IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අගමැති සෝමාවතී පුදබිම වැඳපුදා ගනියි

(අංජුල මහීක)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවේ සෝමාවතී පුදබිම වැඳපුදා ගැනීමට අද (29) පැමිණියේය. එහිදී ආගමික වතාවත්වලටද එතුමා සහභාගි විය.    

ඝන කැලෑවෙන් වැසී තිබුණු සෝමාවතී පුදබිම දියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මෙහෙවර කිසිදිනෙක අමතක කළ නොහැකි බව සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍යවරයා අනතුරුව විහාරාධිපති නාහිමියන් බැහැදැක සුහද පිළිසඳරකටද එක්විය. මෙහිදී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ අරලිය ගහ මන්දිරයේ තැබීම සඳහා කරඬුවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන්හ. මෙහිදී විශේෂ කප්රුක් පූජාවකටද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වූහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මහා සංඝ රත්නය උදෙසා දානමය පින්කමක්ද පැවැත්විණි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

(ඡායාරූප - හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක)



අදහස් (13)

අගමැති සෝමාවතී පුදබිම වැඳපුදා ගනියි

Raveendra Saturday, 29 December 2018 11:37 AM

අම්මපා හාදයා කවදාවත්ම නැතුව එක පාරටම පන්සල් යන්න පටන් ගෙන තියෙන්නේ මොකද?

:       244       510

රනිල්Saturday, 29 December 2018 01:44 PM

පන්සල් යන්න පුළුවන් මේ අයට විතරද?

:       28       18

RaveendraSaturday, 29 December 2018 03:36 PM

රනිල් මයා වෙත, අප ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අප කිසිවිට කිසිවකුට පන්සල් හෝ තමන් අදහන ආගමික ස්ථානවලට යාම පිළිබඳව ප්‍රශ්නයක් හෝ ගැටළුවක් නගන්නේ නැත. මේ හාදය හදිසියේම එසේ යාම පිළිබඳව නම් අවංක ලක්වැසියන්ට නම් ගැටලුවකි. මොකද මොහු හැම මොහොතේම බටහිරටම වන්දනාමාන කරන, බටහිරටම ආවඩන කෙනෙකු හැටියට සියලුම පුරවැසියන් හොඳින් දන්නා කරුණකි. එම අලුත් ගමන් තවත් උප්පර වැට්ටියකට පෙරහුරුවක් ද යන්න සැකය පුරවැසියන් අතර හාස්‍ය උපදවන්නකි. කව්රු කෙසේ කිව්වත් සත්‍ය එයයි.

:       316       1490

athuraSunday, 30 December 2018 05:11 AM

පන්සල් ගිහින් මිනිස්සු ඉස්සරහ දේශපාලන කතා කීමට වැඩිය මේ දෙය මම නම් අගය කරනවා. මොකද මේකෙන් බුදුදහමට නිගාවක් නොවෙන නිසා...

:       1       41

sirimal Saturday, 29 December 2018 01:04 PM

ඊයේ පෙරේද පටන් මෙතුමාගේ හැසිරීම් රටාව ගැන හිතන කොට මහ ජනතාව අතරට යන අවස්තාවලදී රෝයල් ඔටුන්න ගලවලා ගෙදර තියලා යන්න කියලා කවුරුහරි උපදේශයක් දීලා වගෙයි පෙනෙන්නේ. එ්ත් ඉතින් අරටු බැහැපු පරණ පුරුදු ඔය කියන ඉක්මනින් වෙනස් කරන්න ලෙහෙසි නැහැනේ... එ්කට ඔන්න අරයා. ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ගැන එයාගේ වැඩනම් බලාගෙන ඉඳලා ඉගෙන ගන්න තරම් වටිනවා.

:       56       185

pradeep Saturday, 29 December 2018 03:43 PM

ඝන කැලෑවෙන් වැසී තිබුණු සෝමාවතී පුදබිම පමණක් නොවෙයි, දුහුවිලි බැඳී තිබුන මහබැංකුවද මෙතුමා සුද්ද කලා. මහත්ඵල මහත් ආනිසංස මෙලොව පරලොව දෙකේදීම ලැබේවා!

:       1545       1460

SusilSaturday, 29 December 2018 06:22 PM

සිරිසේන දැන හෝ නොදැන කියපු විදියට, 2007 ඉඳල 2015 වෙනකම් මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙලා තියෙනවා, පාඩුව බිලියන 1000ක්, කොමිසමෙන් කියපු විදියට 2015 පාඩුව බිලියන 9යි. එතකොට ඉතුරු බිලියන 991 ම වෙලා තියෙන්නේ මහින්දගෙ කාලේ... එතකොට අධිපති ශිරන්තිගෙ නෑයා, කබ්‍රාල්... එහෙම නම් මහ බැංකුවේ සුද්දකරන්න දූවිලි තිබිල නෑ.

:       362       400

Reality Check Saturday, 29 December 2018 10:33 PM

දෙපැත්තම බුදු දහම දඩමීමා කරගෙන නොදැනුවත් දුප්පත් ජනතාවගේ ඔලු ගෙඩි හෝදනවා. කවදා හෝ කවුරු හෝ මේ රැවටීම්වලින් ජනතාව ගලවා ගත යුතුයි. ලොකු තැන් වල ඉන්න සමහර 'නායක' හාමුදුවොත් දැනුවත්ව තමයි මේ ඔලු ගෙඩි සේදීම සිදුවෙන්නේ... මේ ඔක්කොම කරලා... හෙට යනවා තිරුපති බලන්න. කැතයි සර්...

:       0       23

Sathyayaa Sunday, 30 December 2018 12:07 AM

බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා "නුඹගේ දෙවියන් ඊර්ෂ්‍යා සහගතයි... ඔහු ඔබ වෙන දෙවියෙකු වන්දනා කිරීම නුරුස්සයි" කියලා. හොඳ වෙලාවට බුදු දහමේ මැවුම් කරුවෙක් හෝ සර්වබලධාරී දෙවිකෙනෙක් නැහැ. නැත්නම් මෙයා කම්මුතුයි...

:       1       4

RUCHI Sunday, 30 December 2018 05:35 AM

ජීවිතේට පන්සල් ගියේ නැති කෙනා විභාගේ ලංවෙනකොට පන්සල් යනවා වගේ මෙතුමාත් දැන් පන්සල් යනවා. නිකන් විහිළුවක් වගේ අපිට නම්. මෙයා කරන්නේ නම් කපටිකම්...

:       1       37

Lal Sunday, 30 December 2018 07:24 AM

අවංකවමද?..නැත්නම් සුද්ධ කරපු මහ බැංකුවේ පව් හෝදාගන්නද? එහෙමත් නැත්නම් ජනතාව ගොනාට අන්දවලා තව සුද්ධයක් දෙන්නද...?

:       4       9

Lal Sunday, 30 December 2018 08:25 AM

අවංකවමද?.. නැත්නම් සුද්ධකරපු මහා බැංකුවේ පව් හෝදාගන්නද? එහෙමත් නැත්නම් ජනතාව ගොනාට අන්දවලා තව සුද්ධයක් දෙන්නද?

:       175       88

සමන්ත Wednesday, 02 January 2019 01:19 PM

ගියත් වැරදි... නැතත් වැරදි.... කළත් වැරදි, නොකළත් වැරදි. දැන් මෙතුමාට මොනවද කරන්න කියන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1754 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site