




නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැන් පැවැත්වේ.
පාසල් සිසුන්ගෙන් මුදල් අයකිරීමට විරෝධය පාමින් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.
මරදාන ටෙක්නිකල් හන්දියෙන් පාගමන ඇරඹි විරෝධතාකාරුවෝ මේවනවිට කොටුව දුම්රියස්ථානය ඉදිරිපිට රැඳී සිටිති.
විරෝධතාව හේතුවෙන් අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතී.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අන්තරේ කියන මරණාධාර සමිතියේ ඉන්න කුඩු බොන, කසිප්පු බොන රස්තියාදුකාර අන්දරේලා නේද මෙහි පිටුපස සිටින්නේ? අර අහිංසක දරුවන්ට අමානුෂික විදියට පහර දුන්නේ මේ කාලකන්නිගේ කොටසක් නේද? ඇයි මේ උද්ඝෝෂණ නැත්තේ ඒ පාදඩයන්ව සදහටම විශ්වවිද්‍යාලවලින් නෙරපා දමන්න කියලා? ඒවාට උද්ඝෝෂණ නැද්ද පාහරයිනේ... අපේ බදු මුදල් නේද මේ විනාශ කරන්නේ? වැදගත් දෙමව්පියන්ගේ අසීලාචාර මෝඩ රස්තියාදුකාරයින්.. ඒ අහිංසක දෙමව්පියන් ඔය තැනට ගේන්න අනේකවිධ දුක්විඳලා නැද්ද?
රටේ ආර්ථිකය දුවන්නේ ණයට. අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නේ කජු ඇටවලින්ද?
සරසවි සිසුවන්ට ලංකාවේ කුණු ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන් වුනොත් දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දෙන්න පුළුවන් වෙයි. කල්පනා කරලා කියන්නකෝ....
මේ කෑමොර දෙන අය නැද්ද? විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිත් අධ්‍යාපන කඩ දාගෙන දෙමව්පියන්ව හූරාකන්නේ. එතකොට නිදහස් අධ්‍යාපනය ගැන කතා නැහැ නේද?
මේ තමයි මව්බිමේ ඛේදවාචකය... අහිංසක මිනිසුන්ගේ බදු මුදල් විනාශ කරමින් ජන ජීවිත අඩාලකරමින් රඟන මේ කාලකන්නින් විනාශකරමින් සිටින්නේ රටේ අනාගතයයි. මේ අයගේ මේ විනාශකාරී ක්‍රියාවෙන් ජය ලබන්නේ දේශපාලකයන්ය. සියයට 6ක් ඉල්ලන මේ අය විනාශකරන මුදල් සම්භාරය කොපමණක්ද?
විශ්ව විද්‍යාල උද්ඝෝෂණ, නවකවදය, උපකුලපති ප්‍රශ්න සහ ගුරුවරු ප්‍රශ්න විතරමද අපිට විශ්ව විද්‍යාල සම්බන්ධව අහන්න දකින්න ලැබෙන්නේ. රට දියුණු වෙයිද? මේ උද්ඝෝෂණ නිසා මහ මග ගමන් කරන වැඩ කරන ජනතාව කෙතරම් පීඩන වලට මැදි වෙනවද? කෙතරම් මුදල් සම්භාරයක් නාස්ති වෙනවද? මේ උගත් පොත් මෝඩයින්ට තේරෙන්නේ නැත්ද? උද්ඝෝසණ කරලා අමුතු උණක් ගන්නද හදන්නේ. මම නම් කියන්නේ මහජනතාව මුලික වෙලා මේ අය පලවා හරින්න ඕනේ. මේ මෝඩයින්ට කරන්නම ඕනේ නම් කාටවත් බාධාවක් නැති තැනක උද්ඝෝෂණ තියන්න කියන්න. මාපියන් කොතරම් මහන්සි වෙලා ඇත්ද මේ මෝඩයින්ට උගන්වන්න. සේසතම විකුණලත් ඇති ඒ වෙනුවෙන්. කැම්පස් ගිය ගමන් සම(හරක්) අයට අමුතු උණක් හැදෙනවානේ. ඉතින් මව්පියන් සමහර විට තබෙකටවත් මායිම් නොකරනවා ඇති. කියන දේ අහන්නේ නැතුවත් ඇති. ඒ එක්කම අන්තරේත් තවත් හේතුවක් වෙන්න ඇති. කොහොම හරි මේ උද්ඝෝෂණ බොහෝ අය බොහොම වෙලාවට බොහොම අනවශ්‍යය විදිහට භාවිතා කරනවා.
