කෝප් වාර්තාවට අභියෝග කළ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 8 දා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය. 18 May 2017
කෝටි තුනහමාරක රන් අබරණ ගෙනැවිත් රේගුවට අසුවෙයි රුපියල් තුන් කෝටි තුනහමාරක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ 27 හැවිරිදි ගුවන් සේවකයෙකු අද(18) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි. 18 May 2017
නුවරඑළියේ බසයක් මාර්ගයෙන් ඉවතට පැන 23 ක් රෝහලේ නුවරඑළියේ සිට පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනිමෙන් බස් රථයේ ගමන් ගත් 23 දෙනකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. තුවාල ලැබූ අය අතර පාසල් ළමුන් කිහිපදෙනකුද සිටින බව පොලිසිය කියයි. 18 May 2017
ගස් කඩා වැටීමෙන් කැළණි මිටියාවතේ දුම්රිය ගමන් නවතී අධික වර්ෂාවත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණ හිට ඇතැයි දුම්රිය පාලන අධිකාරිය පවසයි. උඩහමුල්ල, පැඟිරිවත්ත සහ නුගේගොඩ ප්‍රදේශවල දී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇතැයි කියති. 18 May 2017
පිටු 1200 ක නඩු වාර්තාව ගැන උපදෙස් ගැනීමට දීර්ඝ කාලයක් ඉල්ලයි හම්බන්තොට වරායේ චින සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට විරෝධය පළකරමින් අම්බලන්තොට දී ඉකුත් ජනවාරී 07 වැනිදා පැවැත්වූ විරෝධතාව සම්බන්ධ නඩුවේ පිටු 1200 කින් යුත් නඩු වාර්තාව පරිශීලනය කරමින් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(18) ඉල්ලුවේය. 18 May 2017
කොටි සැමරුම් ප්‍රතිමාව විවෘත කිරීමට දින 14 ක වාරණයක් අවසන් යුද සමයේදී මියගිය කොටි සාමාජිකයින් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන මුලතිව් මුල්ලිවයික්කාල්හී ප්‍රතිමාවක් දින 14ක කාලයක් යනතුරු විවෘත නොකරන්නැයි නියෝග කරමින් මුලතිව් දිසා විනිසුරු එම්.අයි.එම්.සම්සුඩීන් මහතා අද(18) තහනම් නියෝගයක් පැනවීය. 18 May 2017
ඉදිරි වසරවලදී අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් කරනවා - අගමැති ඉදිරි වසරවලදී අධ්‍යාපනය ක්ෂේත්රයේ සංශෝධන හා ප්රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 18 May 2017
රන් බිස්කට් ඉන්දියාවට ගෙනන්න හැදූ 5 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 50 ක් වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට උථ්සහ කළ පොට්ටනවුෆර්ගේ බිරිඳ , පුතා ඇතුළු 5 ක් කටුනායක අධිවේගී පිටවීමේ දොරටුව අසල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 May 2017
රජයේ ඉඩම් අක්කර 62,500 ක් උක් වගාවකට සිංගප්පූරු සමාගමකට දීලා - ජවිපෙ මන්ත්‍රී සමන්ත ඌව සහ නැගෙනහිර පළාත්වල ඇති රජයේ ඉඩම් අක්කර 62 500ක් උක් වගා කිරීමට සිංගප්පූරුවේ සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 18 May 2017
ආරක්ෂක ලේකම් - යුද හමුදාපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී ත්‍රස්ත ප්‍රහාරවලට ලක් නොවී ඊට සම්බන්ධ සෙසු ක්‍රියාකාරකම් වලදී ආබාධිත තත්ත්වයන්ට පත්වු අයට අවුරුදු 55 තෙක් වැටුප් සහ දීමනා ද, ඉන්පසු විශ්‍රාම ගැන්වීමේ හිමිකම් ද අහිමි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාපතිවරයාට ලබන සඳුදා (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ. 18 May 2017
එස්. එම්. චන්ද්‍රසේන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එයි අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාහයක් ලබාදීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 18 May 2017
සයිටම් විරෝධීන් 8 ක් රිමාන්ඩ් සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණ නියෝග කඩකළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක සහ තවත් ශිෂ්‍යයන් 7 දෙනකු හෙට (19) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 18 May 2017
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපති පත්කරයි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ හය වැනි උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. 18 May 2017
