නිමන්ති රණසිංහ
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කළේය.
ඒ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බොගොල්ලාගම හා දියණිය වු දිල්හානි බොගොල්ලාගම යන අය අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් විය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කුරුදුවත්ත පොලිසියට සිදුකර තිබුණේ බෝගොල්ලාගම මහතාගේ පුත්රයාගේ බිරිඳ වු ගයාත්රී නිරංජනා සිරිවර්ධන යන අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ ගුවන යානයකින් බිස්නස් ක්ලාස් මැදිරියේ කොළඹට එන්න ඉඩ තියෙනවා මේ පුවත දැක්කහම.
මේ මිනිස්සුන්ට විරුද්ධව කවදාවත්ම අපේ රටේ නීතිය ක්රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙලා වැඩක් නෑ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණියට විරුද්ධව කවදාවත්ම අපේ රටේ නීතිය ක්රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. අපේ රටේ නීතිය හරියට ක්රියාත්මකේ වෙන්නේ නැහැ.
අපේ රටේ නීති දෙකක් ක්රියාත්මක වන බව ඇමතිවරයෙක් ලඟදි කියලා තිබුනා. .
දැන් පැය 24 ගිහිල්ලා. තවම අත්අඩංගුවට අරගෙන නැහැ. අපේ රටේ නීති දෙකක්. අඹ ගෙඩි 3 ට වහාම අත්අඩංගුවට ගත්තා.