








‘ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා‘ මාලාවේ 46 වැනි දම් සභා මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ඓතිහාසික එගොඩ කැලණිය කිත්සිරි මෙවන් කල්‍යාන රාජ මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.
අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.
කැළණිය රාජ මහා විහාරාධිපති කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදුකරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කළහ.
එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බෝ මළුව, බෝධිඝරය, ඇත්පවුර සහිත බෝධි ප්‍රාකාරය සඟ සතු කර පූජා කිරීම ද සිදු කෙරිණි.
සදහම් යාත්‍රා ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්ද්‍රකිත්ති නායක ස්වාමින් වහන්සේ විසින් පැවැත්වීය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙරුවත් උපරිමෙන් පූජා හැමවිටම... ගින්දර ගොඩකි හිත ඇතුලේ හැමවිටම... එගින්දරෙන් බැහැ බේරෙන්නේ කිසිවිටක... නැත කිසි නිදහසක් යාමට හැම තැනම...
කැලණිය පෙරහැර පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන මෙවන් අවස්ථාවක මෙවැනි දෙයක් හෝ සිදු කිරීම අගේ කල යුතුයි ...