අජන්ත කුමාර අගලකඩ
ඉකුක් පළාත් පාලන මැතිවරණයේ දී සිදුවුයේ ජනතාව පොහොට්ටුවට ගමේ බලය ලබාදීමට වඩා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ප්රතික්ෂේප කිරිම යැයි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (3) බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේ දී පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේ දී ප්රකාශ කර ඇත.
බණ්ඩාරනායක මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ආණ්ඩුව තුළ ක්රියාත්මක නොවන බවද ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසා තිබේ.
ශ්රීලනිප ඉදිරි මැතිවරණ ජයග්රහණය කිරිම සඳහා ඉලක්ක ගත වැඩපිළිවෙළක් ඔස්සේ ප්රතිසංවිධානය කරන බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කන එක ඇරෙන්න "ආර්ථික වැඩපිළිවෙලක් " කියල එකක් තියෙනවද ?
ඔක්කොම කුණු "සිරිකොත" බොක්කට කීවාලු.
එතකොට ආණ්ඩුවේ ප්රධානියා කවුද? මම ද
නායකත්වය දරණ ආණ්ඩුවේ ප්රතිපත්ති , සාකච්චා කොට තීන්දු නොකළේ ද ? එම තීන්දු , සියලුදෙනා ඒකමතිකව ක්රියාත්මක කළා ද ? නැත්නම් පියවරක් ඉදිරියට තියන කොට දෙකක් ආපස්සට ඇදලා දැම්මා ද? කලින් තිබු ආණ්ඩුවේ ප්රතිපත්ති මීට වඩා හොඳ බව ද දැන් කියන්නේ ? එසේ නම් එය පෙරලන්නට මුල් වෙලා දායක වුනේ ඇයි ?
මෙතන මෙහෙම කියලා හවස කැබිනට් එකේ රනිල් එක්ක ගේම් ගහනවා. ඊට පස්සෙ මම දන්නේ නැහැ කියනවා. හරිම සරලයි.
බණ්ඩාරනායක මහතාගේ ආර්ථික වැඩපිළිවෙල ක්රියාවේ යොදවන්න තිබුනේ ඔබතුමා ශ්රිලනි පක්ෂයේ ඉන්න කොට මිසක් පක්ෂයෙන් ඉවත් උනාට පස්සේ නොවෙයි . කවුරු මොන පක්ෂයෙන් ඉල්ලුවත්, කවුරු දිනුවත්, කවුරු පැරදුනත්, ඔබතුමාගේ දේශපාලන ගමනට අතීතයක් මිසක් වර්තමානයක් හෝ අනාගතයක් නැහැ .
මිනිස්සු පොහොට්ටුවට ඡන්දය දුන්නේ මෙයා පොහොට්ටුවටට වාසිවෙන කතා කියපු නිසයි.
මෙතුමා ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න ඉතාමත් අසාර්ථක උත්සාහයක දීලා ඉන්නේ දෙපැත්ත කන්න ගිහින් මොකුත්ම නැතිකරගෙන ගෙදර යනවා.