ඩබ්ලිව් අසේල
පරිසරයේ විනාශයට බලපාන කටුපොල් වගාව උඩරට ප්‍රදේශයටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව මානව සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පි.පි. සිවප්‍රගාසම් මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට ගාල්ල හා කෑගල්ල ප්‍රදේශයේ මෙම ශාඛය ව්‍යාප්ත වී ඇත. මෙම කටුපොල් තෙල් නිපදවීම සඳහා යොදාගන්නා වගාවකි. මෙම වගාව ඉතා ලාභදායි ව්‍යාපාරයක් වුවද ඒ තුලින් විශාල පරිසරය හානියක් සිදුවේ. අතුරු වගා විනාශ වන අතර යටිරෝපනයක් නැති වේ. එම ශාකය අවට ඇති පස් තට්ටුව වැලි බවට පරිවර්තනය වීමෙන් ගංගා ඇල දොල වැලි වලින් පිරී යයි.
කපුටන් සමනලයන් කුරුල්ලන් හා කෘමින් වදවී යාමක් මේ තුලින් සිදුවේ. එමෙන්ම කටුපොල් ලෙල්ල ආහාරයට ගන්නා නිසා බල්ලන් ගේ ඇඟේ ලොම් හැලී රෝග සැදීමේ ප්‍රවණතාවයක් පවතී. වකුගඩු පිළිකා වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද මේ ශාණය නිසා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට උඩරට ප්‍රදේශයේ වැවිලි සමාගම් මෙම පරිසරයට හානිකර කටුපොල් ශාඛය ව්‍යාප්ත කිරීමේ සූදානමක් ඇති බවද ඊට එරෙහිව ජනතාව හඬ නැගිය යුතු බවද ප්‍රකාශ කර සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ වතු ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අද දින (3) මහනුවර රිවඩෙල් හෝටලයේ පැවති වැඩමුළුවකදීය. මේ සඳහා වතු ආශ්‍රිත ප්‍රජාව නියෝජනය කරමින් නුවරඑළිය කෑගල්ල මාතලේ බදුල්ල මහනුවර ප්‍රදේශවල ගුරුවරු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුපොල්, කටුපොල් කීවාට මේ ශාකය ගැන සිරි ලංකාවේ දන්නා පිරිස ඉතා සීමිතය. එමනිසා මේ සදහා නියම "පරිසරයේ විනාශයට බලපාන කටුපොල් වගාව" මාධ්‍ය ප්‍රචාරයක් දෙනවානම් එම ශාකයේ පින්තුරයක් මේ සමග පලකරන්න. එවිට වඩාත් හොඳ ප්‍රචාරයක් සමාජයට ලබා දිය හැකිය.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය නිදිද ? ඇයි මේ පිලිබදව හොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ. සියල්ල ඉවර වෙනකම් බලාගෙන ඉන්නවද. ග්ලයිපෆොසෙට් ප්රශ්ණයෙදිත් ඒකමනේ වුනේ තහනම් කරන තුරු බලන් හිටියා. පස්සේ කන්කෙඳිරි ගානවා අරක නැතුව බැහැ මේක නැතුව බැහැ කියලා මෙහෙම වැඩ කරන්න ඇමතිවරු මොකටද ?