ඩයනා උදයංගනී
දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ නම යෝජනා කර ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කර ගැනීම මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයකින් සිදුකිරීමට නියමිත බව ද කතානායකවරයා කීවේය.
නියෝජ්‍ය කතානායක ධූරය මෙතෙක් හිමිව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුවත් එයට තවත් නම් යෝජනා කිරීමට සෙසු පක්ෂවලට ද අවස්ථාව තිබෙන බව කතානායකවරයා සඳහන් කළේය.
හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු එම ධූරයෙන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd