















මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල පල්ලේගම නගරයේ සියලු ඉදි කිරීම් මේ වන විට නිම වෙමින් පවතී.
එළැඹෙන 08 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලග්ගල පල්ලේගම නගරය ජනතා අයිතියට පැවරීමටද නියමිතය.
ලග්ගල, හත්තොට අමුණු, අකරැහැඩිය ප්‍රදේශයේ ඉදි වු මෙම නව ලග්ගල නගරය මේ වන විට අංග සම්පුර්ණ නගරයක් ලෙසින් ඉදි වී හමාරය.
නව පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය හා හානි වු සෙසු පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය පෞද්ගලික බැංකු, තැපැල් ස්ථානය ආදී සියලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක් සියලු පහසුකම්වලින් සමන්විතව නවීන අයුරින් සකස් කර මේ වන විට අවසන් අදියරේ පවතී.
නව නගරයේ රාජ්‍ය ආයතන 26 ක් ඉදි කර ඇති අතර ගොඩනැගිලි 112 ක් ඉදි කර තිබේ.
(36698)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්...!!! රටේ කොතැනක හෝ ජනතාවට සෙතක් සැලසේනම් ඒක තමා අපේ ඒකායන ප්‍රාර්ථනාව.. සුබ අනාගතයක් ඔබ සැමට....
රටේ ඈත කොනක, ඉඩම් අහිමි වුන ජනතාවට, අලුත් නගරයක් සහ අලුත් ලස්සන ගොඩනැගිලි ලැබුණාම ඔවුන්ගේ ජිවිත වල සතුටක්, ප්‍රබෝධයක් ඇතිවෙයි. ඉතාම සතුටුදායක පුවතක්. විශාල පිරිසකට රටේ සංවර්ධන ප්‍රතිලාභ ලැබෙන එකයි වටින්නේ.