

ඉවෙන්ට් මීඩියා ආයතනය විසින් සංවිධානය කළ ලෝකයේ සැබෑ මනාලියන් වැඩිම සංඛ්‍යාවක් සහභාගි වූ මනාලියන් දැක්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (02) පැවැත්විණි.
ලෝක ගිනස් වාර්තා සංගමයේ කොන්දේසි වලට යටත්ව මෙම මනාලියන් දැක්ම සංවිධානය කර තිබූ අතර මෙරට විවිධ පළාත් වලින් මනාලියන් 73 දෙනෙක් සහභාගිවූහ.
මේ සඳහා 2018 ඔක්තෝබර් මස 02 වැනිදා සිට 2019 ජනවාරි මස 02 දක්වා කාලය තුළ විවාහය ලියාපදිංචි කළ මනාලියන් තෝරා ගෙන තිබිණි.
එම අවස්ථාවේදී ලෝක වාර්තා විනිසුරුවරියක වන ලුසියා සිංගලිශ් මහත්මිය ගිනස් ලෝක වාර්තාවට හිමි සහතිකය ඉවෙන්ට් මීඩියා ආයතනයේ අධ්‍යක්ෂිකා නිරෝෂා මෙන්ඩිස් මහත්මිය වෙත පිරිනැමුවාය.
මෙහි පෙර වාර්තාව හිමිකරගෙන තිබෙන්නේ 2011 වර්ෂයේ දී ප්‍රංශයේ පැරිස් නුවර මනාලියන් 54 ක් සහභාගි කරවාගනිමින් පැවැත්වූ මනාලියන් දැක්මක් සඳහාය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනට තියෙන්න ඇති. මුණු වලට බදාම ගාලා කපරාරු කරන්න ගොඩක් වෙලා යන්න ඇති.
සුභ පැතුම්!