



මෙරට නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එෆ්.ආර්.සේනානායක මහතාගේ 93 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි සේනානායක පිළිරුව අභියසදී අද (01) පැවැත්විණ.
එෆ්.ආර්.සේනානායක ගුණ සමරු කමිටුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර එෆ්.ආර්.සේනානායක මහතාගේ මුනුබුරකු වන රනිල් සේනානායක මහතා විසින් සේනානායක පිළිරුවට මල් දමක් පැළදවීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු සේනානායක පවුලේ ඥාතීන් ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර නානායක්කාර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එෆ් ආර් සේනානායක කියන්නේ බැරිස්ටර් කෙනෙක්. එංගලන්තෙත් බැරිස්ටර් වැඩ කළා. කොහොම මොලයක්ද?
අන්තිම පින්තූරේ පෙනෙන විදිහට වැඳගෙන ඉන්න මහත්තයා ද නැත්තං දකුණු පැත්තේ ඉන්න මහත්තයද ගල් පිළිමේ කියලා මන් කල්පනා කලේ...?
ඒ කාලේ සුද්දොත් එක්ක කිට්ටු සම්බන්ධකම් පවත්වපු හැමෝම යහතින් ඉගෙන ගත්තා. දැන් ඉංගිරිසියේ සුලබ බව නිසා අති දක්ෂයෝ රට පුරාවට සහ ලෝකය පුරාවට විහිදිලා ඉන්නවා.