






( ලහිරු හර්ෂණ )
කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි.
එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
උත්තර දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ආනයනය කළේ ඉන්දියාවෙන් වන අතර එහි මැදිරි සංඛ්‍යාව හයකි.
එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ.
පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි.
පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වනු ලබයි.
මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු කලින් දැනගැනීමේ හැකියාවක්ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදද වැඩක්. අප මේ සියලුම මහජන නියෝජිතයන්ගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. මෙම උත්සවය සදහා මහජන බදු මුදල් කොපමණ ප්‍රමාණයක් වැය උනේද යන්න? රජයේ යාන වාහන, සහභාගිවු රජයේ නිලදාරීන්ගේ වටිනා කාලය, වැටුප්, අතිකාල දීමනා, ආරක්ෂක නිලදාරීන්ගේ වටිනා කාලය වාහන ඉන්ධන වැනි " එකී මෙකි නොකී " සියලුම වියදම් මහජනතාවට දැනගනීමට හැකි ඉක්මනින් සදහන් කරන්නේනම් එය සියල්ලොගේම ඉදිරියට හොද වෙනු ඇත. " අප තදින්ම විස්වාස කරනවා මෙය අප රටේ මුල් පුරවැසියා පුද්ගලිකව කියවා බලා" මෙම පුවත් පතේම සියලු වියදම් සදහන් කරයි යන්න.
ඉන්දියාවේ දුම්රිය සේවය කියන්නේ ලංකාවට වඩා ඉතාම ඉහල, දියුණු මට්ටමේ එකක්. පැයට කිලෝමීටර් 150 ට වඩා වේගයෙන් යන දුම්රිය එහෙ සාමාන්‍යයෙන් තියෙන්නේ. කිලෝමීටර් 1800 ක් තරම් දුරක් එක දිගෙට දිවෙන දුමිරිය එහෙ තියෙනවා. ඒ රටෙන් පුළුවන් තරම් උදව් අරං අපේ රටේ තියෙන යල්පැන ගිය දුම්රිය සේවාව නවීකරණය වෙනවා නං හොදයි. ලංකාවේ කිලෝමීටර් 300 ක් දිවෙන දුම්රිය නැහැ. එහෙම තියෙද්දිත් ඒ පොඩි දුරකටවත් සේවාව හරියට ලබා දෙන්න බැහැ.
ස්ටේෂන්වල වැසිකිලිත් පිරිසිදුව තියෙන ක්‍රමයක් ඕනේ.
මේවා විදුලි දුම්රියන් දක්වා වර්දනය කලයුතු වෙනවා කොටුව මරදාන දුම්රිය අංගන අනතුරු වලින් මිය යන දහස් ගණනකගේ ජීවිත ගැන සලක බලා වේදිකාවේ ආරක්ෂක දොර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ඉංජිනේරුවන්ට බැරි නම් විදේශ රටකින් උපදෙස් ලබාගන්නේ නම් මැනවි
විකාරයක් - මැදිරි 6 ක් විතරක් තියෙන දුම්රියක් එකෙනුත් දෙකක් පළමු පන්තිය සහ දෙවෙනි පන්තිය (වොරන්ට් වලින් යන කට්ටියට) කන්කසන්තුරේට දාන එකෙන් ඇති වැඩේ මොකක්ද? සල්ලි දීලා යන තුන්වෙනි පන්තියේ මගින් යන්නේ වහල උඩද?
ඇති යන්තම් රට සවාරිවලට පොඩි විවේකයක් දීලා පොඩි විනෝදෙකට පොඩිම පොඩි ඕපනින් එකක්. විගහට යන්නත් ඕනේ ඊළඟ ගැසට් එක ගහන්න.
අලුතෙන් එක්කරන දුම්රිය මැදිරි ජරා නොකර වගකීමකින් සහ අභිමානයකින් යුතුව පාවිච්චි කිරීමට ඒවායේ ගමන් ගන්නා මන්ගීන්ට නැණ නුවන මෙන්ම උවමනාව පහල වේවා.
මේවා සෝබන වැඩ... මේ දේවල් රජයක යුතුකම්.. ඔබලා බැඳීසිටින්නේ මහජන සුබ සිද්ධීන් සඳහා සේවය කිරීමටයි. රටේ මාධ්‍ය මගින් ඔයදේවල් ගැන රටට ප්‍රචාරය ලබාදේවි. ජනතාවගේ බදුමුදල් වියදම් කරලා ප්‍රචාරය දෙනවාට වඩා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම අංගනයන්ට ගොස් පරීක්ෂාකර අඩුපාඩු සේවකයන්ගේ අඩුපාඩු සොයාබලා මහජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබාදීමට කැපවීමයි කළයුත්තේ.
උත්තර දේවී... ඉදිරියේදී හොඳ උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
මෙම මැදිරි නිසිපරිදි සැමදාම පිරිසිදු කරන්න සේවකයන්ද, මෙහි තිබෙන උපකරණවල ආරක්ෂාවද සහතික කරන සේවක මඩුල්ලක් පත්කරන්න. නැත්නම් මෙය මරදානේ යාර්ඩ් එකේ නැවැත්තුවම කුඩු කාරයෝ ඇවිල්ලා ගලවාගෙන යනවා.
අපි හදපු දුම්රිය එයාලගේ වගේ රිබන් කපලා, උත්සව තියලා ඇතුළට යනවා. ඉන්දියාවේ මනුස්සයා අනේ මෝඩ හරක් කියලා හිනාවෙනවා.
උතුරට උත්තර දේවී දකුණට ප්‍රශ්න දේවී ! හා හා
ගම්පහ අපි අනුරාධපුරේ වඳින්න ගියේ උත්තරදේවියේ. අලුත් කෝච්චිය නවත්වන්නේ පොල්ගහවෙල. පරණ උත්තර දේවි ඒ විදියටම දුවද්දී අලුත් කෝච්චිය වෙන නමකින් හරි කමක් නැහැ දැම්මනම් සාධාරණයි. අනුරාධපුරේ යන අය ගැනත් හිතන්නයි තිබුනේ.