අනිවාර්යෙන්ම නිදහස් අධ්‍යාපනය සුරකින්න
නැති බරි දෙමාපියන්ගේ දරුවන්ව ,ඇති හැකි එවුන් තමයි මේවාට ඈඳා ගන්නෙ..කියන කියන දේට හා කියන..අනිකා පැත්තකට වෙලා ඉන්නවා..පුලුවන් එකාව රට යවනවා.. උපාධිය අරන් අවාම , උන්ට මේ මොකුත් මතක නෑ. .ඇයි මේකට විසඳම් හොයන්නෙ නැත්තේ..මේවා පිටු පස ඉන්නෙ කවුද කියා සොයන එක අපහසු වෙන්න බැහැ නේද..ඒ වගෙම නවක වදයත් ලද ලමයින්ගේ මා පියනට මේවා නොපෙනේද..ඒ අය එකතුවී නේද විරුද්ධ වෙන්න ඕන.. ඒකත් මේකත් එකම තැනින් එනවා බැරිද..
වෙනත් දියුණු රටවක සිසුන් අවුරුදු 20 දී උපාධිය සම්පූර්ණ කරන්නේ කම්කරු රැකියාවල් කරමින්! මගේ ඥාති දුවෙක් , ඕස්ට්‍රේලියාවේ ආපන ශාලාවක පිරිසිදු කරන්නියක් ලෙස රැකියා කරමින් ඉහලින්ම උපාධියසම්පුර්ණ කළා. අපේ ලංකාවේ ළමයින්ට දවල් බත් එකේ සිට අම්මා උයාදීල අක්කලා කිලිටි ඇඳුම් සෝදා දීලා තාත්ත බඩට නොකා අතටත් සල්ලි දෙනකොට මෙන්න කරන්න තිබෙන එකම දේ.! මුන්දලාට භාර දෙන රටේ අපේ ළමයින්ට මොන කලක් යාවිද ? කට ඇරියොත් අපට දියව් විතරයි. අපෙන් රටට කෙරෙන්න අවශ්‍ය මොනවාද කියලා අහන කවුරු හරි මෙතන ඉන්නවාද ?
මේ දරුවන් මෙතන ඉල්ලන දේවල් එයාලට ලැබන දේවල් නෙමෙයි. පහල පරම්පරාව වෙනුවෙන් ඉල්ලන්නේ. ලෝකයේ පිලිගත් දෙයක් තමා රටක් දියුනු වෙන්නනම් ජාතික දලජාතික නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කල යතුයි. නූගත්කම දුරු කරන්න පුලුවන් එතකොටයි. නිදහස් අධ්‍යාපනය නිසයි අපේ රට මේ තරමට හරි තැනකට අාවේ. ඔබ හිතනවද රටේ ජනතාවගෙන් 60%ක් පමන එදාවේල හොයාගන්නේ අමාරුවෙන් එ් ළමයි කොහොමද ඉගෙන ගන්නේ තින්ත ගාන්නයි ඩෙස් පුටු හදන්නයි,පන්තිකාමර හදන්නයි සල්ලි එකතු කරනවා අපේ පාසලේ කනිෂ්ඨය හැදුවේ දෙමාපියන්ගේ මුදල් එකතු කරලා.දැන් පෙලපොතුත් මුදලට.නිකන් ඉගැන්නුවත් මේ රට අපේක්ෂා කරන ලද සංවර්ධනයක් අැති නොවුනේ. සමස්ත ජනතාවගේම අාකල්ප හා නොමනා දේශපාලකයන් නිසා. ඉගෙනගත් එකාගේ වරදින් නොවේ.ඔබට නිතරම සමස්ථයම වෛරී සහගතව දේවේශ සහගතව විවේඡනය කිරීමේ උන්මාදයක් තිබෙනවා.
