





ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හා පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ 286 දෙනෙකු විසිරයාමේ පෙළපාළියක් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.
මෙම පාඨමාලාවන් සාර්ථකව හැදෑරු ත්‍රිවිධ හමුදා නිලධාරින්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් වෙත නිල ලාංජන පැළඳවීම සහ විසිරයාම සිදු කෙරිණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිරයාම පැවැත්විණි.
ඉහත සඳහන් පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ ගුවන් හමුදා නිළධාරින්, නිලධාරිනියන්, ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 228 දෙනෙකු, යුද හමුදාවේ නිළධාරින් හා සෙබලූන් 19 දෙනෙකු, නාවික හමුදා නිළධාරින් හා නැවියන් 19 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් හා සෙබලූන් 20 ක් ඇතුළු ති‍්‍රවිධ හමුදා හා විශේෂ කාර්ය බළකා රණවිරුවන් 286 දෙනෙකු හට නිල ලාංඡන පැළඳවීම ගුවන් හමුදාපතිවරයා අතින් සිදුවිය.
ගුවන් හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් ප‍්‍රථම වරට විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිළධාරිනියන් හා ගුවන් කාන්තාවන් පිරිසක් ද විසිර ගියහ.
මෙම අවස්ථාවට සඳහා ගුවන් හමුදා මාණ්ඩලීක ප්‍රධානී, ගුවන් හමුදා මුලික කඳවුරේ අණදෙන නිලධාරී, ත්‍රිවිධ හමුදා, පොලිසිය, සෙසු නිලයන් ඇතුළු පාඨමාලාවෙන් විසිර යන රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වුහ.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බාරයි ඔබට පුතේ. පුළුවන් නම් අරගන්න.