ක.ග කරුණාරත්න
මෙරට වැව් 2400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ ඉලක්ක සාර්ථක කර ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බවත් එම නිසා විදේශීය ඉංජිනේරුවරුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.
එසේ නොවුණහොත් දැන් තිබෙන ප්‍රමාදය තුළ අවුරුදු 03 කින් 05 කින් වැඩ අවසන් කිරීමට නියමිතදේ අවුරුදු 20ක් 25ක් යනු ඇතැයිද කීය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහවැලි ජනපදිකයින් 12000 කට ඉඩම් හිමිකම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවය මහවැලි බී කලාපයේ මඟුල්දමන ප්‍රදේශයේදී අද (01) පැවති අවස්ථාවේදීය.
නිදහසින් පසු මේ රටේ කිසිම රජයකට කරන්නට බැරිවූ දෙයක් ලෙස වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය සහ අලුත්වැඩියා කටයුතු අලුතින් ආරම්භ කිරීම හැඳින්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද, කලුගඟ මහා ජලාශ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස එය පසුගිය වසරේදී ආරම්භ කළ බවද කීය.
මේ රටේ ආර්ථිකය, මේ රටේ සංවර්ධනය, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය මෙන්ම අනෙකුත් සියලු ක්ෂේත්රයන්හි පුළුල් වර්ධනයක් ඇතිවීමට මෙම වැව් 2400 ව්‍යාපෘතියේ මූලික වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එහෙත් එම සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බලපා තිබෙන බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ භෞතික විද්‍යාව සමත් කී දාහක් ඉන්නවද විශ්ව විද්‍යාල වරම් හිමි නොවුන. ඇමති වරුන්ගේ නාස්තිකාර වියදම් අඩු කරලා මේ දරුවන්ට ඉංජිනේරු, තාක්ෂණ පීඨ වල දොරටු විවෘත කර දුන්නොත් පිට රටවල් වලින් ඉංජිනේරුවරු ගේනවා වෙනුවට පිටරටවලත් ඉංජිනේරුවන් යවන්න අපිට පුළුවන්.
ලංකාවේ ඉංජිනේරුවන්ට දෙන අඩු පඩියට වැඩ කරන්න විදේශීය ඉංජිනේරුවෝ ලංකාවට ඒවිද? කිසිම වැඩක් නැති ඉන්දියන් ඉංජිනේරුවෝවත් ගෙන්න ගන්න බැරිවෙයි.
ඉංජිනේරු හිගයට ප්‍රධාන හේතුව රාජ්‍ය අංශයේ අඩු පඩි ක්‍රමය
ඇයි ඔය රැකියා නැති උපාධිධාරින්ව ඉංජිනේරුවරුන් යටතේ තාවකාලික බඳවා ගැනිමකට යටත්ව සේවයට නොගන්නේ? උපාධිදාරින්ට යම්කිසි උගත්කමක් ඇති හෙයින් කෙටි පුහුණුවකින් මුලදී අධීක්ෂණ කටයුතුවලටද, ඔවුන් වාරි ඉංජිනේරු අංශයෙන් වැඩිදුර අධ්‍යාපනයට කැමතිනම් දිර්ගකාලිනව සේවයටද යොදවා ගත හැකිය. තවද ඔවුනට යම්කිසි පුහුණුවක් ලැබෙනවා. ඔවුන් පසුව සුදුසුකම් අනුව වෙනත් ,රජයේ රැකියා වලට හෝ පුද්ගලික අංශයේ රැකියාවලට අයදුම්කරන විටදී යම්කිසි රැකියාවක් කර තිබීම අමතර සුදුසුකමක් ලෙස ගතහැකිය. හැබැයි ඉතින් දේශපාලු ඇඟිලි ගැසීම් නොමැතිව පමණක් මෙම ක්‍රමවේදය අනුගමනය කලොත් පමණක් සැහෙන ප්‍රශ්න රැසකට පිළිතුරු ලබාගන්න පුළුවන් වේවි.
විශ්‍රාමිකයන් කැඳවන්න බැරිද?
විදේශීය ඉංජිනේරුවන් ගෙන්වන්න යන වියදමෙන් මෙහෙ ඉංජිනේරුවන්ගේ පඩි වැඩි කලානන් ඕනේ තරං ඉංජිනේරුවන් සහ කාර්මික නිලධාරීන් හොයා ගන්න පුළුවන් ඔය වැඩේට.
විදේශීය ඉන්ගිනේරුවන් අවශ්‍ය නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල වල පහසුකම් වැඩිකරලා ඇතුල් කරගන්න ප්‍රතිශතය වැඩි කරන්න. අවුරුදු 4 කින් ඉංජිනේරුවන් විශාල සංඛ්‍යාවක් තමන්ගේම රටෙන් ලබාගන්න පුළුවන්.
ගයාන්ගේ පිළිතුරට 100% එකඟ වෙනවා.
