(අංජුල මහීක)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවේ සෝමාවතී පුදබිම වැඳපුදා ගැනීමට අද (29) පැමිණියේය. එහිදී ආගමික වතාවත්වලටද එතුමා සහභාගි විය.
ඝන කැලෑවෙන් වැසී තිබුණු සෝමාවතී පුදබිම දියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මෙහෙවර කිසිදිනෙක අමතක කළ නොහැකි බව සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ.
අග්‍රාමාත්‍යවරයා අනතුරුව විහාරාධිපති නාහිමියන් බැහැදැක සුහද පිළිසඳරකටද එක්විය. මෙහිදී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ අරලිය ගහ මන්දිරයේ තැබීම සඳහා කරඬුවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන්හ. මෙහිදී විශේෂ කප්රුක් පූජාවකටද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මහා සංඝ රත්නය උදෙසා දානමය පින්කමක්ද පැවැත්විණි.








(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




(ඡායාරූප - හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා හාදයා කවදාවත්ම නැතුව එක පාරටම පන්සල් යන්න පටන් ගෙන තියෙන්නේ මොකද?
ඊයේ පෙරේද පටන් මෙතුමාගේ හැසිරීම් රටාව ගැන හිතන කොට මහ ජනතාව අතරට යන අවස්තාවලදී රෝයල් ඔටුන්න ගලවලා ගෙදර තියලා යන්න කියලා කවුරුහරි උපදේශයක් දීලා වගෙයි පෙනෙන්නේ. එ්ත් ඉතින් අරටු බැහැපු පරණ පුරුදු ඔය කියන ඉක්මනින් වෙනස් කරන්න ලෙහෙසි නැහැනේ... එ්කට ඔන්න අරයා. ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ගැන එයාගේ වැඩනම් බලාගෙන ඉඳලා ඉගෙන ගන්න තරම් වටිනවා.
ඝන කැලෑවෙන් වැසී තිබුණු සෝමාවතී පුදබිම පමණක් නොවෙයි, දුහුවිලි බැඳී තිබුන මහබැංකුවද මෙතුමා සුද්ද කලා. මහත්ඵල මහත් ආනිසංස මෙලොව පරලොව දෙකේදීම ලැබේවා!
දෙපැත්තම බුදු දහම දඩමීමා කරගෙන නොදැනුවත් දුප්පත් ජනතාවගේ ඔලු ගෙඩි හෝදනවා. කවදා හෝ කවුරු හෝ මේ රැවටීම්වලින් ජනතාව ගලවා ගත යුතුයි. ලොකු තැන් වල ඉන්න සමහර 'නායක' හාමුදුවොත් දැනුවත්ව තමයි මේ ඔලු ගෙඩි සේදීම සිදුවෙන්නේ... මේ ඔක්කොම කරලා... හෙට යනවා තිරුපති බලන්න. කැතයි සර්...
බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා "නුඹගේ දෙවියන් ඊර්ෂ්‍යා සහගතයි... ඔහු ඔබ වෙන දෙවියෙකු වන්දනා කිරීම නුරුස්සයි" කියලා. හොඳ වෙලාවට බුදු දහමේ මැවුම් කරුවෙක් හෝ සර්වබලධාරී දෙවිකෙනෙක් නැහැ. නැත්නම් මෙයා කම්මුතුයි...
ජීවිතේට පන්සල් ගියේ නැති කෙනා විභාගේ ලංවෙනකොට පන්සල් යනවා වගේ මෙතුමාත් දැන් පන්සල් යනවා. නිකන් විහිළුවක් වගේ අපිට නම්. මෙයා කරන්නේ නම් කපටිකම්...
අවංකවමද?..නැත්නම් සුද්ධ කරපු මහ බැංකුවේ පව් හෝදාගන්නද? එහෙමත් නැත්නම් ජනතාව ගොනාට අන්දවලා තව සුද්ධයක් දෙන්නද...?
අවංකවමද?.. නැත්නම් සුද්ධකරපු මහා බැංකුවේ පව් හෝදාගන්නද? එහෙමත් නැත්නම් ජනතාව ගොනාට අන්දවලා තව සුද්ධයක් දෙන්නද?
ගියත් වැරදි... නැතත් වැරදි.... කළත් වැරදි, නොකළත් වැරදි. දැන් මෙතුමාට මොනවද කරන්න කියන්නේ?