(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
සේනා දළඹුවා විසින් විනාශ කරනු ලැබු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන ලද බඩ ඉරිගු වගාවන් සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවිහු පිරිසක් අද (19)දින අනුරාධපුර සිවලාකුලම හන්දියේදි උද්ඝෝෂණයක නිරත වුහ.
රජයේ නිහඬ ප්‍රතිපත්තිය නිසා සේනා දළඹුවා දිස්ත්‍රික්කය පුරා පැතිර ගොස් තම බඩ ඉරිගු වගාවන් ඇතුළු භෝග රැසක් විනාශවි ගොස් ඇතැයි මෙම උද්ඝෝෂණයට එක්වු ගොවිහු චෝදනා කලහ.
නය තුරැස්වි වගා කල බව භෝග මෙම සේනා දළඹුවා විසින් විනාශ කිරිමේ හේතුවෙන් තමන් අන්ත අසරණ තත්වයට ඇදවැටි සිටින නිසා අවම වශයෙන් ලබාගත් ණය මුදල් හෝ ගෙවා ගැනිමට රජයෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙසට ගොවිහු රජයෙන් ඉල්ලා මෙසේ උද්ඝෝෂණයේ නිරතවිය.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රෙස්න, උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධපති එච්.පි.සෝමදාස මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක්නේ. පොහොර නොමිලේ, වතුර නොමිලේ , හුඟක් අය වවන්නේ රජයේ ඉඩම්වල බලපත්‍ර වලින්. තවත් වන්දිත් ඉල්ලනවා. වවන්නේ නැතුව නිකම් කුලිය මලියක් කරගෙන හිටියනම් බදු ගෙවන ජනතාවට පහසුයි. ඔයිට වඩා අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්න පුළුවන්.