හිටපු ජනාධිපතිනිය මුලතිව් සංචාරයක හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට ද සහභාගී වූවාය. 09 January 2019
කොටුව දුම්රිය පොළ අසල විරෝධතාවයක් “තවත් විධායක ජනාධිපතියෙක්” එපා යන තේමාව යටතේ විරෝධතා වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද (8) පැවැත්විණි. 08 January 2019
නවීන් - තොන්ඩමන් අතර හමුවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අතර හමුවක් අද (08) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිය. 08 January 2019
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකෙරේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 10ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා සිහි කිරීමේ අවස්ථාවක් බොරැල්ල සුසාන භූමියේදී අද (8) පැවැත්විණි. 08 January 2019
එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකගේ 120 වැනි ජන්ම දිනය සැමරේ දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළ දී පැවැත්විණි. 08 January 2019
ලග්ගල හරිත නගරය ජනතා අයිතියට මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතියෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුවිය. 08 January 2019
තැපැල් ජාලය භාවිතයෙන් රක්ෂණ වාරික අය කිරිමේ ක්‍රමයක් තැපැල් ජාලය භාවිතයෙන් ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික අය කිරිමේ නිල උත්සවය තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති ඒ.එච්.එම් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මුලස්ථානයේ දී අද (7) පැවැත්විණි. 07 January 2019
කරපිංචා කන කට පිංචා කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු කෘමියෙක් බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබේ. 07 January 2019
නුවරඑළියට මල්තුහින නුවරඑළිය නගරය හා ඒ අවට බොහෝ ප්‍රදේශයන්ට අද (6) අලුයම් කාලයේ මල් තුහින පතිත වී තිබිණි. 06 January 2019
අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගනියි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගැනිමෙන් අනතුරුව, කල්‍යාණ වංශ නිකායේ අනුනායක දෙවිනුවර රජමහ විහාරාධිපති අචාර්ය දෙවිනුවර ශ්‍රී සුනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 05 January 2019
නව නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(04) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය. 04 January 2019
කැස්බෑ පැටව් දිවි සැරිය සොයා යති කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් විදේශීය සංචාරකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩැල්ල වෙරළ තීරයේදී අද (03) පැවැත්විණි. 03 January 2019
රජරට සිසුහු කොටුවේ විරෝධතාවක රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් සිසුහු අද (03) උද්ඝෝෂණයක් කළහ. 03 January 2019
හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල පල්ලේගම නගරයේ සියලු ඉදි කිරීම් මේ වන විට නිම වෙමින් පවතී. 03 January 2019
ඉවෙන්ට් මීඩියා ආයතනය ගිනස් පොතට ඉවෙන්ට් මීඩියා ආයතනය විසින් සංවිධානය කළ ලෝකයේ සැබෑ මනාලියන් වැඩිම සංඛ්‍යාවක් සහභාගි වූ මනාලියන් දැක්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී අද (02) පැවැත්විය. 02 January 2019
එෆ් ආර් සේනානායක ගුණ සැමරේ මෙරට නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එෆ්.ආර්.සේනානායක මහතාගේ 93 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි සේනානායක පිළිරුව අභියසදී අද (01) පැවැත්විණ. 01 January 2019
ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල යෙදීමට පැමිණි බැතිමතුන්ගේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පිරී තිබිණි. 01 January 2019
සංඝරත්නයේ ආශිර්වාද මැද රජයේ වැඩ අරඹයි එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජයේ නව වසරේ වැඩ කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (1) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 01 January 2019
නව වසර පිළිගන්න ලොව පුරා උත්සව ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව උදාවූ 2019 නව වසර උත්සවාකාරයෙන් සැමරූහ. 01 January 2019
විශ්‍රාමික නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද(31) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා නාවික හමුදාපතිවරයාට සමරු කලාපයක් පිරිනැමුවේය. 31 December 2018
අග්‍රාමාත්‍යවරයා අ‘පුර සිද්ධස්ථාන වැදපුදා ගනී අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට ගොස් උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 30 December 2018
අගමැති සෝමාවතී පුදබිම වැඳපුදා ගනියි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවේ සෝමාවතී පුදබිම වැඳපුදා ගැනීමට අද (29) පැමිණියේය. එහිදී ආගමික වතාවත්වලටද එතුමා සහභාගි විය. 29 December 2018
’’අනඳ ප්‍රතිභා’’ 2018 ප්‍රසංගය නව වන වරටත් දේශීය නර්තන සම්ප්රදාය සුරකිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරණු ලබන ’’අනඳ ප්‍රතිභා’’ 2018 සංස්කෘතික නර්තන ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (28) පැවැත්විය. 28 December 2018
සුජීව සේනසිංහ ඇමැති ධූරයේ වැඩ අරඹයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම බත්තරමුල්ල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී අද (28) සිදුකෙරිණි. 28 December 2018
අගමැති උතුරේ අවතැන්වුවන් බලන්න යයි ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරයක නිරතවිය. 28 December 2018
පී. හැරිසන් ඇමැති ධූරයේ වැඩ අරඹයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථීක අමාත්‍යංශයේ දී අද (28) පෙරවරුවේ වැඩ බාරගත්තේය. 28 December 2018
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වැඩ බාරගනී කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා වැඩ බාරගැනීම රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (27) සිදු කෙරිණි. 28 December 2018
ඩොල්ෆින් බලන්න කල්පිටියට එන්න කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් මවනා සුන්දර දසුන් මේදිනවල නිරන්තරයෙන් දැකිය හැකිය. 27 December 2018
පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක් ආර්ජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කම දිනාගත් මලල කී‍්‍රඩිකා පාරමී වසන්තිට ලක්ෂ 30 ක් පමණ වටිනා නිවසක් පිරිනමන ලදි. 26 December 2018
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026