(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද අහංගම සුමතිපාල දියගහගේ)
පොලිස් අණ නොතකා පුද්ගලික බසයක් ධාවනය කළ බස් රථ රියදුරකු අද (02) ගාල්ල පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රියැදුරාගෙන් මුඛයෙන් මත් වතුර ගද වාහනය වීම නිසා ඔහු වෛද්‍ය පරික්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුද්ගලික බස් රථය කොළඹ සිට තංගල්ල බලා ධාවනය වන බස් රථයකි.
සමුද්‍ර මාවතේ සිටි ගාල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු මෙම බස්රථය නතර කරණ ලෙස සංඥාකොට කළ ද නතර කර ධාවනය කර ඇත.
මෙම අවස්ථාවේ බසයේ මගින් 60ක්පමණ සිට ඇති අතර මගින්ද භිතියට පත්කරමින් අධික වේගයෙන් බස් රථය ධාවනය කොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව ඇතුළු යුරෝපාකරයේ දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙවන් රියදුරන්ට දෙන දඬුවම අවුරුදු දහයක සිරදඬුවමක් සහ ලංකාවේ මුදලින් රුපියල් දස ලක්සයකට සමාන දඩ මුදලකි
hewawitharana මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් අප රටටනම් කිසි සේත්ම නොගැළපෙන බව කිවයුතුය. වැඩිපුර රජයන මෙවන් සමාජයක නීති කෙසේ මහජන සුවය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේද ? කෙසේ වෙතත් මෙම "මගමරුවා නීතියේ රැහැනට සසුකල එම අවංක නිලදාරින්හට අප හිස නමා ආචාර්ය කරන්නෙමු".