එතකොට රජ කාලේ ඉංජිනේරුවන්ට විභාග සහතික නොතිබුණු නිසා වැඩේ කරලා පෙන්නුවා
මේ ආණ්ඩුවේත් පසුගිය ආණ්ඩු වලත් රටේ මෙවන් නිලදාරීන් බදවා ගත්තේ දේශපාලන හැදුනුම්කම මිස උගත් කිසිවෙක් නොවේ. උගතුන් ගෙවල්වල මහලුවෙද්දී මෙලෝ දෙයක් නොදන්නේ දේශපාලන ගෝලයින් රජයේ ආයතන වල පුටු රත් කරමින් පඩි ගන්නවා. ඒ අය දන්නා දේකුත් නැහැ කරන දේකුත් නැහැ විදේශ රැකියාවක් සොයා ගත් අය රටින් පිටවෙනවා. අපි දැන් වසර 20 රටින් පිට රැකියාවන් කරන්නේ. අපේ උගත් කමට රැකියාවක් නොදුන් නිසාවෙන්.
ඔය පොඩි පොඩි වැව් හදන්න ඉංජිනේරු වරුන්ම අවශ්‍ය නැහැ. දැනටත් අතීතයේ මේ රටේ සිටියා කියන වැව් හදපු අයවැනි දක්ෂ ගොවි මහතුන් දැනුත් මේ වැව් ආශ්‍රිතව ඉන්න පුලුවන් එම ප්‍රදේශවලට ගොස් ජනතාව එකතුකරල සාකච්චා කරල බලන්න.
බොහොමයක් ඉංජිනේරුවන් පිටරටවල සේවයට යනවා. ඒ යන්නේ වැඩි පඩියක් උපයා ගැනීමට. අපේ රටේ ඉංජිනේරුවන්ට ඔවුන් කරන වැඩ ප්‍රමාණයට සාපේක්ෂව හොද පඩි ගෙවන ආයතන බොහොම අඩුයි. විශේෂයෙන්ම රජයේ ආයතන. හොදම උදාහරණය කළමණාකරණ චක්‍රලේක 03/2016. විදේශීය ඉන්ජිනේරුවරයෙක්ට අඩුම තරමේ ලක්ෂ 15 ක වත් පඩියක් ගෙවන්න සිදු වෙයි. ප්‍රමාණවත් තරම් පඩියක් ගෙවනවනම් පිටරට යන අපේ තාක්ෂණික පිරිස් ලංකාවේම නතර වෙයි. එමගින් ලොකු ඉතිරියක් වගේම තත්වයෙන් උසස් නිෂ්පාදන රටට බිහි වෙයි. පිටරටවලින් එන ඉංජිනේරුවරු මෙහෙ නටන නාඩගම් අපි හොදට දැකල තියෙනවා.
ගයාන් මෙපමණ කලක් මම හිතාගෙන සිටියේ ගණිත වර්ග 5 න්, ශුද්ධ ගණිතය, විව්යහාරික ගණිතය, කලනය, ඛන්ඩාංක ජ්‍යාමිතිය සහ ත්‍රිකෝණමිතිය විෂයන්ගෙන් නිපුන අයට පමණයි ඉංජිනේරුවන් වෙන්න පුළුවන් කියලා. බලනකොට ලොකු පඩි දෙනකොට නිකම්ම ඉංජිනේරුවන් බිහිවෙනවානේ. ඔබ ඔය හෑල්ලු කලේ ඉන්ජිනේරුවන්ද අපේ අධ්‍යාපනයද නැතිනම් දෙකමද? කාර්මික නිලදාරියා සහ ඉන්ජිනේරුවාගේ වෙනස ඔවුන්ගේ කාර්ය භාරය ගැන ඔබට පමණක් නොව ඔබට හුරේ දැම්ම අයටත් නැතිබව පෙනේ.
ඉතින් වරද ඒ නිලධාරීන්ගේද නැතිනම් ඔබතුමාලගේද? දැන් අවුරුදු කීයක් ඔබතුමාලා ඔය තනතුරු වල උන්නද? තවත් අවුරුදු දෙකකට පස්සෙන් ඔය කතාවම කියන්නද හිතාගෙන ඉන්නේ? වාරිමාර්ග කාර්මික නිලධාරියෙකු අලුතෙන් පුහුණුකරන්න යන්නෙත් අවුරුදු දෙකයි නේද?
අපේ හිඟය තියෙන්නේ ඉංජිනේරුවරු නොවේ, දක්ෂ දේශපාලකයනුයි.
ධාතුසේන, මහසෙන්, පරාක්‍රමබා හු ආදී රජතුමාලා එහෙමත් ඕවා හදන්න රෙපෙයාර් කොරන්න ඉංජිනේරුවන් ගේන්න ඇත්තේ පිට රටවල් වලින් වෙන්නැති නේද?
රජකාලේ සහතික නැති වුනාට වෛද්‍යවරු, ඉන්ගිනේරුවො හිටියා .. , මේ වගේ අබ ඇටයක් වගේ මොලයක් තියාගෙන මුකුත් දන්නේනේතුව, පුරෝහිතයෝ වගේ ටෝක් දෙන උන් රජකාලෙත් හිටියා. ....
වාරිමාර්ග ඇමති වෙලා හිටපු කාලේ මේ ප්රශ්නය අදුනගන්න ඕනේ හරි හමන් ඇමතිකෙනෙක් නම්, එහෙම අදුනගත්තානම් විධායක ජනපති වෙලා අවුරුදු තුනහමාරක් වෙලත් එකට අදාලව කිසිම පියවරක් නොගැනීමෙන් නොහැකියාව මනාව ඔප්පුවෙනවා.
සහතික නොමැති රජ යුගයේ , සීගිරි අති දක්ෂ ඉංජිනේරුවන් හිටියා..............