“තවත් විධායක ජනාධිපතියෙක්” එපා යන තේමාව යටතේ විරෝධතා වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද (8) පැවැත්විණි.
අලුත් පියාපත් සංවිධානය එය සංවිධානය කර තිබිණි.
මෙම වසර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන වසර බවට පත් කිරීම මෙම විරෝධතා වැඩසටහනේ අරමුණ යැයි එහි සංවිධායකයෝ කීහ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සනිටුවහන් කරමින් අවමංගල්‍යක ස්වරූපය විදහා දැක්වෙන පරිදි මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
ශෝකය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන බැනරයක් ද එහි තිබූ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය දක්වමින් බොහෝ පිරිසක් ඊට අත්සන් තැබූහ.
විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කර වසර 41ක් ගෙවී ගොස් තිබුණත් රටට පිළිලයක් වී තිබෙන අහෝසි කිරීමට නොහැකි වී ඇති බව විරෝධතා වැඩසටහනේ සංවිධායකයෝ කීහ.
තවත් ජනාධිපතිවරයකුගෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි නොඉල්ලන බවත් මේ වසර විධායක ජනාධිපති ධුරයේ මළගම සනිටුවහන් කරන වසර බවට පත් කරන බවත් ඔවුහු කීහ.
ඒ වෙනුවෙන් මෙම විරෝධතා වැඩසටහනට සමගාමීව රට පුරා විරෝධතා පැවැත්වෙන බව කී ඔවුහු ඉදිරියේදී රට පුරා විරෝධතා වැඩසටහන් පවත්වන බව ද සඳහන් කළහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි ලංකාවේ ඡන්ද දායකයින්ට පුළුවන් වෙන්නේ තමන් කැමති කෙනාට ඡන්දය දී රටේ නායකයා කරන්න. එසේ නොමැතිව රටේ නායකයා පත් කරන්න පාර්ලිමේන්තුවට බලය දුන්නොත් වෙන්නේ ඒ අය මුදලට යටවී (විශේෂයෙන්ම ඩයස්පෝරාවේ) සිංහල බෞද්ධ නොවන නායකයෙක්ව වුනත් පත් කර ගන්න. එනම් යුද්ධයෙන් ලබා ගත නොහැකිවූ දේ අප රවටා සහ මුදලකට ලබා ගැනීමයි. බොහෝ මන්ද බුද්ධික ලාංකිකයන්ට මෙය නොතේරේ...
හොඳයි හොඳයි මේ ළමයි ටික කීයක් හරි හම්බ කරගන්න එක.
මේ කොහෙන් ආපු අයද ?
දීන මානසිකත්වයක් ඇති අයට හැර උගත්, බුද්ධිමතුන්ට විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය නොවේ...
ඔය ඡන්ද ගන්න දේවල් රනිල් මහාතාට බැහැ. ඉතින් මොන මගුලකටද? ඔය පින් අගමැති හොඳටම ඇති...
ඔයගොල්ලෝ එපා කිව්වට හෙට විධායක ජනාධිපතිලාට කැමති කූඩැල්ලෝ ගොඩක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරනවා.
ජේ.ආර්ට දෙන්නත් එපා.. දුන්නොත් ආපහු ගන්නත් බෑ කියලා කවුදෝ කිව්වා මේ කතන්දරේ තමයි. මදැයි 77දී දීලා කරගත්තු හරිය..
රනිල් කීය ගානේ දුන්නද? මේ අයට මුළුමහත් රටේම ඡන්ද දායකයින්ගේ ඡන්දෙන් පත්වෙන විධායක ජනාධිපති තනතුර අහෝසි කරලා, පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් අගමැති වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පස්ස දොරින් විධායක බලතල අතට අරන් රජවෙන්න පුළුවන් වෙන විදියේ ව්‍යවස්ථාවක් හදාගන්න උද්ඝෝෂණ කරන්න...
මේකයි එහෙනම් සජිත්ට කිව්වේ ඔය ජනාධිපති මම අගමැති කියලා නේද? ගොනා හැරෙනකොට අපට කියන්න පුළුවන් පොල් පැලේට වැඩක් දෙන්න තමයි යන්නේ කියලා...