බොලාට වෙන්කරලා තිබෙන සල්ලි වලින් ඉගෙන ගැනීම පැත්තක දමල බොලා කරන්නේ හැමදාම පාරවල් වල බැහැගෙන අපට ගමනක් බිමනක් යන්න නැහැ හැමදාම මොකක හරි විකාරයක් අල්ලාගෙන උද්ගෝෂණ ,කරන එක
දැන් අර පුද්ගලික අධ්‍යාපන කඩ අහෝසි කරනු කියලා බෝඩ් පේන්න නෑ නේද? මෙයාලගේ ලොක්කන්ගේ දරුවන් ඔය කියන "අධ්‍යාපන කඩ" වලින් උපාධි ගන්න පොටෝ අන්තර්ජාලයා පුරා ප්‍රසිද්ධ වුණානේ. ඉතින් රෙද්දක් ඇඳගෙන එහෙම බෝඩ් උස්සන් ඉන්න බැරිකම මිසක් මෙයාලා හරි ආසයි එහෙම බෝඩ් උස්සන් ඉන්න. නියම වැඩේ කියන්නේ ඔය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන හැම කෙනාම උසස් පෙල පුද්ගලික උපකාරක පන්තිවලට ගිහින් විභාග පාස් වෙච්ච අය.
අපි සරසවියේදී ඔවැනි උදවිය ඒ කාලයේත් දැක්කා. නගරයේ පාසලකට ගිය ඉංග්‍රීසි කතා කල හැකි මධ්‍යම පන්තික උගත් පවුල්වලින් පැමිණි සිසුන්ව පෙන්නන්න බැරි කණ්ඩායමක් හිටියා. ඒ උදවියට නවක වදය සහ උද්ඝෝෂණ ඇරෙන්න වෙන කිසිම දෙයක හොඳක් පෙන්නේ නැහැ.
පහළ පරම්පරාව ගැන හිතන්න කලින් තමන් හරියට ඉගෙන ගෙන ඊළඟට රටට හිතැති වැඩක් කරන්න හිතට ගන්න. ඊළඟට කරන්නේ රජයේ රැකියාවල් දෙන්න කියලා බෙරිහන් දීලා එකත් කරගෙන සේවය පතා ගෙන එන බදු ගෙවන ජනතාවට ගොරවන්න . අනෙක් රටවල් වල සරසවි ළමයින් මෙහෙම කාලේ නාස්ති කරමින් පොදු ජනතාවට අවහිර කරමින් පාරේ කෑගහන්නේ නැහැ . ඕවා ප්‍රවර්ධනය කරන මොකද්දෝ සමාජ වෛරයතින් පෙලෙන අය ඉන්න රටවල් හැමදාම එකතැන .
ධනුෂ්ක මයා. සයිටම් ප්‍රශ්නය ඉවරද? ඔබ පෙරටුගාමීද? ජවිපයද? 6% හැර කියන්න හෝ ඉල්ලන්න දෙයක් ඇත්තෙම නැත්ද? පව්... උද්ඝෝෂණය කර පාරවල් වසා මෝඩ වීරයන් වීම හරහා මොවුන් රටේ දියුණුවට කරන දෙයක් තිබේද? වෙන රටවල ස්වේච්ඡාවෙන් රෝහල් පාසල් සුද්ද කිරීම මගින් මුදල් ඉතිරිය, රටට සේවය සැලසේ... රටේ පාලකයන් කරන හොරකම් නැවතීමට මොවුන් උද්ඝෝෂණ කරනවද? එකට මගුල් කති... පෙරටුගාමීහු මෙම උද්ඝෝෂණ හරහා ඒවා අමතක කරවති.
අනේ බොල ධනුෂ්කයෝ. ඔය උපාධි ගන්න අය කීදෙනෙක් ලංකාවෙන් පිනට ඉගෙනගෙන විදේශීය රටවල් වල පදිංචිවෙලා ඉන්නවද කියලා දන්නවද? නිකන් බොරුවට කහින එක දැන්වත් නවත්තන්න. සතුටුවෙන්න මෙතරම් හරි දෙයක් පිනට ලැබෙන එක ගැන...
ධනුෂ්ක ඔබට ලොකු ආතතියක් තිබෙන බව පේනවා. අනුන්ගේ දරුවෙක් පිටරට ගිහින් ඉගෙන ගැනීම ගැන ඔබේ අදහස් ඉතා බොළඳයි. ඒ දරුවාගේ මව්පියන් ඔබ වැනි අයගේ උසස් අධ්‍යාපනයට බදු ගෙවපු උදවිය විය හැකිය. ඔබගේ වැඩිහිටියන් අනෙක් දරුවන්ගේ අධ්‍යාපනයට බදු ගෙවූ අයදැයි මම නොදනිමි. එහෙත් සමාජය පිළිබඳ කිසිම ධනාත්මක ආකල්පයක් ඔබට ලබා දී නැති බව නම් හොඳින් පැහැදිලියි.
