




(මොහොමඩ් ආසික්)
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් අද (22) මහනුවර නගරයේදී පැවැත්විණි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතාවයට සහභාගීවූවෝ යටිනුවර වීදිය සහ දළදා වීදිය ඔස්සේ පැමිණ මහනුවර ඔරලෝසු කණුව දක්වා ගමන් ගත්හ.
දැනට එම්.එන් 2 වැටුප් තලයේ ඇති තම වැටුට එම්.එන් 4 දක්වා වැඩි කරන ලෙසත් තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙනත් මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි ලිපිකරු සේවාවන්හි නියුක්ත සංවර්ධන නිලධාරින්ට ලිපිකරු රාජකාරි සදහා වැඩි වැටුප්ගෙවන්නේ නම් නියමිත රාජකාරියේ යෙදෙන ලිපි කරුවන්ට එමි එන් 04 වැටුප් පියවර ගෙවිම සාධාරණයි