වෛද්‍යවරුන් වර්ජනය කිරීම සුදුසු නෑ - නියෝජ්‍ය ඇමති එරාන් ත්‍රිවිධ හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බවත්, ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ටද වැඩ වර්ජන සුදුසු නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 15 May 2017
සයිටම් ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න‘යි වෛද්‍ය නිලධාරීහු කියති මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත් වී තිබෙන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නැයි බලධාරින්ට බල කරන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. 15 May 2017
අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීම ගැන මත දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචනය විභාග කර අවසන්වනතුරු අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුණු තීන්දුවකින් අද නියෝග කැරිණි. 15 May 2017
අලියා ලකුණට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ් ඉකුත් මැයි 1 වැනි දා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අලියා ලකුණට වෙඩි තබා හානි කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි පොලිස් කොස්තාපල් ඒ. ඒ. සුමිත් ජයවීර මැයි 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (15) නියෝග කළේය. 15 May 2017
දෙවැනි මනමාලයා ඇරලවා එද්දී රිය අනතුරෙන් දෙදෙනකු මරුට මංගලෝත්සවයකට සහභාගී වීමෙන් පසු දෙවැනි මනමාලයා ඉංගිරිය හඳපාන්ගොඩ නිවසට මෝටර් රථයෙන් ඇරලවා ආපසු එමින් සිටිය දී පාදුක්ක අංගම්පිටියේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි සිටි දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක සහ 25 ක තරුණයෝ වෙති. 15 May 2017
කෝටි ගණනක ස්කෑන් යන්ත්‍ර 5 ක් භාවිතයට නොගෙන ඉවතලයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ආරක්ෂක විමර්ශන අංශයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි සංවේදි ස්කෑන් යන්ත්‍ර 05 ක් වසර කීපයක සිට කිසිදු භාවිතයකට නොගෙන ඉවතලා ඇතැයි කටුනායක ගුවන්තොටුපලින් වාර්තාවේ . මෙම යන්ත්‍ර ජර්මනියේ හයිමන් ස්මිත් සමාගමේ නිෂ්පාදිත ඒවාය. 15 May 2017
උතුරුමැද මහ ඇමතිට එරෙහි විශ්වාශ භංග යෝජනාව ප්‍රතික්ෂේප වෙයි උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද (15) දින පස්වරුවේදි ප්‍රතික්ෂේප කරනු ලැබිණි. 15 May 2017
ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය දැයි ගම්මන්පිල විමසයි වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙන යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 15 May 2017
බඹර ප්‍රහාරයකින් නාවුල පාසල් සිසුන් 4 ක් රෝහලේ බඹර ප්‍රහාරයක් හේතුවක් නාඋල ශ්‍රි නාග පාසසේ පාසල් දරුවන් සිවි දෙනෙකු අද (15) රෝහල් ගතකර තිබේ. ශ්‍රි නාග ජාතික පාසලේ ‘තාක්ෂණ පීඨ ’ ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කලක් තිස්සේ බැදතිබු බඹර කූඩුවක් සුළං හේතුවෙන් ඇවිස්සි තිබේ. එම අවස්ථාවේ යාබව පිහිටි ක්‍රිඩා පිටියේ රැදී සිටි පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි. 15 May 2017
පුත්තලම ලුණු සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලති පුත්තලම ලුණු සමාගමේ ස්ථිර සහ අනියම් පදනමට සේවය කරන සියලුම සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද(15) විරෝධතාවයක නිරත වුහ. ලුණු සමාගමේ සේවය කරන සියලුම සේවකයින්ට වසර හතරක කාලයකින් කිසිදු ආකාරයක වැටුප් වැඩි විමක් කර නැති බවත් අධික ලාභ ගනිමින් සේවකයින් නොසලකා හැර ඇති බවත් පවසමින් සියලුම සේවකයෝ අද පෙරවරුවේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වූහ. 15 May 2017
යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපි 7400ක් යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හෝ මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි. 15 May 2017
මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක් මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති. 15 May 2017
උතුරු කොරියාව අති නවීන මැදි දුර මිසයිලයක් අත්හදා බලයි විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි. 15 May 2017
‘වෛරසයෙන් ආරක්ෂාවීමට වින්ඩෝස් යාවත්කාලීන කරන්න‘ ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කර තබාගත යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. 15 May 2017
අරණායක අවතැන් වු ජනතාව වෙනුවෙන් මිලියන 921 ක් අරණායක අවතැන් වු ජනතාව යථා තත්වයට පත් කිරිම වෙනුවෙන් මිලියන 921 ක් පමණ වියදම් කර ඇති බවත් එයින් වියළි සලාක සඳහා මිලියන 30 ක් නිවාස සඳහා මිලියන 614 ක් ද , යටිතල පහසුකම් සඳහා මිලියන 114 ක්, වන්දි ගෙවිම සඳහා මිලියන 163 ක් වැය කර ඇති බව කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අරණායකදි පැවසිය. 15 May 2017
