





රුවන්වැලි චෙත්‍යාරාමාධිකාරී නුවර කලා විය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දුටු අවස්ථාව


උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමි බැහැදුටු අවස්ථාව
අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට ගොස් උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කළේ ශ්‍රී මහා බෝධියේ පළමු සහ දෙවැනි රන් වැටට අලුතින් රන් ආලේප කරිමට කටයුතු සුදානම් කර ඇති බවයි.
එමෙන්ම ඉන්දියාවේ රන්කරුවන් විසින් ශ්‍රී මහා බෝධි රන්වැට සඳහා රන් ආලේප කිරීමට නියමිතව ඇතැයිද , ලබන පෙබරවාරියේදී එම කටයුතු අරඹන බවද පැවසු නාහිමියෝ එම කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට බලපොරොත්තු වන බවද සඳහන් කළේය.
සිරිනිවාස නාහිමි බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑයද වන්දනා කළේය.
අග්‍රමාත්‍යවරයා රුවන්වැලි චෙත්‍යාරාමාධිකාරී නුවර කලා විය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර රුවන් වැලි මහසෑය වෙනුවෙන් කප්රුක් පුජාවක්ද සිදු කළේය.
( අංජුල මහික වීරරත්න ) ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නායක ස්වාමින් වහන්සේලා කලින් පෙන්වන ලද දේශපාලන නැඹුරුකම් ගැන හිතලා බැලුවොත් අගමැති තුමාට හොඳක් නම් අහන්න ලැබෙන්න නැතුව ඇති.
හපොයි... අගමැතිතුමාට මොනවද මේ වෙලා තියෙන්නේ? අගමැතිතුමා දැන් දිගට, හරහට පන්සල් යනවා. පිරිත් කියවනවා. මොකක් හරි අවුලක් වත්ද?
ජීවිතය පුරාවටම බටහිරටම අාවඩපු අපගේ මාතෘ භූමිය විකුණන් කාපු සිංහල සුද්දන්ට ළගදී ඉඳලා අනිත්‍ය, අනන්තය, හයරියන් ධර්මතාවය සහ වැලිගම ගැන මතක් වෙලා වගේ. ම්ම් ... හොඳා. මොනදේ කළත් තමාගේ හිතට නම් බොරු කරන්න බැහැ. මොන නිලතල තිබුණත්... එය අපි සැවොමටත් පොදුයි. මෙයාලට කියලත් එ්කේ වෙනසක් නැහැ යාලුවේ...
එතනත් පවුල් සමාගමක්....
වැන්දත් බටහිරට වැසිකිළි යන විටදී... දන්නවා කළ බොරු පස්සෙන් එනවිටදී... දිව්වත් උමතුවෙන් ධර්මය පිටුපසදී... බේරෙන්න බැහැ..
අනිත් අය වගේ නිවාඩුවට පිටරට නොගියාට ලංකාවේ ඉඳලා මෙතුමා පිං ගොඩාක් කර ගත්තා...
රංගේ..., මගේ රංගේ තාම ඉන්නවා නේද?
මට දැන් හිතෙනවා වැරදි වැඩ බොරුවක් කියලා.