අපි එකඟයි මේ දැන් ඉන්න ජනාධිපති... රටත් කෑවා... ජනාධිපති කමේ ගරුත්වයත් කෑවා...
මේ රටේ ජනාධිපති තනිකරම කරන්නේ විකාරනේ...
ඔව් ඔව් යන්න පාර්ලිමේන්තු ක්‍රමේට එතකොට බලාගන්න පුළුවන් වේවි, ජාතිවාදී ආගම්වාදී පක්ෂ මේ රට තමන්ට උවමනා විදියට පාලනය කරන හැටි. විධායක බලය තමා මේ රට යම් තරමකින් හෝ ආරක්ෂා කරයි..... අපි අද නිදහසේ හුස්ම ගන්නෙත් ඒ විධායක බලයට පින් සිද්ද වෙන්න
පෙනුමෙන් නම් තවත් සමනල රෑනක් වගේ.
මෙහෙම ගියොත් රටට බුදු සරණයි
විධායක ජනාධිපතිකම අහෝසි කිරීම අවශ්‍යද? නැද්ද? යන්න පිළිබඳ මත විමසුමක් කරලා බලමුද?
අලුත් පියාපත් .....කවූ ද මේ කියන සංවිධායකයෝ .... මෙතන ඔක්කොම පස් දෙනෙක් විතරනේ ඉන්නේ ...
විධායක ජනපති රටට අත්‍යවශ්‍යයි.
ඇයි "විධායක අගමැතිකම"? ඒක තිබුනට කමක් නැද්ද? රටේ තියන ප්‍රශ්නයක් කතා කරන්නකෝ මේ මල විකාර නැතුව
එතකොට අපි නම් අහල තියෙන්නේ අර තිස් වසරක ශාපලත් යුද්ධය අවසන් කරන්න මුලික හේතුව මේ විධායක ජනාධිපති ක්‍රමය කියලා, මොකද එදත් මේ වගේ ගෙම්බා පනින ඇමතිලා එක්ක යුද්ධය ඉවර කරන්න ගියානම් අපි තාමත් අපි බෝම්බ පරාවක් කනවා. එදා හිටපු ජනාධිපතිට හිතුන, ගහලම ඉවර කරා. මටනම් පේන විධියට මේ "විධායක ජනාධිපති ක්‍රමයට" බයේ ඇබරෙන්නේ ඔය "සම්බන්ධන්ලා" "විග්නේශ්වරන්ලා" වගේ ජාතිවාදීන් සෙට් එක විතරයි
කවුද දන්නෙ නෑ මේ ඩොලර්වලට කහින කාක්කෝ. දැං රටේ නැති සංවිධානයක් නෑ. නම අලුත් පියාපත් ලු. කාගේ හරි කීමට ඇවිත් බුරනවා උනාට කියන දේ තේරුමවත් දන්නේ නෑ.
මේ කවුද? කාගේ මතයද ඉදිරිපත් කරන්නේ? ලංකාව වගේ රටකට අනිවාර්යයෙන්ම විධායක ජනාධිපතිවරයකු උවමනායි. පුළුවන් නම් පාර්ලිමේන්තුව වහල දාන්න කියලා උද්ගෝෂණයක් කරන්න. ඒක අනවශ්‍ය ලෙස රටේ සම්පත් විනාශ කරනවා. ඊටත් වඩා ඒකට යන අය රට කනවා.
අගමැතිවරයෙකුගේ ක්‍රියාකලාපය නතර කලේ ජනාධිපතිවරයා විසිනි. ඒ වගේ වෙලාවක ජනාධිපති තනතුරක ඇති වටිනාකම තමයි පෙනෙන්නේ. කොහොම උනත් දැන් ඉන්න අගමැතිගේ වැඩක් වෙන්න ඇති මේ වැඩෙත් .. මොකද එතකොට රිසි සේ වැඩ කරගෙන යන්න පුළුවන්නේ...
මේ අය රටේ මුළු ජනතාවම නියෝජනය කරනවද නැතිනම් අරමුදල් සපයන අය නියෝජනය කරනවද. NGO නඩ වල ඉන්න හැමෝගෙම ගෙවල් වල තත්වය, ජීවන තත්වය බලපුවහම පෙනෙනවා ,මෙයාලට තියෙන්නේ රට හරි විකුණලා මුදල් සොයාගැනීමේ ආශාවක් . හොඳ 225 හොයාගන්නවට වැඩිය එක හොඳ ජනාධිපති කෙනෙක් හොයාගන්න ලේසියි.
