චන්දන ප‍්‍රනාන්දු
හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇති සැමියා බලන්න ගොස් තැරැව්කරුවෙක් මගින් ලබාගත් හෙරොයින් නිවසට ගෙන එමින් සිටි කාන්තාවක් සිරිගම්පළදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කාන්තාවකි.
හෙරොයින් ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු කණ්ඩායමක් සිරිගම්පළ ප‍්‍රදේශයේ මාර්ගයක රැක සිට එහි පැමිණි කාන්තාවක් පරික්ෂා කිරිමේදී කාන්තාවගේ තිසරපටය තුළ සඟවා ගෙන සිටි හෙරොයින් සොයා ගත් බව පොලිසිය කියයි.
බන්ධනාගාරයේ සිටින සැමියා මාර්ගයෙන් තොරතුරු ලබාගෙන මහමඟදී තැරැව්කරුවෙක් ලබාදුන් හෙරොයින් මෙලෙස නිවසට රැගෙන විත් පැකට්කර අලෙවි කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් නිවසට රැගෙන විත් පැකට්කර අලෙවි කිරීම අද ගෘහ කර්මාන්තයක් බවට පත් වෙලා. රටට වින කරන මේ කුඩු උවදුර මැඩලිය හැකි එකම ක්රමය නම් මේවා රට තුලට ගෙන එන අය අල්වා දැඩි දඬුවම් පැමිණීම පමණි. මේවට දේශපාලකයින් සම්බන්ධ නම්, ඔව්න්ගේ නම් ගම් එලි කල යුතුයි. එවැන්නක් නොකොට, මත් කුඩු භාවිතා කරන්නන් අල්වා සිරගත කිරීමෙන් මේ උවදුර කිසි දිනක නැති කල නොහැකියි.