






2019 වර්ෂයේ දී ඡායාරූපකරණය සඳහා කොළඹ නගරය සුදුසු සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණි. කොළඹ නගරයේ සුන්දරත්වය දිනෙන් දින අලුත්වන අතර දැවැන්ත නිවාස සංකීර්ණ මෙන්ම සාප්පු සංකීර්ණ ද මේ වන විට ලහි ලහියේ ඉදිවෙමින් පවතී.
ඉදිවෙමින් පවතින වරාය නගරය, ගංගාරාමය ආසන්නයේ බේරේ වැව මැද පිහිටි සතුටු දූපත, අල්ටයාර් නිවාස සහ සාප්පු සංකීර්ණය, මුවර්ස් ක්‍රීඩාංගණය, හිල්ටන් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයට පසුපසින් නැඟෙන නෙළුම් කුළුණ ජායාරූප වලින් පෙන්නුම් කෙරේ.
ඡායාරූප - මලීෂා ගුණවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරේ වැවේ කොළ පාට කවද නැතිවෙයිද?
අහස උසට ගොඩනැගිලි හැදුවාට ඊට සමගාමීව ජලය සැපයුම, අපජල පද්ධති, විදුලිය සැපයුම, විශේෂයෙන්ම ගිනි නිවන උපකරණ නැතිව මහා විනාශයක් ඇතිවුනදාට හිතන්න පරක්කු වැඩියි උදාහරණයක් වශයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයට වුවමනා දේ තමයි වතුර, මුහුදූ වතුර දෙසලිනේට් කරලා ජනතාවට දුන්නා නම් වටිනවා. වරායවල් හදලා එ් පැත්තේ රට පටවන්න තියෙන්නේ ලුණු, දිවුල් ගැට, දොදොල් ගුවන් තොටුපොළවල් හදලා තියෙන්නේ හරක් පට්ටි ඉන්න ගොවිපොළක් වගේ..., ක්‍රිකට් පිට්ටනි හදලා තියෙනවා තණ කොළ නැති. මැදපෙරදිග රටවල්වල මුහුදුවතුර දෙසලිනේට් කරලා කරන දේවල් ඉතාම පුදුමයි.
ෆොටෝ ෂොප් දාලා ලස්සන කරලා ෆොටෝ පෙන්වනවා. කොළඹ කැතයි, කුනුයි, ගඳයි, අප්පිරියයි
මොනවා කරත් වැඩක් නැහැ.. මිනිස්සුන්ගේ හැදියාව අන්තිමයි නම්... පොඩිකාලේ ඉඳලාම හොඳ හුරුපුරුදු පුරුදු කරන්න අධ්‍යාපන ක්‍රමය ඉඳලම.. නැත්නම් බිල්ඩින් දිහා බලාගෙන හූල්ලන්න තමයි වෙන්නේ...
ඔතන පෙන්වන බිල්ඩින් ගොඩක් පිට රැටියන්ට අයිති දේවල්... විශේෂයෙන් චිනාට... තව ඉස්සරහට පෙනෙයි කවලම් චීන පැටව්...
සේරම කොළඹට,... අපේ ගමට, නගරයට යන්න බස් එකක්වත් නැහැ.