කොහෙන් හරි පළාත් සභා බල ගන් වලා මධ්‍යම පාලනයෙන් ඉවත් වුනොත් අනිවාර්යෙන්ම ස්වාධින රජයන් බිවෙනවමයි. ඒවා වර්ගවාදී වී බිහිසුණු තත්වයක් ඇතිවේ. මෙය උතුරේ පමණක් නොවෙයි දකුණේත් වනු නියතය. මේක අපට නොතේරුනාට සැතපුම් දහස් ගනනක් එපිට සිටින දුරස්ථ පාලකයන් හොඳ හැටි දනී. මධ්‍යම පාලන බලතල අර 225 ට ලැබුනොත් වැඩේ හරිම භයානකය.1977 පෙර කුඩා ඡන්ද කොට්ඨාස වල මෙන් නොව දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් පත් වීමේදී දුර්වල ,වංචනික පුද්ගලයින් ප්‍රමාණ ය වැඩිවිය. දැනට මෙම බල තුලනය ප්‍රමාණවත්ය.
රටේ තියන ලොකුම ප්‍රශ්නය තමයි මේක, මහබැංකු වංචාව, රට විකුනන් කන එකටත් ගියානම් තමයි හොද.
විධායක ජනාධිපති කෙනෙක් අපේ රටකට අවශයි . රට වග කියන කෙනෙක් ඉන්න ඕනේ .පාර්ලිමේන්තුවේ ඉන්න 225 රටට වග නොකියන බව දැන් හොද හැටි වැටහෙනව . රට සමස්ත වැඩි ඡන්ද ප්‍රමාණයකින් බලයට එන ජනාධිපති හා ප්‍රාදේශීය ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ රටේ බලය ලැබෙන අගමැති කෙනෙක් ලංකාව වගේ රටකට උචිත වන්නේ නැහැ .
කරුණාකරලා කියන්න විධායක ජනාධිපති නිසා රටට උණු එක විනාසයක්, අපිට හැගෙනතරම, නාමික ජනාධිපති ජාත්‍යන්තරයට හැරවිය නොහැකි ඒ කියන්නේ ජාතියන්තර බලපෑම් වලට කොන්ද පන ඇතුව කටයුතු කලනොහැක.
ඔව් අපි සම්පූර්ණ බලතල අගමැතිට දීල මහින්ද අගමැති කරනවා මේ අවුරුද්දේ අන්තිම. ඔබලාගේ සටනට ජය.
පාර්ලිමේන්තු මන්ත්‍රීලා සල්ලිවලට විකිනෙන, සල්ලිවට පනත් සම්මත කරන, සල්ලිවලට රට හරි පාවාදෙන මන්ත්‍රීන් වරු සිටින රටක විධායක ජනාධිපති ධුරයත් අහෝසිකලොත් රට සහ ජනතාව අනාතයි.........ජනාධිපති තුමනි මීට අවුරුදු කිහිපයකට පෙර අපිත් කැමැත්තෙන් සිටිය මෙය අහෝසි කරනවට නමුත් දැන් මෙය අහෝසි කරනකම් බොහෝ දෙන බල සිටිනවා අපේ රට තුළ ඔවුන්ගේ බලය පැතිරවීමට , රට අල්ලා ගැනීමට , ඉහත අය කරන්නේ ඩොලර් වලට ඒසඳහා පාර කැපීමයි. ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙය සිදු නොකිරීමට ක්‍රියා කරන ලෙසයි..
විධායක ජනාධිපති ක්‍රම තිබෙන සංවර්ධනය වෙමින් පවතින සියලු රටවල දූෂණ, වංචා වැඩි බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. මෙවැනි රටවල හිටපු ජනාධිපතිවරු අවසානයේ නවතින්නේ හිරගෙදර නැත්නම් රටින් පිටව ගිහින්...
විධායක ජනපති අයින්කරලා 225 කොටස් වෙළඳපලේ ලියා පදිංචි කලොත් හරි!