ජනපති මත් නිවාරණ වැඩසටහනේ දක්ෂතා දැක්වූ නිලධරයෝ අගයති
මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීමට ලක් කරන ‘ජනපති ප්‍රශංසා සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.