මේ වසරේදීම එට්කා ගිවිසුම අත්සන් කිරීමේ අපේක්ෂා මේ වසර අග වන විට ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කිරීම දෙරටේම බලාපොරොත්තුව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩේ මහතා ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි. 17 May 2017
පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. බල්බ විදුලිය තිබෙන නිවාසවලට පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. (LED) බල්බ ලබාදීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි. 17 May 2017
පී.බී රත්නායකටත් අමාත්‍ය ධුරය අහිමි වෙයි උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පි.බි.රත්නායක මහතා අද(17) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබේ. 17 May 2017
සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසු 21ක් රෝහලේ - 10 ක් අත්අඩංගුවේ අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ගැසූවත් විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි විය. 17 May 2017
වාහන තදබදය අඩු කිරීමට කාර්යාලයීය වේලාවේ වෙනසක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවකයින්ට පෙරවරු 7.30 සිට 9.15 දක්වා රාජකාරියට පැමිණීමට හැකි හා පස්වරු 3.15 සිට 5 දක්වා රාජකාරි නිමකළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 17 May 2017
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධය ඇරඹෙයි සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය. 17 May 2017
ෆොන්සේකාගේ මන්ත්‍රීධූරයට අභියෝග කළ පෙත්සම සලකා බැලීම ජූනි 12 දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. 17 May 2017
අපනයනය මූලික කරගත් ආර්ථිකයක් කරා යා යුතුයි - අගමැති ජී.එස්.පී ප්ලස් සහනය හිමිවීමත් සමඟ මෙරට ආර්ථිකය අපනයන මූලික කරගත් ආර්ථිකයක් බවට පත් කිරීමේ අවස්ථාව උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (17) පැවැසීය. 17 May 2017
සයිටම් විරෝධීන් නීති කඩ කළොත් පොලිස් බලතල දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය. 17 May 2017
යෝජිත විදුලි ජනන සැළැස්ම ගැන මහජන අදහස් විමසයි ඉදිරි වසර 20 සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. 17 May 2017
පූර්ව දැනුම්දීමකින් තොර වැඩවර්ජනයකට සැරසෙති පසුගිය අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවය මත අත්හිටවූ නමුත් තම ඉල්ලීම් ඉදිරි සතිය ඇතුළත ඉටු කිරීමට ක්‍රියා නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක් යළි ආරම්භ කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. 17 May 2017
වැඩ වර්ජනය සාර්ථක බව අධ්‍යක්ෂකගේ ලිපියෙන්ම පේනවා - ගුරු සංගමයේ ලේකම් සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් සිදු කළ වැඩ වර්ජනය ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය බව අධ්‍යාපන ඇමැති කීවද එම වැඩ වර්ජනය සාර්ථක වූ බව ජාතික පාසල් අධ්යක්ෂ යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව ලංකා ගුරු සංගමය කියයි. 17 May 2017
9 දෙනෙකුගේ මව රැකබලා ගැනීමට බැරියයි පොලිසියට ගෙනත් දාලා ඇල්ල දොඩම්ගොල්ල උඩවැඩිය ප්‍රදේශයේ 82 හැවිරිදි නවදරු මව රැකබලා ගැනීමට නොහැකි හෙයින් අනාථ නිවාසයකට බාරදෙන ලෙස ඉල්ලා ඇගේ පුතකු විසින් ඔහුගේ මව ඇල්ල පොලිසියට ගෙනවිත් බාරදෙනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 17 May 2017
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනයාට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ගැනීමට අද(17) රහස් පොලිසියට අවසර ලැබිණි. 17 May 2017
පානදුර වෙළෙඳසල් දෙකකට පැට්ට්‍රෝල් බෝම්බ ගහති පානදුර නෙලුම්විල ප්‍රදේශයේ දී වෙළඳසැල් දෙකකට අද (17) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි. එක් වෙළඳසැලකට පහර දෙන අයුරු සිසිටිවී කැමරාවේ සටහන් වී තිබේ. 17 May 2017
උතුරු මැද පළාත් සභාවෙන් සේමසිංහත් ඉවතට උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ. 17 May 2017
කෝටියක මත්කුඩු මුන්දලමෙන් සොයාගනී රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති බව කියන හෙරෝයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 17 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026