අන්තරේ පෙළපාළියට උසාවියෙන් තහංචි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ අධ්‍යාපනික ගැටලූ විසඳන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව බදාදා (17) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 16 May 2017
වැඩ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරුන් ගැන සොයයි සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනය පැවැති පසුගිය පස් වැනි දා සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 16 May 2017
ලංකා ඊ නිව්ස් කර්තෘගේ පෙත්සම් 14 ම සංශෝධනය කිරීමට අවසර ඉල්ලයි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද(16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වූවේය. එම නිවැරදි ලිපිනය සොයා ගැනීමෙන් පසුව සඳරුවන් සේනාධීර මහතාට එරෙහි පෙත්සම් 14 සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමටද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. 16 May 2017
ලක්ෂ 17ක සිගරට් සහ කසිප්පු සමඟ චීන ජාතිකයෙක් සැකපිට රුපියල් ලක්ෂ 17ක පමණ රට සිගරට් තොගයක් සමඟ චීන ජාතිකයකු (40) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. සැකකරු සතුව කසිප්පු ලීටර 15ක් පමණ ද තිබී ඇත. 16 May 2017
18 සම්මත කිරීමත් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමත් වැරදියි - මහින්ද අමරවීර අවුරුදු 26ක තම දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම රාත්‍රිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දා බවත්, පසුගිය රජයේ ඇතැම් ක්‍රියාමාර්ග තමා අනුමත නොකළත් කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී එකඟ වීමට සිදුවූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 16 May 2017
උතුරු මැද පළාත් විපක්ෂ මන්ත්‍රීවරු දෙකට බෙදිලා - අනිල් රත්නායක උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා නියෝජනය කරන පිරිස අතර මේ වන විට අර්බුදයක් හටගෙන තිබෙන බව උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා පවසයි. 16 May 2017
එකම විසඳුම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම බව ඉන්දීය අගමැතිටත් කිව්වා - සිවඥානම් ශ්‍රීධරන් දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර විසදුම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම බවත් වෙනත් ආකාරයේ විසදුමක් කිසිදු අයුරින් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ද පැවසූ බවත් ඒ මහතා කියයි. 16 May 2017
විද්‍යා ඝාතනයේ නඩුව යාපනයට ගෙනෙන්න යයි විරෝධතා සමූහ දූෂනයට ලක්කර මරා දැමු යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුව යාපනය මහාධිකරණයේ විභාග කරන ලෙසට සහ පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපන සරසවියේ සිසුන් දෙදෙනාට නීතියෙන් සාධාරණයක් ඉටු කරන ලෙසට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසූහු එම සරසවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 16 May 2017
ගංජා කිලෝ 270ක් සමග අයෙක් අත්අඩංගුවට පනාමුර හීන්දලුක්හින්න කළුකොටුව ගම්මානයේ නිවසක් තුළ අලෙවි කිරීමට සකසා තිබු බව කියන වියළි ගංජා කිලෝ 270ක් සමග පුද්ගලයෙකු අද(16)අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය පවසයි. 16 May 2017
ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ල 24 වැනිදා විභාගයට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල විභාග කිරීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය. 16 May 2017
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති කැඩීමෙන් රජයට රුපියල් කෝටියක ආදායමක් ගතවු මාස 5 ක කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නීති කැඩු බව කියන රියදුරන් 19,837 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 16 May 2017
‘දරුණු අසමත්වීම් සිදුව නැතත් සියල්ලම සම්පූර්ණ නෑ‘ - යුරෝපා සංගම් තානාපති වත්මන් ආණ්ඩුව යටතේ දරුණු ගණයේ අසමත්වීම් සිදුව නැතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා කොළඹ දී අද (16) ප්‍රකාශ කළේය. අසමත් වීම් සිදුව නැතැයි කීමෙන් සියල්ල සර්ව සම්පූර්ණ බව අදහස් නොවන බව ද හෙතෙම කීවේය. 16 May 2017
භාවිතයට නොගන්නා ධීවර බෝට්ටු විනාශ කරයි වෙරළ ආශ්‍රිතව තිබෙන භාවිතයට නොගන්නා හා ඉවත් කරන ලද (ජලය එක්රැස් විය හැකි) සියලුම ධීවර බෝට්ටුල ඔරු හා උපකරණ ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට හෝ පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට අද (16) උපදෙස් දී ඇත. 16 May 2017
මාලක සිල්වාට එරෙහි නඩුව ඔක්තෝබර් 24 දාට කල්යයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා විසින් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුවේ උදෘත නිතිපති වෙත යොමු කර ඇතත් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා වෙත අද (16) කරුණු වාර්තා කළේය. 16 May 2017
