





දේශීය නර්තන සම්ප්‍රදාය සුරකිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරණු ලබන "අනඳ ප්‍රතිභා" 2018 සංස්කෘතික නර්තන ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම් කීර්තිරත්න මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත එම විද්‍යාලයේ සිසු පිරිස සහ නර්තන කවය එක්ව 09 වන වරටත් සංවිධානය කළ මෙම ප්‍රසංගය කලාශූරී රවිබන්දු විද්‍යාපති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ටයි පුතාලා...
මේ විදුහලේ හිටපු විද්‍යාරත්න ප්‍රනාන්දු ගුරුපියාණන් ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ.. නොසිතු මොහොතක ඔහු අප අතරින් සදහටම සමුගත්තේ ආනන්ද විදුහලේ පහතරට නර්තන ගුරුවරයා ලෙස සේවය කරමින් සිටින විට... ඔහු යටතේ නර්තනය හැදෑරු දක්ෂම ශිෂ්‍යයන් අතරින් කෙනෙක් මම.. අනඳ ප්‍රතිභා වෙනුවෙන් විද්‍යාරත්න ගුරුපියාණන් සිහි කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා..!!!
මෙම "අනඳ ප්‍රතිභා" සංස්කෘතික නර්තන ප්‍රසංගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවැසි ශක්තිය සහ මග පෙන්වීම නොඅඩුව ලැබීමට මම හිත සිතින් ප්‍රර්ථනා කරමි.
ආනන්දයීයයි, ඔබ ආනන්දනීයයී