



(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 10ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා සිහි කිරීමේ අවස්ථාවක් බොරැල්ල සුසාන භූමියේදී අද (8) පැවැත්විණි.
මෙම අවස්ථාවට වික්‍රමතුංග පවුලේ ඥාතීහු, මාධ්‍යවේදීහු, මැති ඇමැතිවරු මෙන්ම විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සොයුරාණනේ නුඹ මැරු ඒ මැර කල්ලී " " බලයට එන්න දඟලයි විසිකොට සල්ලී " " කල පව් අමතකව සටනට යළි එල්ලී " " දඟලනු පෙනේ සමගින් ඒ සිරි මල්ලී " " කොපමණ දැගලුවත් කල පව් පලදීම " " සිදුවී තිබෙන බව පෙන්වයි පිරිහීම " " සිතුවත් කරන්නට කල පව් සේදීම " " අනුවණ කමක් බව වැටහෙයි ළඟදීම "
සාමයේ සැතපේවා!!!
මෙහෙම වෙලාවකදීවත් මෙතුමාව මතක් කරන එක හොඳයි. නැතිනම් දැනටමත් ප්‍රභාකරන් කවුද කියලා අමතක වෙලා ඉන්න අපේ අය මෙතුමාගේ නම ඇහෙනකොට, කවුද ඒ කියලා අහන්න බැරි නැහැ.
මේ මනුස්සයාව මරපු කෙනෙක් හොයන්න බැරිරටක් මේක... මේක ස්වභාවික මරණයක්ද..?
මේ කුරිරු මිනී මරුමත් අවිනිශ්චිත ගිනුමටද බැරවෙන්න සලස්වන්නේ ?
මැති ඇමතිවරුන්ට ලජ්ජා නැද්ද මෙතනට එන්න. ලසන්තගේ මළ උඩින් බලයට ඇවිත් දැන් අවුරුදු හතරයි.
මේ ගැන ලංකාවේ වාරණයට ලක්ව ඇති "ලංකා ඊ නිව්ස්" පලකර ඇති සටහනක මෙසේ දැක්වෙයි. "ලසන්තගේ ඝාතනය ගැන සෙවීම උඩට ආවේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව වුවද ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් හයක්, හතක් පමණ යොදවද්දී ලසන්තගේ මිනීමරුවා ලෙසට චෝදනා නැඟෙන අයෙකුගේ ආරක්ෂාවට පොලිසියේ විශේෂ කාර්ය බලකා සෙබලුන් 48ක් යොදවා තිබෙන පරිසරයක අපි තවමත් ලසන්ත ඝාතකයන් ඇල්ලුවේ නැතැයි ආඩාපාලි කියමු. ලසන්ත සේම හෝ ඔහුටත් වඩා ජාත්‍යන්තර තලයේ කීර්තියක් අත් කරගත් කතුවරයෙකු වූ සිවරාම් හෙවත් තාරකී ඝාතනය ගැන සියළුම දෙනා කට වසා ගෙන සිටිති. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර වසර9 කි. ලංකා ඊ නිව්ස් ගිනි තබා වසර 8 කි. ගිනිතැබූ විට ප්‍රථමයෙන්ම ඒ ගැන නිරීක්ෂණයට ආ අය අතර වත්මන් අගමැතිවරයා ද විය. ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන පරීක්ෂණයක්වත් නැත. මාධ්‍යවේදීන්ගේ මළ මිනී උඩින්, ගිනි තැබූ මාධ්‍ය ආයතනවල අළු මතින් බලයට ආ යහපාලන ආණ්ඩුව දෙවන වරටත් බලය තහවුරු කර ගැනීමෙන් පසු දැන් කරමින් සිටින්නේ කුමක්ද? මේ සියළු පරීක්ෂණවලට බාධා කළ අයෙකු සමග යලි සම්මුති ගසමින් නිදි වැදීමත් ඇමැතිධුර ගැන එකිනෙකා මරා ගැනීමත් නොවේද?"
ප්‍රේමදාසගේ කාලෙ මාරපු අයවත් මතක්කරනවා නම් හොඳයි.