කඩුගන්නාවේදී දුම්රියට ගල්ගැසූ තරුණයන් 4 ක් අත්අඩංගුවට කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදි කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට ගල් ගැසූ තරුණයන් 4 දෙනෙකු කඩුගන්නාව පොලිසිය හා දුම්රිය විශේෂිත ආරක්ෂක ඡංගම සේවය මගින් කළ විශේෂ මෙහයුමකදි අත් අඩංගුවට ගන්නා ලද බව කඩුගන්නාව පොලිසිය කියයි. 15 May 2017
විග්නේශ්වරන් ෆෙඩරල් පාලනයක් ගැන ඇමරිකානු නියෝජිතයන් සමග සාකච්ඡාවක ඇමරිකානු කොන්ග්රස් මණ්ඩල සභිකවරයකු හා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිවරයා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 15 May 2017
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානම් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට පවතින බවත් සභානායක සහ මහාමාර්ග හා විශ්ව විද්‍යාල බාර අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. 15 May 2017
සිවාජිලිංගම්ගේ නාඩගම් ඩයස් පෝරාවෙන් වාසි ගන්නයි - ඇමැති රුවන් ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස භුක්ති විඳමින් උතුරේ පහන් පත්තු කරමින් ත්‍රිවිධ හමුදාව හෑල්ලු කරන්න ඉඩ නොදෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද අරණායකදී පැවැසීය. 14 May 2017
සයිටම් සම්බන්ධ තීන්දු තීරණ රැසක් හෙට මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් හෙට (15) ප්‍රකාශයට පත්කරන බව මහා මාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර දී අද(14) පැවැසීය. 14 May 2017
මහනුවර ප්රකාශනය එළිදකී එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපට භාග්‍යය ලැබුණු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ සමාප්ති උළෙලේ දී පැවසීය. 14 May 2017
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය කල්දමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හෙට (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ ඉල්ලීමක් මත කල්දැමූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 14 May 2017
පක්ෂයේ තීන්දු වලට පිටුපෑවොත් විනය පියවර ගන්න වේවි - සන්ධානයේ මහලේකම් එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධූර ලබා ගත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පක්ෂයේ තීන්දු වලට පිටුපා විනය විරෝධීව කටයුතු කරන්නේනම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න සිදු වන බව එක්සත් ජනතා සංධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. 14 May 2017
‘කැබිනට් සංශෝධන ගැන මම නම් දන්නේ නෑ‘ - රවී කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. 14 May 2017
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එජාපයට ගැනීමේ තැතක් මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා කියයි. 14 May 2017
‘ගීතාගේ ඉරණමෙන් අනෙක් මන්ත්‍රීවරුන්ට බලපෑමක් නෑ‘ ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ධූරවලට කිසිදු බලපෑමක් සිදුනොවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.මොහොමඩ් මහතා පවසයි. 14 May 2017
අගමැතිගෙන් අවුන්සාන් සුකීට ආරාධනාවක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මිය අතර අද(14) සාකච්ඡාවක් පැවැත්විණි. 14 May 2017
කෝටියක මත්කුඩු සමග පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ඩුබායි සිට කටුනායකට ගුවනින් රැගෙන එනු ලැබු රුපියල් කෝටියක් පමණ වටිනා බ්රව්රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්කුඩු කිලෝ 01ක් සමග පකිස්තාන ජාතිකයෙකු අද(14) රේගු මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගනු ලැබිණි. 14 May 2017
ඉන්දීය නෞකාවක් දකුණු මුහුදු තීරයේ ජලමාන සමීක්ෂණයක ශ්‍රී ලංකා-ඉන්දියා නාවික හමුදා අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කරමින් ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකාවේ වැලිගම මුහුදු බොක්ක හා දකුණු මුහුදු තීරය ආශ්‍රිතව ඒකාබද්ධ ජලමාන සමීක්ෂණයක් පවත්වා ඇත. මාස දෙකක් පුරා කරන ලද මෙම සමීක්ෂණයෙන් නාවික සැතපුම් 7000 ක පමණ ජලමාන සමීක්ෂණ දත්ත එකතු කර තිබේ. 14 May 2017
මත්ද්‍රව්‍ය අපරාධකරුවන් අල්ලන්න මහජන සහය පතයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ බවට සැක කරන දෙදෙනකුගේ ඡායාරූප විමර්ශන කණ්ඩායම් විසින් පොලිස් චිත්‍ර ශිල්පියකු ලවා සිතුවම් කරනු ලැබ තිබේ. 14 May 2017
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026