



ඡායාරූප - ඉෂාන් සංජිව
මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීමට ලක් කරන ‘ජනපති ප්‍රශංසා සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
2015 ජනවාරි 14 වැනිදා සිට 2019 ජනවාරි 14 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු සංවිධානාත්මක අපරාධ මර්දනයට සක්‍රීයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1007 දෙනෙකු වෙත මෙහිදී පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමිණි.
එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම එඩිතර නිලදරුවන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඇත්තෙන්ම අප සියල්ලෝම මෙම නිලදරුවන්ව ඉතා ඉහලින් අගය කල යුතු අතර එවන් නිලදරුවන් තව තවත් දිරිමත් කලයුතුය.
මේක ඉතාම හොඳ දෙයක්... මෙම නිලධාරීන්ට මුදල් ත්‍යාග දිය යුතුයි. ඊට අමතරව අල්ලාගත් මත්ද්‍රව්‍ය විනාශ කරනතෙක් ක්‍රියාවලිය අධීක්ෂණය කළයුතුයි.
ලොක්කා මෙහේ සම්මාන උළෙලවල් පවත්වනවා. අන්න මහාපරිමාණ කුඩුජාවාරම් කරුවකුට ඇපදීලා. පත්තරේ දැක්කේ නැතුවැයි?
කුඩුකාරයින් එමටයි දැන් ලංකාවේ... තක්කඩි සුනඛයොත් ඉන්නවා මේ අතරේ... එනමුත් අවංකයන් පෙරමුණ ගත්තානේ... හදපිරි සෙනෙහසයි නිලදරුවන්ට අපේ....
පුනරුත්ථාපනය ශක්තිමත් කල යුතුයි ඒත් අවාසනාවට වසරක් පුනරුත්ථාපනය වුන පසුත් නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා එය සොයා බැලිය යුතුයි.
මේ එඩිතර ඒ වගේම තම රටට, තමන්ගෙන් ඉටුවිය යුතු සේවය අවංකව ඉටුකරන ඔබ සැමට මගෙත් මුළු රටේමත් ප්‍රණාමය පුද කරමි. මේ රැකියාව, ඒ කියන්නේ මත් ද්‍රව්‍ය වැටලීම් ඉතාමත්ම සංවේදී ඒවගේම ඉතාමත්ම භයානක එකක්. මේ නිලධාරීන් හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරයින්ගෙන් කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ලවේද කියා දන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කරන උතුම්ම සේවයක් මේ. ඒ නිසා අප ඔවුන්ව අපට හැකි උපරිමයෙන් ආරක්ෂා කල යුතුයි. ඔවුන්ගේ මතු ආරක්ෂාව උදෙසා ඔවුන්ගේ ඡායාරුප පල නොකලානම් වඩාත් උචිතයි කියලා මම හිතන්නේ. ලෝකයේ බොහෝ රටවල මේ ආරක්ෂණ ක්‍රියාවලිය සිදුකරනවා.
ලංකාවේ මෙච්චර පොලිස් නිලධාරීන් ඉන්නවා කියා මම දැනගෙන හිටියේ නැහැ.
ඔය මැතිඇමැතියන්ගේ ඡායාරුප නම් දැකලම අප්පිරියයි.
ලංකාවට කුඩු ගෙනෙන සහ අහුවෙන අවස්ථා ගණන බලන විට රටේ ඉන්න ඔක්කොම පොලිස් නිලධාරීන්ට සහ රේගු නිලදරින්ට ලගදීම සම්මාන දෙන්න වෙයි.