ලොරි ටිපර් ගැටී අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ලේදී ලෝහ පටවාගත් ටිපර් රථයක්, ගඩොල් පැටවූ ටිපර් රථයක් හා කෙසෙල් පැටවූ ලොරි රථයක් එකින් එක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතයි ගලේවෙල පොලිසිය පවසයි 16 May 2017
අඩියක් උස ගංජා පැළ 40 ක් ගෙවත්තේ තම ගෙවත්තේ ගංජා වගා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වැටලිම කරන අවස්ථාවේ එම ගෙවත්තේ අඩියක් පමණ උස ගංජා පැළ 40 ක් තිබුණු බවද පොලිසිය පවසයි. 16 May 2017
සම්බාහන මධ්‍යස්ථානයට යන දරුවන් ගැන සොයයි කුලියාපිටිය පාසල්වල උසස් පෙළ සිසුන් උපකාරක පන්ති සඳහා යන බව කියමින් දෙමාපියන් විසින් දෙන ලද මුදල් වැයකර කුලියාපිටිය බෝහිංගමුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට යන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක මහතා අද(16) වයඹ පළාත් සභා රැස්වීමේ දී ප්‍රකාශ කළේය. 16 May 2017
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උසස්විම් දීමේ ක්‍රමයට එරෙහිව උද්ඝෝෂණ දෙපාර්තමේන්තු නිර්දේශයන්ට පටහැණිව වරදාන හා වරප්‍රසාද මත රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් උසස්විම් ලබා දිමට එරෙහිව දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය අද (16) කොළඹ දේශීය ආදයම් දෙපාර්තමේන්තු මුලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. 16 May 2017
බීමතින් ගැටුණු පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ යාපනය නගරයේ ප්‍රසිද්ධ හෝටලයක බීමතින් ගැටුම් ඇතිකරගත් බව කියන යාපනය කොට්ඨාසයේ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ 16 May 2017
විමල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 28 ට කල්යයි අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව සැප්තැම්බර් 28 තෙක් කල් තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා අද(16) නියෝග කළේය. 16 May 2017
ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ. 16 May 2017
ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන්නැයි ඉල්ලති ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන ලෙස හා සංවර්ධන නිලධාරීපත්වීම් හා ගුරුපත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(16) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ. 16 May 2017
ශ්‍රී ලංකාවට 19 දා සිට ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලට අනිද්දා (19) සිට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය හිමිවන බව යුරෝපා සංගමයේ මෙරට යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පවසයි. 16 May 2017
ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීමෙන් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය අදට වසාදැමේ බහුතර ගුරුවරුන් පිරිසක් ලෙස නිවාඩු වාර්තාකර සේවයට නොපැමිණිම හේතුවෙන් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය අද (16) වසා දමා ඇත. පාසල් පැමිණී සිසුන් පාසලට පැමිණ ටික වේලාවකින් තම නිවෙස් කරා යන ලෙස ගුරුවරුන් පැවසීම නිසා නිවෙස් කරා යන බව සිසුහු පැවසුහ. 16 May 2017
කීරමුන්දලම දූපත දෙකඩ වීමේ අවදානමක කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි කීරමුන්දලම දූපතේ සංචාරක හෝටල් හිමියකු විසින් අවිධිමත් ආකාරයෙන් වෙරළේ යොදා ඇති බව කියන ගල් වැටියක් හේතුවෙන් එම දූපත දෙකඩ වීමේ අවදානමක් පවතින බව දූපත්වාසීහු පවසති. 16 May 2017
රංජිත්ගේ පුරප්පාඩුවට සුසිල් ගුණරත්න එස්.එම්.රංජිත් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු උතුරු මැද පළාත් ඇමැති ධුරයට සුසිල් ගුණරත්න දිවුරුම් දෙයි 16 May 2017
ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. ඊයේ රාත්‍රී සිදුවී ඇති මෙම ප්‍රහාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්ත වලට කොපමණ හානියක් සිදුවී ඇත් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයි වාර්තාවේ. 16 May 2017
කුවේට්හි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට කුවේට් හි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්සේවය අද (15) වාර්තා කළේය. 15 May 2017
‘කළුකොඩි කට්ටිය මහ රෑ මෝදි හමුවුණා‘ - ජනපති ඉන්දියා අගමැති එන විට කළුකොඩි දමන්නැයි කී උදවිය ඉන්දියා අගමැති හමුවීමට රාත්‍රී 11ට පමණ ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා එලෙස කීවේ අරලගංවිලදී පැවැති උත්සවයකදී ය. 15 May 2017
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිගෙන් රහසිගතව ප්‍රශ්න කරයි සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ රහසිගත තාක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව රහසිගතව ප්‍රශ්න කරන ලදි. 15 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026