



ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී වනවාස නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවමෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ සිදු කරන්නා වූ මහා සාසනික මෙහෙවර අගයමින් වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානි විශ්ව කීර්ති විභූෂණ ශාසන ගෞරව සහිත මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ.
අභිනව මහානායක ස්වාමින් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලික වනවාස නිකායේ මහානායක අම්පිටියේ මංගල මහා නායක ස්වාමින් වහන්සේ , ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත උපුල්විල සාසනසුමන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද තානාපතිවරුන් ඇතුථ දෙස් විදෙස් ආරාධිත පිරිසක් පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුඛී දීඝායුකෝ භව... තෙරුවන් සරණයි..!!!