගහනයෙන් කී දෙනෙක්ද? 75% ක් විතරම රෙදි තෝරාගන්නේ මේ වගේ තැන් වලින්. මේ අයටත් දෙල්කඳ පොලට දීපු වගේ ඉඩක් දුන්නනම් පාරේ තදබදය අඩුවෙනවා. නාවින්නේ ආර්පිකෝ එක ඉස්සරහ ඉඩම මේ වැඩේට හොඳයි.