( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් සළකා බැලීම හෙට (01) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
එම පෙත්සම අද (31) කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී මෙම පෙත්සම සළකා බැලීමෙන් තමන් ඉවත් වන බව විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේය.ඒ අනුව එය සළකා බැලීම හෙට දිනට කල් තැබුණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටා ඇහැගහගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති වෙන්න. ඇමරිකන් පුරවැසිකම අවලංගු කරගෙන ලංකාවේ පුරවැසිකම ලබාගත්තොත් විතරයි චන්දෙ ඉල්ලන්න පුළුවන්. මං හිතන්නේ ඇමරිකන් පුරවැසිකම ලංකාවේ අවුරුදු 10 ජනාධිපති කමට වඩා වටිනවා.
හමුදාවේ නොසිටියත් රනිල් වික්‍රමසිංහ මහතා සමහරුන් වගේ බය නැත. කීප වරක්ම උසාවියට ගොස් තම නිවැරදි භාවය පෙන්නුවා. බයේ උසාවිය මඟ හරින්න නීතියෙන් පිහිට පැතුවේ නැහැ.
මේවා තනිකරම දේශපාලන පලිගැනීම්. මෙතුමා විපක්ෂේ නිසා ඔක්කොම නඩු. බැරි වෙලාවත් ආණ්ඩුවට සහයෝගය දුන්නොත්, පොන්සේකා වගේ ඔය කිසි නඩුවක් නැ . ඇමති කමකුත් දෙය. එකය් පොන්සේකාට නඩු නැත්තේ.
වැරදි කරලා මොන ආකාරයකින් නිදහස් උනත් කවද හරි කල පව් ගෙවන්න වෙනවා
නීතිය සැමට සාධාරණ විය යුතුය. අපක්ෂපාතී විය යුතුය. ඝෝටා වේවා හෝ නොවේවා නීතිය කාටත් සමබරය. අධිකරණයේ නඩුවක් ඇසීම වලකා ඔවුන් නිදහස් කිරීමට ඉල්ලීම මොන තරම් නින්දිතද ? අධිකරණයටද නෛතික රාමුවෙන් පිට තීන්දු තීරණ ගත නොහැකි බව දන්නෝ දනිති. හොරා පොලීසිය දුටුවිට බියට පත්වේ. මෙයද එවැන්නකි. මෙහි විත්තිකරුවන් නිවැරදි නම්, අනිවාර්යයෙන්ම මේ නඩුවෙන් ඔවුන් දිනනු ඇත. මන්ද යත්,මොන ප්‍රශ්න තිබුනත්,මේ රටේ නීතියේ ආධිපත්‍යය පවතී. අගවිනිසුරු තනතුර දරන්නාව බෙල්ලෙන් අල්ලා එලියට දැමීමට අද කාටවත් බැරිය. එසේ කල අය වර්තමානයේ අධිකරණයට කල නොහැකි දේ ඉල්ලමින් හඬා වැටීම සැබවින්ම කල කම් පලදීමක් නොවන්නේද ? පුදුමය නම්,මේ රටේ සමහරක්ට ඇත්ත ඇති සැටි නොපෙනීමයි.