






(රොමේෂ් මධුෂංඛ)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට ද සහභාගී වූවාය.
මුලතිව් වෙත පැමිණි හිටපු ජනාධිපතිනිය පිළිගනු ලැබුවේ මුලතිව් දිස්ත්‍රික් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වූ අතර පසුව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක නිරතවිණි.
පසුගිය දිනයන්හි ගංවතුර හේතුවෙන් ආපදාවන්ට පත් වූ වැව් හා නිවාස සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රීක් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ එහිදී හිටපු ජනාධිපතිනිය සාකච්ඡාවක නිරත වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් එපාවෙලා හිටිය දේශපාලන නරාවලට බහින්න වගෙයි කල්පනාව. 21කුත් පස්සෙන් එනවා කියනවානේ.
රට කඩල දෙන්න ඕනෑ කොහොමද කියලා අහන්න යන්න ඇති.
එ්කේ සත්රන්ට පහරදී පරාජය කරයි... සියල්ල විසඳුනාට පසුව අනෙකෙක් සතුරන්ට ලංවී තම අභිවෘද්ධියට කටයුතු කරනවා. සිංහලයාගේ හැටි අතීතයේද එසේමය. පෘතුගීසි, ලන්දේසි, ඉංගීසි ඔන්න ඕකයි තත්වේ..
මෙයාට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පැවරුවේ කවුද? මහින්දගේ ඕනෑම සතුරෙක් තමා හා මිත්‍ර වනු ඇත. ප්‍රභාකරන් වුනත් එහෙමයි.. ඔන්න ඕකයි තත්වේ..
අනේ ඉතින් ආසාවනේ නේද? එත් දැන් නම් බලයක් හදාගන්න එක හීනයක් එත්... නරකද දැන්පිනක් දහමක් කලොත් යන තැනකටවත් වටිනවනේ.
ඉක්මනට ඇවිත් අපේ රට බේරගන්න අම්මේ... අපි පවුල් පිටින් ඡන්දෙ දෙනවා ඔබතුමියට...
දකුණේ දේශපාලකයින් ගංවතුරෙන් හානියට පත් උතුරේ ජනතාව හමුවීමට යාම හොඳ දෙයක්... සමහරුන්ට නම් හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ මිනිසුන් සමග හැමදාම කුලල් කමින් දේශපාලන වාසි ගන්නට හැකි නම්, ඊට වඩා දෙයක් නැහැ...
චන්ද්‍රිකා රට කෑවා.. තවත් කන්න ඉඩදෙන්න එපා.
ගණන්කාර නගරන්ලාට හෝ රාජාණ්ඩුවලට ගැති යටත්වැසි දේශපාලන බැතිමත්තු, ඔබතුමියට කැමැත්තක් නොමැති වුනත්, මේ රටේ උගත්, බුද්ධිමත්, නීතිගරුක, යුක්තිගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව තවමත් ඔබතුමියට ආදරෙයි.
මෙතුමිය තරම්, ජාත්‍යන්තරය පිළිගන්නා වෙනත් නායකයෙක් ලංකාවේ නැහැ. සාධාරණව බැලුවොත් ඒක තමයි ඇත්ත...
පහුගිය කාලය තුළ මේ මජර දේශපාලනයෙන් ඈත්වෙලා හිටපු අපිට මේක නම් ඉතාම සතුටුදායක ආරංචියක්... අපිත් අනිවාර්යයෙන්ම පෙරට එනවා ඔබතුමියගේ උදව්වට...
පවුල්වාදය හරහා පුතාව දේශපාලනයට දාගන්න යනගමන්...
නෝනේ ඔයාට මතකද අර මුලතිව් මහසටන? ඒ වේලාවේ නිවැරදි දේශපාලන නායකත්වයක් දුන්න ඔයාගේ මාමා ජෙනරාල් රත්වත්ත වගේ හිටියා නම් අදටත් ඔහේ අපේ නායිකාවක්...!!
සමහර අයගේ අදහස් දැක්කහම එයාල කොච්චර ජාතිවාදීද කියල තේරෙනවා. කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්ටෙර්නෙට් එකේ දේශප්‍රේමී වෙන්න හදන අය තමයි එයාල
මෙතුමියට රාජ්‍ය නිලධාරීන් කැඳවීමට ඇති බලය කුමක්ද? එවැනි බලයක් කිසියම් පනතකින් හෝ අනෙක් ක්‍රමයක් මගින් නීත්‍යානුකූලව ලැබී ඇද්ද?
කැකිරි පැලෙන ටිකිරි සිනාව......