ධනුෂ්ක ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ පිටරට අධ්‍යාපනය ගැන කතා කරන්නේ. පිටරට සිට අර්ධකාලීන රැකියා කරන සරසවි සිසුන්ට පිටකොටුවේ රැකියාව කළාම තිබෙන්නේ තුට්ටු දෙකේ පඩිය පමණයි. ඔබ දන්නවාද ඕස්ට්‍රේලියාවේ මූලික තලයේ බැංකු රැකියාවක් සඳහා ආපන ශාලාවක පාර්භෝගික සේවා කල තරුණයෙකුට අවස්ථාව දෙන බව... ලංකාවේ නීලගිරි හෝටලේ වැඩ කරලා ඉල්ලන්නකෝ රජයේ බැංකුවකට. ඒ වගේම ඒ සිසුන්ට පිරිසිදු ආහාර, සෞඛ්‍ය පහසුකම් සහිත යහපත් ජීවන තත්වයක් මෙන්ම පොතට සීමා නොවූ ප්‍රායෝගික පාඨමාලා හදාරන්න ලැබෙනවා. නිතරම අනුන්ගෙන් යැපෙන්නේ නැතිව තමන්ගේ ජීවිතේ වගකීම ගන්න සිසුන් හුරුවෙනවා. දියුණු ප්‍රවාහන සේවා සිසුන්ට සුබසාධන කටයුතු පහසුකම් ලැබෙනවා. පිටකොටුවේ හෝටලේ වැඩ කරමින් කොළඹ සරසවියට ඉගෙන ගන්න කියලා මම ධනුෂ්කට සාදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අනුන්ගේ ලැබීම්වලට සමච්චල් කළ පමණින් ඔබ අදහස් අපි පිළිගන්නේ නැති බවත් කියන්න කැමතියි...
මෙතන කෙනෙකුට ලොකු හීනමානයක් තිබෙන බව පැහැදිලියි. උගතුන් පාරවල් ගානේ රස්තියාදු වෙන්න උඩ ගෙඩි දෙමින්, තමන් ඉගෙන ගත යුතු කාලයේ රටේ දැනමුතු මිනිස්සුනට ගෝරනාඩු කරමින්, පවතින සමාජ ක්‍රමය එක රැයකින් ගෙම්බර් දමා වෙනස් කළ හැකි යයි සිතන බූරු තඩියෙක් මේ පාඨක සභාවේ ඉන්නවා.
මේ ළමයි ඉගෙනගන්න එක පැත්තක තියලා පාරවල් ගානේ රස්තියාදු ගහලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. එදා වීරසූරිය පේරාදෙණියේදී මැරුන දවසේ ඉඳං එලියට අාපු අයයි රට කරවන්නේ... නිලධාරීන් වෙලා ඉන්නේ.. ඉතින් ඇත්තටම ඔනේ නම් එයාලට එ්ක කරන්න පුළුවන්... දේශපාලනයට බැන්නේ බොරුවට.. ඔයාලට අධ්‍යාපනයට යමක් කරන්න ඕනෙනම් හොඳින් ඉගෙන ගන්න කාලය පාරවල් වල නාස්ති නොකර අධ්‍යාපන කප්පාදුවක් තියේනම් ඒවාට ඔයිට වඩා දියුණු විදියට මැදිහත් වෙන්න. තනිකරම තාරුණ්‍යයේ හැඟීම් හරහා බංකොලොත් දේශපාලනයක් මේ යන්නේ.. රටේ තව වැඩ තියෙනවා.. අධ්‍යාපනය විතරක් නෙවෙයි. චිනයේ ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන්නේ.. එ්ත් අඩුම නාන්න වතුරවත් සීතල කාලෙට හීටර්ස් වත් නැහැ.. අපේ ජලය, විදුලිය, අාහාර, නවාතැන්, අධ්‍යාපනය සියල්ල නොමිලේ... තමන්ගේ අධ්‍යාපනය හරියට කරගන්න. ඒ ඇති ඔයාලා නැතිවුනාට
ඔයාලව නටවන අර අලුත් ඉඩම් හිමි වැවිලි කාර රතු අලි ලොක්කගේ දරුවා නම් ජයටම පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියකුත් අරන් වේගයෙන්ම රටේ ශ්‍රම බලකායට එකතු වුනා නේද?
