






දේශීය සිනමාවට වසර 72 සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47 සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු හා සම්මාන ප්‍රධානොත්සවයක් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ 7 ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා විසින් දේශිය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් හා කලාකරිණියන් 15 දෙනෙකුට රුපියල් 50,000 බැඟින් මූල්‍ය අධාර ප්‍රධානය කෙරුණු අතර චිත්‍රපට කලාකරුවන් හා චිත්‍රපට කාර්මිකයන් සඳහා වූ සංස්ථාභාරය විසින් වියපත් කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් 30දෙනෙකුට විශ්‍රාම වැටුපක්ද මෙහිදි පිරිනැමිණි.
ඒ මොහොත සමරමින් අමාත්‍යවරයා සහ කලාකරුවෝ එක්ව කේක් ගෙඩියක්ද කැපූහ.
(අංජුල මහික විරරත්න)
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කල යුතු දෙයක්
දක්ෂ කලාකරුවෙක් වූන රිචර්ඩ් ද සොයිසා මහතාත් හිටියානම් අද මේ වගේ උපහාර ලබනවානේ අපේ උතුමන්ලාගෙන් !!