අනේ ධනුෂ්ක, පොලවේ පය ගහලා රට ගැන හිතුවොත් නරකද? ලංකාවේ නොමිලේ උසස් අධ්‍යාපනය ලබන්නේ කීයෙන් කී දෙනාද? කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දිස්ත්‍රික් කෝටාවට අසුවෙලා එක ලකුණකින් සරසවිය අහිමි වූ දක්ෂ දරුවන් කීදෙනෙක් ඉන්නවද? ඒ ළමයින්ව කුඹුරු කොටන්න හරි පිටකොටුවේ හෝටලේ වැඩට යවන්න කියලද ධනුෂ්ක කියන්නේ...? අධ්‍යාපනය සැමගේම අයිතියක් කියා නොදන්නා , මුදලක් ගෙවා හෝ මනා අධ්‍යාපනයක් ලැබීමට සැමට අයිතියක් ඇති බව නොදන්නා උගතුන්ද මේ රටේ ඉන්න හැඩයි. කන්නන්ගර මහතා හිටියා නම් මේවගේ අමන කතා අහලා ඔලුවේ අත ගසා ගනීවි.
ආ ධනුෂ්ක, මොකද මේ ඔබතුමා කියන්නේ මේ රටේ සංවර්ධනයක් නැත්තේ සමස්ත ජනතාවගේ ආකල්ප නිසා කියලා. ඒ කියන්නේ මේ රටේ හරි හමන් ආකල්ප තිබෙන එකම කොට්ටාශය ඔබ සහ මේ මෝඩ සිසුන් රොත්ත කියලද කියන්නේ? හැම දෙයක්ම නොමිලේ ලැබෙනකම් බලන් ඉන්න. අපට දියව් යන වචන ටික විතරක් දන්නා බක පණ්ඩිතයන් ඉන්නා රටක මොන දියුණුවක්ද?
මේ සියලුම දෙනා කියන්නේ විශ්වවිද්‍යාල වහන්න කියලද? ළමයින් උද්ඝෝෂණ නොකළා නම් මෙලහට බලාගන්න තිබුණා රඟේ..
වෙදගේ, මෙතන මිනිස්සු කියන්නේ විශ්ව විද්‍යාල වහන්න කියලා නෙවෙයි. හැම දෙයක්ම අතට පයට බලාපොරොත්තු නොවී, ජනතාවගේ බදු මුදල් නාස්ති නොකර, කාලේ නාස්ති නොකර ඉගෙන ගන්න කියලා. කිසිම දියුණු රටක නැති වරප්‍රසාදයක් ලැබුණා මදිවාට, එ්කත් මදි කියමින් පාරවල් අවහිර කරමින්, ජනතාවට බාධා කරන හරිද?
නිකම්ම පාරට බැස අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නට යයි කියා මොරගාන්නේ නැතිව, එම 6% ලබාගැනීම සඳහා කපාහැරිය යුතු රජයේ අනිකුත් වියදම් මොනවද යයි යෝජනා කිරීම වැදගත්... උදාහරණ ලෙස, අධ්‍යාපනය සඳහා 6%ක් ප්‍රතිපාදන වෙන් කිරීම උදෙසා, කපා හැරිය යුතු අනිකුත් රජයේ වියදම් වන්නේ සෞක්‍ය සේවයද, සමෘධි ගෙවීම්ද, ආරක්ෂක සේවාවන්ද, මාර්ග නඩත්තු කිරීමද, ප්‍රවාහන සේවාවන්ද, එසේත් නැත්නම් සියලු රජයේ සේවකයින්ගේ වැටුප්ද යන්න ඔවුන් ඔසවාගෙන සිටින සටන් පාඨවල සඳහන් කිරීම වඩා අර්ථවත් යයි සිතමි...
හැමෝටම කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. නිකන් දෙන කොට කිසිම දේක අගයක් නැහැ. අමාරුවෙන් හම්බකලාද රුපියලක් ඒක වටිනවා මහේ මෙරක් වගේ. පිනට රුපියල් දාහක් ලැබුනත් අගේ නැහැ. මමත් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය පිහිටෙන්. නමුත් කිසිම විටක ඇති දේ අගය කල මුත් නැති දේට හඩා වැටුනෙත් නැහැ. අපි අකමැති වුනත් ලැබෙන්න තියන දෙයක් ලැබෙනවාමයි. කාටවත්ම ඒක නැති කරන්න බැහැ. අඩුම ගනනේ තමන්ටවත්.